
නවතා දමා ඇති , මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සහ මිරීගම සම්බන්ධ වන කොටසේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ අගෝස්තු මාසයේදී ආරම්භ කෙරේ . අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මේ බව අනාවරණය කළේය .
මේ වන විටත් ඊට අදාළ ටෙන්ඩර් කැඳවා ඇතැයිද ඇමතිවරයා පාර්ලිමේන්තුවට කීව්ය .
අමාත්‍යවරයා වැඩි දුරටත් කීවේ , චීන හෝ දේශීය කොන්ත්‍රාත්කරුවකු විසින් නුදුරු අනාගතයේ දී මධ්‍යම අධිවේගී මාර්ගයේ ප්‍රධාන කොටසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බව ය අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් චීන සමාගම සමඟ සාකච්ඡා පැවැත්වෙන බවද ඔහු සඳහන් කළේය.