Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොළඹ බලය හෙට විසඳේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොළඹ බලය හෙට විසඳේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

කොළඹ බලය හෙට විසඳේ

June 15, 2025
1008 Views

රටේ ප්‍රධානම පළාත් පාලන ආයතනයක් වන කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන්නේ කවුදැයි හෙට (16දා) තීරණය කෙරෙනු ඇත.

ඉකුත් 06 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාව ජාතික ජන බලවේගය විසින් ජයග්‍රහණය කරන ලද නමුත් සභාවේ බහුතර සභික සංඛ්‍යාව ලබා ගැනීමට එම පක්ෂයට නොහැකි විය.

මේ හේතුවෙන් සභාවේ නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සිදුකරන මංගල සභාවාරය හෙට (16දා) සිදු කිරීමට බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය තීරණය කළාය. ඒ අනුව හෙට පෙරවරු 9.30ට එම රැස්වීම මහ නගර සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

කොළඹ නගර සභාවේ ප්‍රථම නගරාධිපති ලෙස චාල්ස් පීටර් ලෙයාඩ් මහතා 1866දී පත්වීය. නිදහසින් පසු ප්‍රථම නගරාධිපති ලෙස 1950දී කුමාරරත්නම් මහතා පත් වූ අතර පසුව 1954දී එන්.එම්. පෙරේරා මහතා නගරාධිපති ධුරයට පත්විය.

1956දී ප්‍රථම වරට එක්සත් ජාතික පක්ෂය කොළඹ මහ නගර සභාවේ බලය හිමිකර ගත් අතර බී.ඒ. සුගතදාස මහතා එහි නගරාධිපති බවට පත්විය. එතැන් සිට 2006 දක්වා අඛණ්ඩව පාලනය කළ එජාපය එම වසරේදී මැතිවරණයට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප විය. ඉන් පසුව කණ්ණාඩි කුට්ටම සලකුණ යටතේ තරග කළ ස්වාධීන කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයේ සහාය ඇතිව සභාව ජයගෙන එහි නායක උවයිස් මොහොමඩ් මහතා නගරාධිපති ලෙස තේරී පත්විය.

ඉන් පසුව පැවැති මැතිවරණයෙන් යළිත් එජාපය කොළඹ ජයගත් අතර අවසන් වරට 2018දී පැවැති මැතිවරණයෙන් එජාප අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මිය නගරාධිපතිනිය බවට පත් විය. ජාතික ජන බලවේගය කොළඹ නගර සීමාවේ කොට්ඨාස 48ක් ජයගත් අතර ඔවුන්ට සභික ධුර 48ක් හිමි විය. සමගි ජන බලවේගය කොට්ඨාස 14ක් ජය ගෙන මන්ත්‍රී ධුර 29ක් හිමි කර ගත්තේය. එ.ජා.ප.ය කොට්ඨාස 02ක් ජය ගෙන සභික ධුර 13ක් හිමිකර ගත්තේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 05ක් ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට 4ක් ද, ස්වාධීන කණ්ඩායම 3ට සභික ධූර 3ක් ද, සර්ව ජන බලය, එක්සත් සාම පෙරමුණ, ස්වාධීන කණ්ඩායම 4, ස්වාධින කණ්ඩායම 5 යන කණ්ඩායම් සභික ධුර 02 බැගින් ද ස්වාධීන කණ්ඩායම 2, ස්වාධීන කණ්ඩායම 1, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානය, පොදුජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ජාතික ජනතා පක්‍ෂය හා එක්සත් ජනරජ පෙරමුණ පක්‍ෂය, සභික ධුර 01 බැගින් දිනාගෙන ඇත.

මෙවර නගරාධිපති ධුරයට ජාතික ජන බලවේගය පක්‍ෂයේ බ්‍රායි කැලි බල්තසාර් මහත්මිය ඉදිරිපත් වන අතර විපක්‍ෂයේ පක්‍ෂ වල සහයෝගයෙන් සමගි ජන බලවේගය රිසා පාරුක් මහතා තරග කරනු ඇත.

පාලන බලය ලබා ගැනීමට සමස්ත සභික සංඛ්‍යාව වන 117න් 59ක් හිමි කරගත යුතු වෙයි. නගරාධිපති අපේක්‍ෂකයන් දෙදෙනා නියෝජනය කරන පක්‍ෂ විසින් තම අපේක්‍ෂක ජය ගන්නා බවට සඳහන් කරයි.

රනිල් ධර්මසේන

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

July 8, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රධාන පුවත්

හම්බන්තොට කුරුලු උයනේ වාහන රජදහනක්

ප්‍රධාන පුවත්

නිදහස් කරගැනීමට නොහැකිව ආනයනය කළ වාහන දහසක් මාස 2ක් තිස්සේ වරායේ හිරවෙලා!

ප්‍රධාන පුවත්

ලුස් පොල්තෙල් අලෙවිය නතර කිරීමට කැබිනට් පත්‍රිකාවක්

ප්‍රධාන පුවත්

‘අහෝ දුකකි: පිරමීඩ උගුලකි’ – මහ බැංකුවෙන් දැනුවත් කිරීමේ සතියක්

ප්‍රධාන පුවත්

බදු අඩු කරගත් අයුරින් ඇමෙරිකාව සමග දිගටම සාකච්ඡා කර තවත් සහන ලබා ගන්නවා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok