Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඒ සමාජ – දේශපාලන අරගලයෙන් බිඳක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඒ සමාජ – දේශපාලන අරගලයෙන් බිඳක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අකුරු දි​ගේඅතිරේක

ඒ සමාජ – දේශපාලන අරගලයෙන් බිඳක්

June 29, 2025
114 Views

ඔබට ප්‍රේමයේ වියෝ දුක් මට!

ලූෂන් බුලත්සිංහලට සවන් දෙන්න

“කලාවේ ලකුණු නොහඳුනන රාෂ්ට්‍ර පාලකයන්ගේ මාර්ග දේශකත්වය අනුව හැඩගැසෙන්ට වුවහොත් පොදු ජන රුචිය අනුව එය හැඩගැස්වීමටත් වඩා විශාල විපතක් සිදුවීමට ඉඩ තිබේ. ඔවුන් සාහිත්‍යයේ විෂය සීමා කරන්ට පුළුවන. අහවල් මාතෘකා පමණක් සාහිත්‍යයට විෂය යුතු යැයි ඔවුන් නියෝග කරන්ට පුළුවන. සාහිත්‍යයේ පිළිබිඹු විය යුත්තේ අසවල් පන්තිවලට අයත් අයගේ ජීවිතය පමණක්ය. නැතහොත් සාහිත්‍යයෙහි පිළිබිඹු විය යුත්තේ පන්ති සටන වැනි කරුණු පමණක්ය යන ආදී අණපනත්වලට ලේඛකයාට යටත් වන්ට සිදුවිය හැකිය” (කල්පනා ලෝකය පිටුව 7).

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සිය කල්පනා ලෝකය නමැති කෘතියෙහි කලාකරුවාගේ නිදහස හා රාජ්‍ය මැදිහත්වීම්වල ආදීනව වශයෙන් දක්වන මේ අර්ථපූර්ණ විවරණය අප උපුටා ගත්තේ සුවිශේෂ හේතු කීපයක් නිසාය. පළමු වැන්න, මේ රටේ බහුජන ප්‍රසාදයටත් අවධානයටත් ලක්වූ ලූෂන් බුලත්සිංහලයන්ගේ සෞන්දර්ය භූමිකාව හා එවක පැවති පාලකයන් අතර ඇති වූ ගැටුම්, මතවාද ආදිය සම්බන්ධයෙන් ඔහු විසින්ම කරනු ලබන අනාවරණයන්ය. ඔහුගේ දශක පහකට නොඅඩු අත්දැකීම් පමණක් නොව, ස්ත්‍රී – පුරුෂ ප්‍රේමයේ සුකුමාරත්වය, ප්‍රකම්පනය සම්බන්ධයෙන් ද ඔහු එහිදී සහෘද රසික ප්‍රජාවට සිය හෘදය විදාරණය කළ අයුරු විටෙක ශෝකීය නාටකයක් වැන්න. එසේම ඍජුව ද අභීතව ද ඇතැම් දේශපාලන විතණ්ඩවාදීන් අබිබවා ලූ ආකාරය ද ඔහු දක්වන්නේ සදය උත්ප්‍රාසයකින්ය. ඔහු සිය කෘතිය නම් කරන්නේ ‘දවා හළු කළ නොහැක’ – ලූෂන් බුලත්සිංහලගේ ‘මතක’ යන අර්ථපූර්ණ අලංකාර යෙදුමකිනි.

ලූෂන් බුලත්සිංහල යනු නාට්‍ය, සිනමාව, ටෙලිනාට්‍ය, ගීතය, ඔපෙරාව, රූපණය හා විiුත් සන්නිවේදනය ඇතුළු සෞන්දර්ය කලා භූමිකාවන් රැසක සංස්කෘතික කලා ප්‍රාග්ධනයක සාඩම්බර හිමිකරුවෙකි. එනිසාම ඔහු ශ්‍රී ලාංකික රසික සහෘද ප්‍රජාවගේ කලා රසඥතාව වර්ධනය කිරීම උදෙසා කැප වූ සද්කලාකරුවෙක් ද වේ. කලාත්මක නිර්මාණයක් යනු, දුර්ලභ ප්‍රතිභාවක ද පුද්ගල පරිකල්පනයෙහි අග්‍රහාරයක් ලෙස ද පිළිගනු ලබන අසාමාන්‍ය අප්‍රමාණ දායාදයකි. එහි නිදන් වූ රමණීයත්වය – ජීවන ධාරිතාව මෙ’විතර යැයි නිශ්චිතව කිව නොහැක්කේය. ලූෂන් ඒ සද්කලාව සඳහා කැපවූවෙකි. එනිසාම නිලධාරීන් සමග ද පටු දේශපාලන ආකල්ප සමග ද ඔහුට ගැටීමට සිදුවී ඇත. හැත්තෑව දශකයෙන් පසු මෙරටේ බලයේ සිටි පාලකයන්ගේ ආශීර්වාදය හෝ අනුග්‍රහය යටතේ සිදුවූ මර්දනකාරි ක්‍රියාකාරම් මෙන්ම බුද්ධිමය සංවාද දුබල කිරීම වර්ධනය වූ ආකාරය ලූෂන් සිය කෘතියෙහි පෙන්වා දෙයි. ඇත්ත වශයෙන්ම සුභාවිත කලාව පසුබස්වා ප්‍රචාරකවාදී විසූක දස්සන සඳහා පාලකයන් විසින් දක්වන ලද කැමැත්ත ලූෂන්ගේ විරෝධයට හේතු වී ඇත. හැත්තෑව දශකය ආරම්භයේදීම ගුවන්විදුලියට එක්වන ඔහුට එහි නිලධාරීන් සමග ගැටෙන්ට සිදුවන්නේ සත්‍යය හා යුක්තිය උදෙසායි. ගුවන්විදුලි මැදිරි තුළ දුම්බීම තහනම්ය. එහෙත් ඒ නියෝගය ඉඳහිට කැඩූ අයෙක් ද විය. ඔහු අන් කවුරුවත් නොව, ජනතා ආදරයට ලක්වූ ප්‍රේමකීර්ති ද අල්විස්ය. මේ හොර අල්ලන්ට ආ ඉහළ නිලධාරියාට ප්‍රේමකීර්ති පවා නොදීම නිසා ලූෂන් එවක ගුවන්විදුලි බලධාරීන්ගේ උදහසට ලක්ව ඇත. කිසිදු පදනමක් නොමැතිව රාජකාරි පැහැර හැරීමේ චෝදනාවක් ලූෂන්ට ඉදිරිපත් වූයේ මේ නිලධාරීන්ගේ ද දායකත්වය ඇතිවය. එහෙත් එය නිෂේධ කිරීමට ලූෂන්ගේ මිත්‍ර සමාගමේ ඇසුරෙන් ඔහුට හැකි වී ඇත.

ලූෂන් ගුවන්විදුලියට සම්බන්ධ වූ යුගයේ සුගතපාල ද සිල්වා, සුනන්ද මහේන්ද්‍ර (පසුව ඔහු විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට එක්විය), මඩවල රත්නායක, ඩෝල්ටන් අල්විස්, දයානන්ද ගුණවර්ධන, විමල් අබේසුන්දර, ගුණදාස කපුගේ, දයාරත්න රණතුංග, තිලක් ජයරත්න වැනි ප්‍රබල ශිල්පීහු ද වූහ. (තවත් නම් ගණනාවක් ම දක්වා ඇත). මේ නාමාවලිය දකිනවිට ඒ යුගයේ මෙ’රටේ කලා ක්ෂේත්‍රවල නොයෙක් දස්කම් විස්කම් පෑ අයගැන ද අපේ මතකයට නැඟෙයි. සංගීත හා නාට්‍ය වැඩසටහන්වල තත්ත්වය ඉහළ නැංවීමට මේ අය කැප වූ බවත් ඒ නිසාම තමන්ට ‘සඳැල්ල’ වැනි විශේෂාංග ඉදිරිපත් කිරීමට උත්තේජනයක් ලැබුණු බවත් ලූෂන් සඳහන් කර ඇත. ගුවන්විදුලි ශිල්පියකු ලෙස සිටි ලූෂන් වේදිකාව කෙරෙහි පෙම් බැඳ ගන්නේ ද ප්‍රකට නාට්‍යවේදී සුගතපාල ද සිල්වා නිසාය. ඔහු ඒ පිළිබඳ කරන අවධාරණය ඉතා වැදගත්ය. එනම් සුගතපාල ද සිල්වා යනු, නාට්‍ය ශිල්ප අභ්‍යාස ආයතනයක් බවය. ලූෂන් ඔහුගේ නාට්‍යවලට ද නළුවෙක් ලෙස එක්වීමේ වරම් ලද්දෙකි. මේ සියල්ල තුළින් ලූෂන්ට ගුවන්විදුලි ජීවිතය මෙන්ම සමාජ – දේශපාලන සවිඥාන භාවය ලබා ගැනීමට ද හේතු වී ඇත. එහෙත් ඔහුගේ විද්‍යුත් මාධ්‍ය ජීවිතයේ අතිශය අභියෝගාත්මක පරිච්ඡේදය එළැඹෙන්නේ ඔහු රූපවාහිනියට සම්බන්ධ වීමත් සමගය. ඒ අසූවේ දශකයයි. ගුවන්විදුලියට වඩා දේශපාලන අතපෙවීම් එහි සිදුවිය.

ඇත්ත වශයෙන්ම මෙරටේ මාධ්‍ය ආයතන කෙබඳු ඕපා දූප ගුහා බවට පත්ව තිබේදැයි ලූෂන් ගුවන්විදුලිය හා රූපවාහිනිය සම්බන්ධයෙන් කර තිබෙන අනාවරණයන්ගෙන් වුවද තහවුරු වේ. රූපවාහිනිය ආරම්භයේ සිටම අවිධිමත් පත්වීම්, උසස්වීම් නිසාම ආයතනයක් ලෙස පිරිහී තිබුණු බව ලූෂන් පෙන්වා දෙයි. එසේ වුවද රූපවාහිනි මාධ්‍ය ක්ෂේත්‍රය විවිධ අංශ පිළිබඳව විදේශීය පුහුණුවීම් ඇතුළු නව තාක්ෂණවේදය පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් ලබාගැනීමට ද රූපවාහිනිය නිසා ලූෂන්ට අවකාශ ලැබී ඇත. ඒකාංගික හා දිගු ටෙලිනාට්‍ය ගණනාවක්ම නිර්මාණය කිරීමට ද ඔහුට එහිදී අවස්ථාව ලැබුණි. එහෙත් රූපවාහිනිය ඇතුළත ලූෂන් විරෝධී මෙහෙයුමක් ද තිබී ඇත. එයට හේතු වූයේ, ලූෂන්ගේ බිරිඳ අනුලා හා දරුවන් දෙදෙනා එක්ව සිටි නිර්මාණ සඳහා රූපවාහිනිය යොදා ගන්නා බවට වූ විවේචනයකි. එකල මෙය හඳුන්වා ඇත්තේ ‘බුලත්සිංහලකරණයවීම’ යන අවමාන සහිත යෙදුමකිනි. සාමාන්‍යයෙන් ඒ යුගය වනවිට ගුවන්විදුලි හා රූපවාහිනි මාධ්‍යවල අඹු – සැමියන් සේවය කිරීමත් එනිසාම ඔවුන්ගේ දරුවන් හෝ සමීපතමයන් විවිධ වැඩසටහන්වලට එක්වීමේ ප්‍රවණතාවක් ද තිබුණි. ලූෂන් සම්බන්ධයෙන් ගත්විට ඔහුගේ බිරිඳ අනුලා බුලත්සිංහල ද නිළියක් හා ගායිකාවක් ලෙස ප්‍රකටව සිටියාය. පුත් හර්ෂ හා දියණිය ඉන්ද්‍රචාපා ද සංගීත ක්ෂේත්‍රයට එක්ව සිටි අය වූහ. මේ නිසා බුලත්සිංහල පවුල රූපවාහිනිය බදු ගෙන ඇතැයි මතුපිටින් බලා චෝදනා කිරීමට ද අවස්ථාව ලැබුණි. කුමක් වුවත් එදා පැවති එජාප පාලනය මෙන්ම චන්ද්‍රිකා පාලන සමයේදීත් ලූෂන් දඩයම් කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක වූ අයුරු ඔහු සඳහන් කර ඇත.

කෙසේ හෝ මෙරටේ ගුවන්විදුලිය විවාදාත්මක මාතෘකාවක් බවට පත් වන්නේ එජාප (1965-1970) හා ශ්‍රීල.නි.ප. (1970-1977) යුගවල සිටය. ඒ පරිහානියේ ගමන වර්ධනය වූයේ 1977න් පසුවය. එසේ වුවද හැත්තෑවේ දශකය ආරම්භයේ ගුවන්විදුලිය (එවක රූපවාහිනිය නොවීය) ආණ්ඩුවල ප්‍රමාණයට අමතරව ජනතාව සඳහා හොඳ වැඩසටහන් ද විකාශය කළ බව කිව යුතුය.

හැත්තෑව දශකයේ ගුවන්විදුලි සංගීතය ජාතික අපේක්ෂාවන් හා සෞන්දර්යාත්මක ගුණය මූර්තිමත් කරන විචිත්‍ර අංගවලින් සමන්විත වූ බව ඒ පිළිබඳ සිදුකළ විමර්ශනවල සඳහන් කර ඇත. එහෙත් 1977න් ඇරඹුණු යුගය යහපත් නොවූ බව එජාපයේම ප්‍රබලයකු වූ වි.ජ.මු. ලොකුබණ්ඩාර ද පවසා තිබේ. පරාජිත ප්‍රේමයේ කෙඳිරිලි හා ආලයේ බොළඳ හැඟීම් පදනම් ගීත එකල ගුවන්විදුලිය ආක්‍රමණය කළ බවද සඳහන් වේ. (1982 – තරගෙහි 16 කලාපය). ගුවන්විදුලිය මෙරටේ ආරම්භ වූ දා සිටම හැත්තෑහතේ අවසානයතෙක්ම සිංහල ශ්‍රාවකයන්ගේ උසස් වින්දනයට කැප වූ ප්‍රධාන ආයතනය විය. ගුවන්විදුලි නාට්‍ය, ජනසාහිත්‍ය, විශ්ව සංගීතය ඒ වැඩසටහන් අතර සුවිශේෂ විය. ලූෂන් සිය අත්දැකීම් සමග ඒ සමාජ – දේශපාලනය පිළිබඳ ඇඟවීම් ද කර තිබේ. කුමක් වුවත් ඒ ආයතන අද දවසේ ක්‍රියාත්මක වන්නේ ද බලයේ සිටින ආණ්ඩුවට කීකරු වූ ඒ පැරණි රාමුව තුළමය. ඒ ගැන වෙනම කතා කළ යුත්තකි.

ලූෂන්ගේ මතක පොතේ වඩාත් විචිත්‍ර මෙන්ම සංවේදී තොරතුරු ලෙස ඔහුගේ ජීවිතය – ප්‍රේමය හා නාට්‍ය කලාව සම්බන්ධ අනාවරණයන් ද අපට හමුවෙයි. ලූෂන් පවසන පරිදිම ප්‍රබන්ධයකට වඩා සත්‍යය කතාවක් ලෙස ගෙතීම අසීරුය. පාසල් ප්‍රේමයත් එහි වඩාත් ගැඹුරු තලයකට අයත් යෞවන ප්‍රේමයන් ශෝකී නාටකයක් ලෙස වාග් චිත්‍රයට නංවන ලූෂන් සිය ප්‍රේමය සෝකාන්තයක් ලෙස පාඨක හද තැන්පත් කරන්නේ කඳුළක් ද සමග යැයි මට සිතේ. ලූෂන්ගේ ප්‍රේම පුරාණය ඔහු ඉදිරිපත් කර ඇත්තේ ද නාට්‍යමය ස්වරූපයකින්ය. ඔහුගේ මෙන්ම මිතුරිය අතර වූ ආදරයේ ආරම්භය මෙන්ම අවසානය වෙත පාඨකයා කැඳවා ගෙන යන්නේ යෞවන ප්‍රේමයේ සුන්දරත්වය, ගුප්ත බව මෙන්ම එහි පත්ලෙහි වූ බොරදිය ද නොකැළඹෙන අයුරින්ය.

ලූෂන් ප්‍රේම කතා තුනක් ලෙස එනම් ආදර කතා – එක දෙක හා තුන ලෙස බෙදා තිබුණත් වඩා සංවේදී ආදර කතාව වන තුන්වැන්න සමග ඒකාත්මික වීමේ අවස්ථා වැඩිය. ඔහු කිසිවිටෙක සිය ආදරවන්තියගේ නම සඳහන් නොකරයි. එහෙත් ඒ නම සමග බැඳුණු සිතුවීම් ක්‍රමය ඔස්සේ ප්‍රබුද්ධ පාඨක මනසෙහි ඇගේ රුව සටහන් වේ. වඩාත් සාහිත්‍යමය අලංකාරයක් යොදා කිවහොත් ඒ සැළ මුතුනුගිනුරා ප්‍රේමය දම් පැහැයෙන් ගලා බස්නා සඳ එළියක් සේ ලූෂන් විඳින්නෙහිය. හේ හද රිඳුම් සියල්ල දරා එදෙස බලන්නෙහිය. නිසැකයන්ම ප්‍රේමය අපි කෙලෙස නිර්වචනය කරන්නෙමුද?

මහාචාර්ය සරච්චන්ද්‍රයන් මෙසේ කියති.

ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ
රිසි වූ කෙනෙකුට පූජාකරන්ට
ලෝබ සිතින් තොර පිදුවමනාවේ
පෙරළා ලබන්ට නොසිතා බිඳකුත්

මහාචාර්ය සුනිල් ආරියරත්නයෝ මෙසේ දකිති.

ප්‍රේමය නම් රාගයෙන් තොර
සඳ එළිය සේ අචින්තයයි

වාල්මිකී සෘෂිවරයාණන් රාමායණය ලියුවේ පෙම් රැහැනින් බැඳි කුරුලු යුවළක කුරුල්ලා රුදු හී සරයකින් විද බිම හෙළුෑ මොහොතෙහි ඒ කිරිල්ලිය වියෝවින් හඬනු දැකගත උපන් ශෝකයෙනැයි සඳහන් වේ. වාල්මිකීගේ මුවින් ගලා ගිය ඒ ශ්ලෝක රාමායණය සේ අපි විඳිමු. ලූෂන් පසුකාලීනව ලියූ දම් පාටින් ළා සඳ ගීතයෙහි එන බිත්ති පුරා ඔබ සෙවණැලි ඇන්දේ තනිය මකා ගන්නයි යන පද වැල තුළ දිදුලන්නේ එවන් ආධ්‍යාමික ප්‍රේමයක් බව මට හැඟේ.

ලූෂන්ගේ ජීවිත අත්දැකීම්වලින් බිඳක් දැක්වෙන මේ කෘතියෙහි ඔහුගේ සුරම්‍ය වූද ප්‍රේමණීය වූද ගීතය අමතක කර තිබෙන සෙයකි. එහෙත් ඔහු එක් සිදුවීමක් සිහිකරයි. සිය දියණිය සමග ඇවිද යන දිනයක මාවතේ ඉදිරියට ඇදුණු වාහනයේ රිය සකට හසු වී විසිවන වැසි ජලය ඔහුගේත් දියණියගේත් ඇඟට විසිවෙයි. ඔහු හිස ඔසවා බලද්දී ඉදිරි අසුනෙහි ඔහුගේ පැරණි මිතුරිය පෙනුණි. “අපේ සබඳකම් නෑ රිය සක දන්නේ” ඔහු ගීතයකට ඒ අත්දැකීම යොදා ගනී. ලූෂන් ලියූ “පිපුණු මලේ රුව – හැන්දෑ අහස, පුන් පෝදා, ඔසරි පොටින් අදින්නෙපා වුවද ඔහුගේ අගනා කවිත්වය විෂද කරවන අයුරු සුපැහැදිලිය. ඔහු ලියූ “මරණ තුනක් ඇති මිනිසා” වාරණයට පවා ලක්වූ අයුරු අපට මතකය. ගීත සාහිත්‍යයට ඔහු ලබාදුන් දායකත්වය රසිකයන්ගේ මෙන්ම විචාරකයන්ගේ ද පැසසුමට ලක් වූවකි.

මේ සටහන නිම කිරීම සඳහා ඔහුගේ දුක් දොම්නස්, කඳුළ, සුසුම හා බැඳුණු නාට්‍ය භූමිකාව ගැන ද යමක් සඳහන් කළ යුතුය. ලූෂන් ඒ පිළිබඳ විවිධ අනාවරණයන් ද කර තිබේ. නොනිවෙන ගිනි – රතු- හැට්ටකාරි, තාරාවෝ ඉගිළෙති හුදු නාට්‍ය පමණක් නොව නාට්‍යකරුවකුගේ අභියෝගාත්මක චර්යාව පිළිබඳ අනාවරණයක් ද වේ. මේ ඇතැම් නාට්‍ය එවක නාට්‍ය බලධාරීන් කුපිත කරවන ලද අයුරු ද ලූෂන් දක්වයි. රතු හැට්ටකාරී නිසා නාට්‍ය විනිශ්චය මණ්ඩලය බෙදී ගිය ආකාරය ද ඔහු නම් ගම් සහිතවම දක්වා ඇත. තාරාවෝ ඉගිළෙති තරම් ලූෂන්ට තැවුල්, අර්බුද, අලාභ සිදුකළ නාට්‍යයක් නැති බවද පෙනුණි. තාරාවන් ඔසවා තැබූ සමකාලීන මිතුරෝම ඔහුට එරෙහිව අවි ගත්හ. ප්‍රේක්ෂකයන් පවා අනාථ කර නාට්‍ය දර්ශන අත්හිටුවූ තාරාවෝ කණ්ඩායම ගැන ලූෂන්ගේ තැවුල අප්‍රමාණ බවද හැඟේ. සිය කුටුම්බය දෙදරා යෑමට ද “තාරාවෝ” හේතු වූ බව ඔහු කල්පනා කරයි.

කෙසේ හෝ ලූෂන්ගේ ආවර්ජනයන් ඔස්සේ අප අබියස දිගහැරෙන්නේ මෙරටේ හැත්තෑව දශකයෙන් පසු බිහි වූ සමාජ – දේශපාලනයේ විවිධ රූප පෙළකි. කලාවට, කලාකරුවාට සිදු වූ ඒ පීඩාකාරී පාලන යුග සමග බැඳී සිටි නිලධාරි පෙළක් ද වූහ. කුමක් වුවත් එදා අප දුටු ඒ සමාජ – දේශපලාන අඳුර අදත් පහ වී නොමැති බවද හැඟේ. කුමක් වුවත් මගේ මෙම සටහනට හසුනොවූ බොහෝ කරුණු ද වේ. ඒ සියල්ල මෙවන් සටහනක කෙසේ දක්වම් ද?

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025

හිතුවක්කාර ලෙස දුම්රිය ඇද්දීමෙන් කුඩා දරු දෙදෙනෙක් අතරමං වෙති

June 26, 2025
Related News
අතිරේක විශේෂාංග

දෑස රවටන නිසරු මිරිඟුව හැඳින, දුරලමු මිනිසුනේ

අකුරු දි​ගේ අතිරේක

ජයතිලක සාහිත්‍ය

අතිරේක මීවිත

ලකාගෙ වැඩවල මට හම්බවුණේ දුවන්නමයි… – අංජන ප්‍රේමරත්න

අතිරේක මීවිත

ආලවන්ත වීදියේ සින්දු ලියන දොස්තර…

අතිරේක මීවිත

අම්මා සින්දුවේ දර්ශනයේදී ඇත්තටම ඇඬුණා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok