ස්වාධීන කණ්ඩායම් නවයෙහිම මන්ත්‍රීවරුන් සියලු දෙනා එක්කර ගනු ලැබූව ද කොළඹ මහ නගර සභාවේ බලය ආණ්ඩුවට පිහිටු විය නොහැකි යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කීය.
එබැවින් ආණ්ඩුවට එම සභාවෙහි බලය පිහිටුවීමට විපක්ෂයේ දේශපාලන පක්ෂවල ද සහාය ලබා ගැනීමට සිදුවන බව ද හෙතෙම පැවසීය.
එබැවින් කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් විපක්ෂය හා ආණ්ඩුව අතර තියුණු තරගයක් පැවතෙනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අකිත පෙරේරා