ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ යන පංච මහා භූතයන්ගේ පාලනය ශරීරය තුළ ඇති කිරීමට ඍෂිවරු ලබාදුන් ප්‍රතිකාර ක්‍රමය මුද්‍රා වේ. මෙම මුද්‍රා මගින් ශරීරය තුළ පංච භූත පාලනය මෙන්ම සමබරතාවය ද ඇති වේ. මුද්‍රා ක්‍රියාකාරිත්වය දෙඅත්වල ඇඟිලි හා සම්බන්ධ වේ. එම ඇඟිලි තුඩු තෙරපීම මත සිරුරට හානි කරන ප්‍රබල රෝගකාරක නැති වී යයි. මෙය පිරිමි, ගැහැනු, ළමයි, තරුණ, මහලු යන සෑම දෙනාම පාහේ නීරෝගීකම වෙනුවෙන් හා ආත්මයේ දියුණුව වෙනුවෙන් භාවිත කිරීම මුද්‍රාවල විශේෂත්වයයි.
මුද්‍රා විවිධ අවස්ථාවන්වලදී භාවිත වේ. ඒ අතර නර්තනයේ යෙදෙනවිට, සංගීතයේදී, යෝග අභ්‍යාසවල, මෝහන ප්‍රතිකාර ක්‍රම, නිල උත්තේජනය කිරීම්, කුණ්ඩලිනී යෝග අභ්‍යාසවලදී, මුද්‍රා නාට්‍ය හා චීන කුංෆු සටන් ක්‍රම විශේෂ වේ. නර්ථනයන් අතර භාරත නැටුම් ක්‍රමයේදී මුද්‍රා 250ක් 300ක් අතර ප්‍රමාණයක් භාවිත කරයි.
යෝග මුද්‍රාවේ ආසන ක්‍රම ගණනාවක් වුවද වඩා සුලබ ආසන ලෙස සුවාසනය, වජ්‍රාසනය, පද්මාසනය, ස්වස්ථිකාසනය හා සිද්ධාසනය සැලකිය හැක. ඉහත ආසනවලින් එක් ආසනයක සිට මුද්‍රා විධි භාවිත කරයි.
මුද්‍රා විධි භාවිතය සඳහා හස්තයේ ඇඟිලි භාවිතය කරයි. එම ඇඟිලි හඳුනාගැනීම මුලින්ම කළ යුතුයි. එහිදී පංච භූත තත්ත්වයන් ඇඟිලිවලින් නිරූපණය වන්නේ කෙසේද යත් තේරුම් ගතයුතුයි.
හස්තයේ සුලැඟිල්ලෙන් ආකාශ ගුණය ද, මහපට ඇඟිල්ලෙන් පඨවි ගුණය ද, දබර ඇඟිල්ලෙන් ආපෝ ගුණය ද, වෙදඟිල්ලෙන් වායෝ ගුණය ද, මැදඟිල්ලෙන් තේජෝ ගුණය ද, වේ. සුලැඟිල්ල බුධැඟිල්ල ලෙසත්, මහපට ඇඟිල්ල සිකුරු ඇඟිල්ල ලෙසත්, දබර ඇඟිල්ල ගුරු ඇඟිල්ල ලෙසත් වෙදඟිල්ල රවි ඇඟිල්ල ලෙසත්, මැදඟිල්ල ශනි ඇඟිල්ල ලෙසත් සාමුද්‍රිතා ශාස්ත්‍රයේ හඳුන්වයි.
“ස්වාරාත්ම” ඍෂි විසින් යෝග මුද්‍රා ක්‍රම රාශියක් පිළිබඳ ග්‍රන්ථාරූඪ කළ බව ඉතිහාසයේ සඳහන් වේ. ඒ අතර අද සමාජයේ ජනයා අතර බහුලව භාවිත වන මුද්‍රා ක්‍රම කිහිපයකි. ඒවා නම් ප්‍රාණ මුද්‍රාව, වායු මුද්‍රාව, ආකාශ මුද්‍රාව, ශුන්‍ය මුද්‍රාව, සුරස මුද්‍රාව, පාර්වතී මුද්‍රාව, ඥාන මුද්‍රාව, වරුණ මුද්‍රාව ආපාන මුද්‍රාව හා ලිංග මුද්‍රාවයි.
පොදුවේ මුද්‍රා භාවිතය මගින් මානසික, කායික, අධ්‍යාත්මික වර්ධනයට හේතු වන අතර ශරීර ශක්තිය උත්පාදනයට, වා, පිත්, සෙම් දෝෂ සමනයට ප්‍රතිශක්තිකරණ පද්ධතිය නියමාකාරව ක්‍රියා කරවීම, රෝග බෝ නොවීම, ස්නායු පද්ධතිය පිරිසුදු කිරීම, දැනුම වර්ධනය, ශක්ති වර්ධනය ආදිය ලබාදුන්න ද, එක් එක් මුද්‍රා ක්‍රම මගින් විවිධ රෝගාබාධවලට සහන උදාවේ. ඒ මොනවා දැයි දැන ගැනීමට මුද්‍රා වෙන වෙනම අධ්‍යයනය කළ යුතුයි.
ප්‍රාණ මුද්‍රාව
ප්‍රාණ මුද්‍රාව ජීවන මුද්‍රාව ලෙස ද හඳුන්වයි. සුලැඟිල්ල හෙවත් බුධ, ඇඟිල්ලේ තුඩ, වෙදඟිල්ල හෙවත් රවි ඇඟිල්ලේ තුඩ මගින් මහපට ඇඟිල්ල හෙවත් සිකුරු ඇඟිල්ලේ තුඩ ස්පර්ශ කිරීමයි. අනෙක් ඇඟිලි දෙක එනම් ගුරු ඇඟිල්ල හා ශනි ඇඟිල්ල කෙලින් තිබිය යුතුයි. මෙම මුද්‍රා ක්‍රමය මිනිත්තු 30ක් 50 ක් අතර කාලයක් සිදු කිරීම ප්‍රමාණවත් වේ. මෙම මුද්‍රා ක්‍රමය මගින් ශරීරයේ දුර්වලතාවයන් ඉවත් කරයි. මානසික පීඩනය පහවෙයි. මනසේ ඇති අශුභවාදී සිතුවිලි ඉවත් කරයි. ඇස් පෙනීම වර්ධනය කරයි. ඇස්වල සුදහට නොගන්නා අතර දුර ළඟ නොපෙනීම දුරු කරයි. ස්වාස නාළය ශක්තිමත් කරයි. විටමින් ඌනතාව ඇති නොවේ. නීරෝගී භාවය, ක්‍රියාශීලීභාවය, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි කරයි. කුසගින්න හා පිපාසය අඩු කරයි. දියවැඩියා රෝගීන්ට මෙන්ම අංශභාග රෝගීන්ට ඉතා සුබය. රුධිරය පිරිසිදු කර රුධිර සංසරණය යහපත් කරයි. ශරීරයට දැනෙන අධික වෙහෙස නැති වී යයි.
වායු මුද්‍රාව
දබර ඇඟිල්ල හෙවත් ගුරු ඇඟිල්ල අල්ල දෙසට නවා මහපට ඇඟිල්ලෙන් එනම් සිකුරු ඇඟිල්ලෙන් එම දබර ඇඟිල්ල ඇතුළට තෙරපන්න. මෙම මුද්‍රා ක්‍රමය සිදු කිරීමේදී වජ්ද්‍රාසන ආකාරයට හිඳීම සුදුසුය. මෙය මිනිත්තු 50ක් පමණ කිරීම ප්‍රමාණවත්ය. වායු මුද්‍රාව ශරීරයේ ආමවාතය පාලනයට, සිරුරේ වේදනා, දණහිස් සන්ධි වේදනා, කොන්දේ වේදනා ආදිය සමනයට හා හෘදයාබාධ පාලනයට උපකාරී වේ. ආහාර දිරවීම පහසුවේ. සිරුර පැහැපත් වීම ද සිදුවේ. ඇතැමුන් මෙම වායු මුද්‍රාව පද්මාසනයෙන් හෝ සිද්ධාසනයෙන් වාඩි වී සිදු කිරීම ද දැකිය හැක.
ආකාශ මුද්‍රාව
මැද ඇඟිල්ල හෙවත් ශනි ඇඟිල්ල අල්ල දෙසට නවා එහි තුඩ හා සම්බන්ධ කිරීමයි. මෙම මුද්‍රා ක්‍රමයෙන් මිනිත්තු 50ක් පමණ සිටීම වටී. නමුත් මෙම ආකාශ මුද්‍රාව ඇවිදිමින් හෝ ආහාර ගත් විගස සිදු නොකළ යුතුයි. මෙම මුද්‍රාව මගින් ශ්‍රවණ ශක්තිය දියුණු වේ. අස්ථි ශක්තිමත් වේ. සිතට දැනෙන හිස්බව දුරලයි. කනෙන් ශ්‍රාවය හෙවත් සැරව ගැලීම සුව කරයි. කන් රුදාව සමනය කරයි. හෘද රෝග සුව කරයි. මෙම ආකාශ මුද්‍රාව සඳහා බොහෝ දෙනෙක් වජ්‍රාසන ක්‍රමයට වාඩි වීම දැකිය හැක.
ශුන්‍ය මුද්‍රාව
මැදඟිල්ල හෙවත් ශනි ඇඟිල්ල අල්ල තුළට නවා සෙසු ඇඟිලි ඍජුව තබා ගනිමින් සිකුරු ඇඟිල්ලෙන් මැද ඇඟිල්ලේ නිය පොත්ත තද කිරීමයි. මෙය ආකාශ මුද්‍රාවෙන් වෙනස් වන්නේ සුළු වශයෙනි. නමුත් මුද්‍රා දෙකකි. ලැබෙන ඵලය ද වෙනස් වේ. ශුන්‍ය මුද්‍රාව මගින් උගුර හා තයිරොයිඩ් ග්‍රන්ථිවල යහපත් ක්‍රියාකාරිත්වය ලැබේ. විදුරුමස් ශක්තිමත් වන අතර කන් ඇසීම ද ක්‍රමවත් වේ. මෙය මිනිත්තු 50ක් පමණ සිදු කිරීම යෝග්‍යය වේ. ආසනය ලෙස වජ්‍රාසනය සුදුසුය.
සුරස මුද්‍රාව
වෙදඟිල්ල හෙවත් රවි ඇඟිල්ල අල්ල තුළට යවා මහපට ඇඟිල්ලෙන් වෙදඟිල්ලේ නියපොත්ත උඩින් තද කිරීමයි. අනිත් ඇඟිලි තුන ඍජුව තිබිය යුතුයි. මෙම මුද්‍රාව දිනකට මිනිත්තු 15ත් 30ත් අතර කිරීම ප්‍රමාණවත්ය. සුරස මුද්‍රාව මගින් තරබාරුව පාලනය කර සිරුර සමබර කරයි. සිරුරේ සම්මත උෂ්ණත්වය පවත්වා ගනී. ජීර්ණය පහසුවේ. ආතතිය පාලනය කරයි. ශරීර ශක්තිය වැඩි වන අතර සූර්යයාගේ ශක්තිය ද ශරීරයට උරා ගනී. තවද පඨවි ධාතුව අඩු වැඩි වීමෙන් හටගන්නා රෝග සියල්ල ද සමනය වී යයි.
පාර්වතී මුද්‍රාව
මෙයද සුරස මුද්‍රාවට බෙහෙවින් සමානය. නමුත් ශරීරයට ලැබෙන ගුණ වෙනස්ය. පාර්වතී මුද්‍රාවේදී වෙද ඇඟිල්ලේ තුඩ මහපට ඇඟිල්ලේ තුඩ සමග සම්බන්ධ වීමයි. මෙහිදී අනෙක් ඇඟිලි තුන ඍජුව තිබිය යුතුයි. මෙම මුද්‍රා ක්‍රමය මගින් සිරුර ශක්තිමත් කරයි. නීරෝගී කරයි. අධික කෙසඟකම හා තරබාරුව පාලනය කරයි. පීනස හා සෙම පාලනය සිදුවේ. දිනෙන් දින රුව වඩවනු ඇත. මෙම මුද්‍රා ක්‍රමය කැමති ආසනයකින් මිනිත්තු 25ක් පමණ කිරීම ප්‍රමාණවත්ය.
ඥාන මුද්‍රාව
මහපටැඟිල්ල දබර ඇඟිල්ලෙන් ස්පර්ශ කිරීම හා අනෙක් ඇඟිලි තුන දිග හැර තබිය යුතුය. මෙය වායු මුද්‍රාව නොවන බව වටහා ගතයුතුයි. මහපට ඇඟිල්ලේ තුඩෙහි පිටියුටරි ග්‍රන්ථයේ කේන්ද්‍රීය ස්ථානය බැවින් එම ග්‍රන්ථිය හොඳින් ක්‍රියා කිරීම මෙම ඥාන මුද්‍රාව මගින් සිදුවේ. පුද්ගලයාට මතක ශක්තිය වැඩිවීම, හොඳින් නින්දයාම, මනසේ ඒකාග්‍රතාව පවත්වා ගැනීම, මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි වීම හා කෝපය සමනය වීම සිදුවේ. පද්මාසනයේ හෝ සිද්ධාසනයේ වාඩි වී මෙම ඥාන මුද්‍රාව සිදු කරයි. මිනිත්තු 15ක් පමණ සිදු කිරීම ප්‍රමාණවත්ය. පඨවි ධාතුව නිසා හටගන්නා රෝග සියල්ල සමනය වේ.
වරුණ මුද්‍රාව
මෙය ත්‍රිෂුල් මුද්‍රාව ලෙස ද හඳුන්වයි. සුලැඟිල්ල හෙවත් බුධ ඇඟිල්ල තුඩ සමග මහපට ඇඟිල්ලේ තුඩ එකට තබා තෙරපීමයි. මෙහිදී අනෙක් ඇඟිලි ඍජුව තිබිය යුතුයි. මෙම මුද්‍රාව මිනිත්තු 50ක් පමණ කිරීම ප්‍රමාණවත්වේ. මෙමගින් රූප ශෝභාව වර්ධනය වේ. සමේ වර්ණය පැහැපත් කරයි. ආකර්ශනීය රුවක් ලබාදේ. සිරුරේ ඇති ජල පරිමාව සමතුලිත කිරීම, හම සිනිඳු වීම, හන්දිපත් වේදනා, කෙණ්ඩා පෙරළීම ආදිය සමනය වීම, මෙම මුද්‍රා ක්‍රමය පුරුෂයන්ට වඩා කාන්තාවන්ට ඉතා යෝග්‍ය වේ.
ආපාන මුද්‍රාව
මැදඟිල්ල, වෙදඟිල්ල හා මහපට ඇඟිල්ල යන ඇඟිලි තුනේ තුඩු එකිනෙක ස්පර්ශ කර තෙරපීමයි. මෙම මුද්‍රා ක්‍රමය මගින් මළබද්ධය නැතිවී යයි. අර්ශස් රෝගය සුවවේ. දියවැඩියාව පාලනය කරයි. වජ්‍රාසනය, පද්මාසන යන කැමති ආසනයක වාඩි වී දිනකට මිනිත්තු 30ක් පමණ ආපාන මුද්‍රාව කළ යුතුයි.
ලිංග මුද්‍රාව
අත් දෙකෙහිම ඇඟිලි එකිනෙක තදින් බැඳ වම් අතේ මහපට ඇඟිල්ල කෙලින් අතට තබා දකුණු අතේ දබර ඇඟිල්ලෙන් කෙලින් කළ මහපට ඇඟිල්ල තෙරපීමයි.
ලිංගික දුබලතාවලට බොහෝ වටී. යුගදිවිය සාර්ථකවේ. ස්නායු ක්‍රියාකාරිත්වය වැඩි කරයි. ඈලි මෑලි දුබල ගති පහව යයි. ශක්තිමත් සිරුරක් ලබාදේ. මෙම ලිංග මුද්‍රාව දිනකට මිනිත්තු 30ක් පමණ කිරීම ප්‍රමාණවත් වේ. කිරීමට තරමක් අපහමසු මුද්‍රාවක් සේ සැලකුණ ද අපහසුව මැඬලමින් ලිංග මුද්‍රාව සිදුකිරීම ජීවිතයට බොහෝ වැදගත්ය.
ද්වාපර යුගයේ විසූ ඍෂිවරුන් විසින් එකල ලෝ සත්වයාට හිත සුව පිණිස දන් දුන් මෙම හස්ත මුද්‍රා ඔබත් ගුරු උපදේශ යටතේ පුරුදු පුහුණු වී නීරෝගිමත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට උරුමකම් කියන්න.

ජ්‍යොතිෂවේදිනී, දේශබන්ධු,
ගුප්ත වෛද්‍යාචාර්ය,
ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද
පානදුර