රජය විසින් ගෙවිය යුතු දේශීය හා විදේශීය ණය ප්‍රමාණය මෙම වර්ෂයේ (2025) ජනවාරි මස වන විට රුපියල් බිලියන විසිනවදහස් එකසිය තිස්හතරයි දශම පහ දක්වා ඉහළ ගොස් ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.
2024 වර්ෂය අවසානය වන විට ගෙවීමට තිබූ ණය ප්‍රමාණය රුපියල් බිලියන විසිඅටදහස්, හත්සිය තිස්අටයි දශම හතකි. එම ණය ප්‍රමාණය මෙම වර්ෂයේ ජනවාරි මාසය වන විට රුපියල් බිලියන 395.8කින් වැඩි වී ඇත.
මෙම වර්ෂයේ ජනවාරි මස අවසන් වන විට රජය විසින් ගෙවිය යුතු දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 18,512.4කි. ගෙවිය යුතු විදේශීය ණය ප්‍රමාණය 10,622.1ක් බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වෙයි.
ලලිත් චාමින්ද