මුළු වත්කම් රුපියල් ට්‍රිලියන 2 ඉක්මවයි
LOLC සමූහය 2024/25 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 41 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 89% ක කැපී පෙනෙන වර්ධනයක් සලකුණු කරයි.
මූල්‍ය වර්ෂය තුළ ලද, රුපියල් බිලියන 48 ක මෙහෙයුම් ලාභය ඊට සහය වී ඇත. මූල්‍ය සේවාවන් ස්ථාවර ලෙස ව්‍යාප්ත වීම,
උපායමාර්ගිකව සිදුකළ ජාත්‍යන්තර අත්පත් කර ගැනීම් පෙළ මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය වැඩිදියුණු වීම LOLC සමූහයේ මෙම ශක්තිමත් ක්‍රියාකාරිත්වයට හේතුවී තිබේ.
දැන් ලොව රටවල් 25 කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන LOLC මූල්‍ය සේවා, කෘෂිකර්මාන්ත, වතු වැවිලි, මෝටර් රථ, නිෂ්පාදන, ඉදිකිරීම්, සමුද්‍රික, බලශක්ති උත්පාදන, ඖෂධ සහ සංචාරක යන අංශ ඔස්සේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වශයෙන් වඩාත්ම විවිධාංගීකරණය වූ ආයතනික සමූහය ලෙස එහි තත්වය තවදුරටත් තහවුරු කර ගනී.
LOLC සමූහයේ මුළු වත්කම් රුපියල් ට්‍රිලියන 2.03 දක්වා 17% කින් ඉහළ ගොස් ඇති අතර, රුපියල් බිලියන 343 ක් වූ කොටස් හිමියන්ගේ වත්කම් 15% ක වර්ධනයක් සනිටුහන් කරයි. එහි සමස්ත ණය ස්කන්ධ අනුපාතය (ණය හිමිකරු ප්‍රාග්ධන අනුපාතය) 1.2 ගුණයක සිට 1.05 ගුණයක් දක්වා වැඩි දියුණු වීම, සක්‍රිය ආයෝජන ප්‍රවාහයක් මධ්‍යයේ වුවද, එහි ශේෂ පත්‍රයේ දැවැන්ත ශක්තිය සලකුණු කරයි.
අප්‍රිකානු ව්‍යාප්තිය ගෝලීය ප්‍රවේශය ශක්තිමත් කරයි පසුගිය වසර පුරා LOLC හි ආයෝජන ක්‍රමෝපාය ප්‍රධාන වශයෙන් අප්‍රිකානු තේ අංශයේ අත්පත් කරගැනීම් වලට යොමුවිය. 2023 වසරේදී කෙන්යාවේ ෆින්ලේස් මෙහෙයුම් අත්පත් කරගත් LOLC සමූහය, කෙන්යාවේ, රුවන්ඩාවේ සහ ටැන්සානියාවේ ලිප්ටන් වතුයායන්ද අත්පත් කර ගනු ලැබීය. මෙම ආයෝජන මඟින් ඉඩම් දේපොළ අංශ කෙරෙහි LOLC හි උද්යෝගිමත් අභිලාෂයන් මෙන්ම ගෝලීය තේ සැපයුම් දාමයේ ප්‍රධාන බලවේගයක් වීමේ එහි අභිප්‍රාය නිරූපනය කරයි.
දේශීය අංශය සැලකු විට Sierra Cables හි සුළුතර කොටස්, පාලන බලය සහිත බහුතර කොටස් බවට පරිවර්තනය කළ LOLC සමූහය කාර්මික නිෂ්පාදන ක්ෂේත්‍රයේ සිය පැවැත්ම තහවුරු කළේය.