ශ්‍රී ලංකාවේ අංක1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන Sayuru මොබයිල් App එක හරහා ශ්‍රී ලාංකික ධීවර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණෙන්, ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන ඒජන්සිය (NARA) හා අත්වැල් බැඳගනියි. ඒ අනුව, ධීවර ජනතාවට අතිශයින් වැදගත්, ධීවර කර්මාන්තය සඳහා සුදුසු කලාප (PFZs)
පිළිබඳව NARA ආයතනය චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලබාදෙන සජීවී Locations, Sayuru මොබයිල් App එක හරහා ධීවරයින්ට බලාගැනීමට හැකියාව සලසයි. ඒ හරහා මෙරට ධීවර ජනතාවගේ ආරක්ෂාව මෙන්ම, කර්මාන්තයේ තිරසාරභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම උදෙසා ඩයලොග් කටයුතු කරයි. Google Play Store හරහා App එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැක.මෙම ප්‍රයත්නය සඳහා විධිමත්ව එළඹීම සනිටුහන් තබමින්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා සහ NARA ආයතනයේ සභාපති ආචාර්ය සනත් හෙට්ටිආරච්චි මහතා අතර පසුගියදා අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් තැබුණු අතර, Sayuru මොබයිල App එකට ඇතුළත් කළ නවතම ඡත්’ විශේෂාංගය දියත් කිරීමද සිදු කෙරිණි.