ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන දහයක සභාපතිවරු හා උප සභාපතිවරුන්ගේ නාම ලේඛන ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කොට ඇත. මෙකි පළාත් පාලන ආයතන දහයේම මන්ත්‍රිධුර සංඛ්‍යාවෙන් සියයට පනහකට වඩා වැඩි මන්ත්‍රිධුර සංඛ්‍යාවක් ජාතික ජනබලවේගය විසින් දිනාගෙන තිබුණි.එම නිසා මෙකි පළාත් පාලන ආයතන දහයේ සභාපතිවරු හා උපසභාපතිවරු නම් කිරිමට ජාතික ජනබලවේගයට අවස්ථාව උදා වි තිබුණි.
ඒ අනුව බෝපේ පොද්දල ප්‍රා දේශිය සභා ඉතිහාසයේ පළමු වතාවට සභාපතිධුරය සදහා කාන්තාවක් පත්කොට තිබිම ද විශේෂත්වයෙකි. අංකොක්කාවල ලියනගේ ලලනි ජයමිණි ප්‍රා දේශිය සභාවේ සභාපතිධුරයට පත්කොට තිබුණි. උප සභාපති ධුරයට පත්ව ඇත්තේ වෘත්තියෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයකු වන විරසිංහ පතිරණගේ ඉදුනිල් තරංග විරසිංහ මහතාය. අම්බලන්ගොඩ නගර සභාවේ සභාපතිධුරයට ගොඩහේවා අසේල ප්‍රසන්න සහ උපසභාපතිධුරයට සන්ද්‍රාමරක්කල සරත්චන්ද්‍ර ද සිල්වා යන මහත්වරුන් පත්කොට ඇත. අම්බල්නගොඩ ප්‍රා දේශිය සභාවේ සභාපතිධුරය සදහා ගාමිණි කළුආරච්චි මහතා පත්කොට තිබු අතර උපසභාපතිධුරය හිමිව ඇත්තේ කෙවිටියාගලගේ ජනක චන්ද්‍රකුමාර මහතාටය.
කරන්දෙණිය ප්‍රා දේශිය සභාවේ සභාපතිවරයා ලෙස මහිල් රංගජිව මුණසිංහ සහ උප සභාපතිධුරය සදහා රණසිංහ හෙට්ටිආරච්චිලාගේ සමන් කුමාර රණසිංහ යන මහත්වරුන් පත්කොට ඇත. තවලම ප්‍රා දේශිය සභාවේ සභාපතිධුරයට පත්ව ඇත්තේ සංචිහාමිලාගේ දේශාන් මදුසංක මහතාය. උප සභාපතිධුරය සදහා වික්‍රමණායක කරුණාරත්න ගාමිණි කරුණාරත්න මහතා පත්කොට ඇත. නියාගම ප්‍රා දේශිය සභාවේ සභාපතිවරයා ලෙස මාකන්දවත්තේ ලේකම්ලාගේ සිදත් කුමාර සහ උප සභාපතිවරයා ලෙස සුමිත් ප්‍රියදර්ශන වැන්දබෝනා යන මහත්වරු පත්කොට ඇත.