හෙරොයින් කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 655ක් සන්තකයේ තබාගෙන සිටි තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. වේයන්ගොඩ , පුංචි නයිවලවත්ත ප්‍රදේශයේදී , ඊයේ (31) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි . සැකකරු සමග මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදා ගත් වෑන් රථයක් හා මිනුම් උපකරණද පොලිස් භාරයට ගෙන තිබේ . එම සැකකරු පුංචි නයිවලවත්ත, එස්සැල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි. වේයන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
