තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයට එච්.එල් ජයසිරි මහතා ඇතුළු ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු දහතුන් දෙනෙකු තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ වැඩ භාර ගැනීම ඊයේ (02දා) සිදුවිය.
ජවිපෙ හිටපු සභාපති පුරවර පුබුදුව වැඩසටහනේ නිර්මාතෘ ජයසිරි මහතාටම මෙවරත් සභාපති ධූරය හිමිව ඇති අතර උපසභාපතිවරයා ලෙස ආර්. රජිත ප්‍රියදර්ශන මහතා පත්වීමද සිදුවීය.
නව සභාපති උපසභාපති ඇතුළුු ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන් තිස්සමහාරාම නගර මධ්‍යයේ සිට පෙරහැරින් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව වෙත පැමිණි අතර ප්‍රාදේශීය සභාවේ ලේකම්සහ නිලධාරීන් විසින් පිළිගැනීම සිදුවීය.
පසුව තිස්සමහරාම මහා විහාරාධිපති දේවාලගම ධම්මසේන ස්වාමීන් වහන්සේගේ ඇතුළු මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මැද සභාපතිවරයා වැඩ භාර ගැනීම සනිටුහන් කළේය.