යම් සංවිධානාත්මක පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාවට පහරදී , අත්අඩංගුවට ගෙන තිබූ යාත්‍රාවක් රැගෙන යාමට තැත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙස නාවික හමුදාවට උපදෙස් ලබා දී ඇතැයි ධීවර අමාත්‍යාංශය පවසයි.
ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදේදි නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවර යාත්‍රා වැටලීමේ මෙහෙයුම් සිදුකරමින් සිටින අතරතුර තවත් යාත්‍රාවලින් පැමිණි පිරිසක් මෙම පහරදීම සිඳු කර තිබිණි .
ධීවර, ජලජ සම්පත් සහ සමුද්‍රීය පරිසර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් විසින් මෙම උපදෙස් නිකුත් කර තිබේ .
මෙම සිද්ධිය වූ වහාම නාවික හමුදාවෙන් ඒ සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් ආරම්භ කර තිබූ අතර පසුව ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත පුළුල් විමර්ශනයක් අරඹා ඇත.
මෙම සිද්ධිය අතරතුරදී ඔවුන්ගෙන් පුද්ගලයකු සහ නාවික හමුදා සාමාජිකයන් දෙදෙනකු තුවාල ලබා ඇති බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.