Saturday, 12 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: The Lake වෙනස් විදිහේ කතාවක් – නිවර්තනා දේවගේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 12 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: The Lake වෙනස් විදිහේ කතාවක් – නිවර්තනා දේවගේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකමීවිත

The Lake වෙනස් විදිහේ කතාවක් – නිවර්තනා දේවගේ

June 29, 2025
179 Views

කූඩැල්ලන්ගේ ප්‍රහාරයකටත් ලක් වුණා…

ධනුෂ්ක රේමන් අධ්‍යක්ෂණය කරන ලද සේමිණි ඉද්දමල්ගොඩ සහ අතුල ඉද්දමල්ගොඩ නිෂ්පාදනය කළ The Lake සෑම සති අන්තයකම රාත්‍රි 8.30ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වේ. The Lake සඳහා රංගනයෙන් දායක වෙන නිවර්තනා දේවගේ සමගයි මේ කතාබහ.

නිවර්තනා මුලින්ම කියමුද ලේක් ගැන?

ද ලේක් කියලා කියලා කියන්නේ රසික සුරවීර ආරච්චි අතින් ලියැවුණු ධනුෂ්ක රේමන් අධ්‍යක්ෂණය කරන ලද දාම ඝාතකයකු වටා ගෙතුණු සිද්ධියක්. මෙහි සීසන් තුනක් තියෙනවා. එහි පළමු වන සීසන් එක මේ වෙනකොට ජාතික රූපවාහිනියේ සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රි 8.30ට විකාශය වෙනවා. එක සීසන් එකක කොටස් 12ක් තිබෙනවා. තවත් සීසන් දෙකක් එන්න තියෙනවා. මේ කතාව සයිකොලොජිකල් ත්‍රිලර් එකක් කිව්වොත් නිවැරදියි. ද ලේක් කියල කියන්නේ ත්‍රාසය, භීතිය පිරුණු වෙනස් විදිහේ කතාවක්.

මේ සඳහා ආරාධනාව ලැබෙන්නේ කොහොමද?

මට මේ සඳහා ආරාධනාව ලැබෙන්නේ අහම්බයෙන්. මෙහි සහාය අධ්‍යක්ෂ විමුක්ති තමයි මට මුලින්ම කතා කරන්නේ. මගේ අතට පිටපත ලැබුණහම මේක ටිකක් වෙනස් විදිහේ කතාබහක කියල දැනුණා. ඉතාමත් දක්ෂ රංගන ශිල්පි ශිල්පිනියන් පිරිසක් මේ නිර්මාණයත් එක්ක එකතුවෙලා ඉන්නවා. දක්ෂ කැමරා ශිල්පියෙක් වන චින්තක සෝමකීර්ති මේ සඳහා එකතු වෙනවා.

The Lake හි ඔබේ චරිතය සුවිශේෂයි නේද?

ඇත්තටම මගේ චරිතය විතරක් නෙමෙයි The Lake කියන කතාවට එන යන හැම පුංචි චරිතයක්ම සුවිශේෂයි. මගේ චරිතයත් ඒ වගේ. කොහේදෝ ඉඳල මේ කතාව ඇතුළට ඇවිත් අවංක ආදරය ප්‍රේමය අරගෙන ඇවිත් යන පුංචි චරිතයක්. ඉතින් ඉතාම දක්ෂ රංගන ශිල්පි ශිල්පිනියන් පිරිසක් මේ කතාව ඇතුළේ ඉන්න චරිතවලට හුස්ම දෙනවා. මේ කතාවේ හැම චරිතයක්ම ඉතාමත් බර කියැවීමක් තියෙන විවිධාකාර මනෝභාවයක් අරගෙන එන චරිත.

මේ චරිතය වෙනුවෙන් මොනවගේ කැප කිරීමක් ද කරන්න සිද්ධ වුණේ?

මගේ චරිතය වෙනුවෙන් මට කරන්න සිද්ධ වුණ කැපකිරීම් වෙනුවට මගේ චරිතය වෙනුවෙන් මට ලැබුණු අත්දැකීම්, අභියෝග ගැන මම කතා බහ කරන්නම්. ඇත්තටම හරිම ලස්සනයි.

හැබැයි ගොඩක් අභියෝගාත්මකයි. මට එහිදී කරන්න සිද්ධ වුණා කෘත්‍රිම වේශ නිරූපණයක්. මම මැරිලා දවස් හතක් මගේ මෘත ශරීරය වතුර යට තිබිලා ගන්න සිදුවීමට වේශ නිරූපණය කරන්න සිද්ධ වුණා. මට මේ වෙලාවේ ආදරයෙන් මතක් කරන්න ඕනෑ ඔෂාන් සහ අසංක අයියලාව. ඔවුන්ගේ සහයෝගය ඇතිව අපි ඒ අභියෝගය ජයග්‍රහණය කළා කියලා හිතනවා. අපි රූගත කිරීම් කරපු ප්‍රදේශ කූඩැල්ලන් බහුල ප්‍රදේශයක්. ඉතිං කූඩැල්ලන්ගේ ප්‍රහාරයකටත් ලක්වෙන්න සිද්ධ වුණා.

නිර්මාණයක් තෝරා බේරා ගැනීමේදී සලකා බලන කරුණු මොනවාද?

මම බලන්නේ නිර්මාණයට තියෙන වේට්එක කොච්චරද කියලා. මම අර හැමදාම කියනවා වගේ කලාව කියන්නේ මිනිස්සුන්ගේ ඔළුවලට දිගුකාලීන බලපෑම් කරන්න පුළුවන් මාධ්‍යයක්. ඉතිං රසවින්දනය වගේම අර්ථපූර්ණ වෙන්න ඕනෑ කියලා හිතනවා. නිර්මාණයක් වෙද්දී මම එම නිර්මාණයක් තෝරා ගනිද්දී ඒකේ රසවින්දනය මොන වගේ ද අර්ථයත් මොනවගේ ද අන්තර් ගතයත් මොනවගේ ද කියල බලනවා. ආර්ට් කියලා කියන්නේ මම ආදරේ කරන තැන. මම මේ කලාව කරන්නේ හරි ආදරෙන්. ඒ නිසා මම කරන නිර්මාණ පුංචි ප්‍රමාණයක් වුණත් මම හැම වෙලාවෙම උත්සාහ කරනවා හොඳ නිර්මාණයක් එක්ක ජීවත් වෙන්න.

පසුගිය කාලය පුරාවට ඔබව සිනමාවෙන් දකින්න ලැබුණා.

ඒ ගැනත් කතා කළොත්?

මෑතකදී චතුරංග ද සිල්වා අධ්‍යක්ෂණය කළ සෝලෝ ටවුන් චිත්‍රපටය තිරගත වුණා. මේ දවස්වලත් අලුත් චිත්‍රපටයක් එක්ක වැඩ කරනවා. මම ඇත්තටම කැමැති රිදී තිරයට තමයි. මම රංගනයෙන් දායක වුණු චිත්‍රපට තුනක් විතර තිරගත වෙන්න තියෙනවා.

රඟපෑම් වැඩවලට ගෙදරින් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක්ද?

මේ ගමන ආරම්භයේදී නම් මට ලොකු සහයෝගයක් ලැබුණේ නෑ. මම මුලින්ම මේ ක්ෂේත්‍රයට එන්නේ ‘ඒ ලෙවල්’ චිත්‍රපටය හරහායි. විශ්වවිiාලයට ආවට පස්සෙ මට ගෙදරින් සහයෝගය ලැබෙනවා.

අද වෙනකොට රඟපෑම ඔබේ වෘත්තිය වෙලාද තියෙන්නේ?

ඇත්තටම රංගනය මම මගේ වෘත්තිය කරගෙන නැහැ. රංගනය කියන්නේ මම විඳින තැන. සතුටු වෙන තැන. ඒක මම වෘත්තියක් කරගන්නේ නැහැ. ඒක මම වෘත්තියක් කරගත්තොත් මට තෝරා බේරා ගැනීමත් එක්ක මේ ගමන යන්න බැහැනේ. ඒක නිසා ඒක මගේ වෘත්තිය නෙමෙයි.

රංගන ශිල්පිනියක් විදිහට විලාසිතාවලට දක්වන ඇල්ම මොනවගේද?

විලාසිතා කරන්න මම ගොඩක් කැමැතියි. මම හිතන්නේ මම විතරක් නෙමෙයි, රංගන ශිල්පිනියක්ම වීමම නෙමෙයි ගැහැනු ළමයෙක් වීම තමයි ඒකට ප්‍රධාන හේතුව. මම හිතනවා අනෙක් අයත් ඒ වගේ කියලා. මම විලාසිතා කරන්න ගොඩක් ආසයි. මම ඇඳුම් එක්ක එක එක වයිබ්ක්‍රියේට් කරන්න ට්‍රයි කරනවා. මොකද ඇඳුම කියන්නේ තවත් විදිහකින් අපිට එක පැත්තකින් හම්බවෙන කොන්ෆිඩන්ස් එකක්.

නිවර්තනා මේ ආපු ගමන ගැන ආපසු හැරී බැලුවොත්?

ඇත්තටම ආපසු හැරිලා බැලුවහම මට හරිම සතුටුයි. මම මගේ ගමන යන්නේ මගේම විදිහකට. මගේ ගමන ආරම්භයේ ඉඳලා මට උදවු කරපු මාත් එක්ක හිටපු මාව විශ්වාස කරපු ඒ හැම කෙනකුටම මගේ ගමනේ ජයග්‍රහණවල මම භුක්ති විඳින්නේ සතුට. මම භුක්ති විඳින්නේ ගෞරවයේ කියන හැම දේකම කොටස් කරුවන්. ඉතිං මට සතුටුයි.

රංගනයේදී සීමාමායිම් එහෙම තියෙනවාද?

පුංචි පුංචි සීමා මායිම් තියෙනවා. සමාජයට බම්බු ගහන්න කියලා, ඇත්තටම අපිට ජීවිතය විඳින්න බැහැ. ඒ නිසා පුංචි පුංචි සීමා මායිම් ටිකක් තියෙනවා.

මොනවද මේ දවස්වල ෂූටින් වැඩ?

මේ දවස්වල වෙළෙඳ දැන්වීම් කිහිපයක් එක්ක වැඩ. ටෙලිනාට්‍යයක් රූගත කිරීම් සිදු කරනවා සුමිත් රත්නායකයන්ගේ.

ඊට අමතරව ආනන්ද අබේනායකයන්ගේ චිත්‍රපටයකත් රූගත කිරීම් සිදු කරනවා.

දිනේෂ් විතාන

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

July 7, 2025

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025
Related News
අතිරේක විශේෂාංග

දකුණට නිල් ධජ වෙරළක්

අතිරේක විශේෂාංග

එකම පිරිසක් සම්මාන ලැබීම නරක ආදර්ශයක් – ගුණරත්න ඒකනායක

අතිරේක විශේෂාංග

අතීතය දෙස හැරී බලා වර්තමානය කියවා ගැනීම

අතිරේක විශේෂාංග

දරුවන් ජීවත් වෙන්නේ යථාර්ථය සහ පරිකල්පිත ලෝකය අතර – සචී සේනානායක

අතිරේක විශේෂාංග

භික්ෂු ආකල්ප ආරක්ෂා කළ පිරිවෙන් අධ්‍යාපනය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok