හලාවත සිට පුත්තලම සහ මන්තනාරම හරහා කන්තකසන්තතුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා .
සැලකිලිමත් වන්න!
සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් හලාවත සිට පුත්තලම සහ මන්තනාරම හරහා කන්තකසන්තතුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තතොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) පමණ දක්වා වැඩිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ.
මෙම මුහුදු ප්‍රදේශ වලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දෙනු ලැබේ.
හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) පමණ දක්වා වැඩිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. එබැවින් එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරනමෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
මන්තනාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 3.0 ක් පමණ ඉහළ යෑමේ හැකියාවක් පවතී. මන්තනාරම සිට පුත්තලම, කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ද ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.