Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හරක් ගෙන්නලා කෝටි ගණන් කාපු තක්කඩි හරක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හරක් ගෙන්නලා කෝටි ගණන් කාපු තක්කඩි හරක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

හරක් ගෙන්නලා කෝටි ගණන් කාපු තක්කඩි හරක්

21 hours ago
281 Views

කිසිදු කිරි ගවයෙකු ගෙනත් නැහැ…ගෙවූ අත්තිකාරම් මුදල හා විනිමය අලාභය සමග පාඩුව කෝටි 211යි

ශ්‍රී ලංකාවේ වාර්ෂික කිරි අවශ්‍යතාව ලීටර් මිලියන 801.15ක්…නිෂ්පාදනය කරන්නේ ඉන් සියයට 47යි

කිරිපිටි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම සඳහා වාර්ෂික රුපියල් බිලියන 70ක් වැය වෙනවා

කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීමට මේ වසරේ මුල් මාස හතර තුළත් ඇමරිකානු ඩොලර් මිලියන 121.2ක මුදලක් වැයවෙලා

අපේ රට අතීතයේදී දියර කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත වූ රටකි. එකල සෑම නිවසකම පාහේ කිරි ගවයකු ඇති කරනු ලැබීය. පවුලේ දියර කිරි අවශ්‍යතාවය නිවසේ ඇති කරනු ලබන කිරි ගවයාගෙන් සපුරාගනු ලැබීය. මීට අමතරව ගව පට්ටි දෙක තුනක් සෑම ගමකම පාහේ දක්නට ලැබුණි. වර්තමානයේ මෙන් එකල රට්ටුන්ගේ කිරිපිටි අවශ්‍යතාවය සපුරාලීම සඳහා ඩොලර් මිලියන ගණන් වැයකොට කිරිපිටි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන පිටරටවලින් ආනයනය කිරීමට කටයුතු කළේ නැත. කෙසේ වූවද 77 වර්ෂයේදී මෙරටට හඳුන්වා දුන් විවෘත ආර්ථිකයත් සමග සියල්ල උඩු යටිකුරු විය. දේශීය කිරි කර්මාන්තයට කණකොකා හඬන්නට විය. ගම්වල තිබූ ගව පට්ටි ක්‍රමයෙන් වැසී යන්නට විය. දේශීය දියර කිරි කර්මාන්තයේ මළගම ආරම්භ විය.

එළගව හා මීගව කර්මාන්තයේ නිරත විශාල පිරිසක් ඉන් ඉවත් වන්නට වූහ. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මෙරට සිටින එළගව සංඛ්‍යාව පහළොස් ලක්ෂ අසූහයදහස් තුන්සිය අසූතුන (1,586,383) දක්වා අඩුවිය. මී ගවයින්ගේ සංඛ්‍යාව හාරලක්ෂ හැටඅටදහස් හයසිය අනූහය දක්වා (468,696) අඩුවී තිබුණි. ඒ විතරක් නොව මෙකී දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ වාර්ෂික කිරි අවශ්‍යතාවය ලීටර් මිලියන 801.15කි. එහෙත් මේ වනවිට මෙරට දියර කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 380.02කි. එය ප්‍රතිශතයක් වශයෙන් ගත් කල සියයට 47.4කි. මෙම දත්ත අනුව රට්ටුන්ගේ කිරි අවශ්‍යතාවය සපුරාලීම සඳහා මෙරට මුළු කිරි අවශ්‍යතාවයෙන් සියයට 61.6ක් එනම් ලීටර් මිලියන 494.03ක් තවමත් පිටරටලින් ආනයනය කිරීමට සිදුවී තිබේ. මෙම දත්ත අනුව අපිට පැහැදිලි වන්නේ මෙරට දියර කිරි කර්මාන්තයට උදාවී ඇති ඛේදනීය තත්ත්වයයි. ඒ විතරක් නොව කිරිපිටි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 70ක පමණ විශාල මුදලක් වැයවන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවකට අනුව කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම සඳහා 2025 වර්ෂයේ මුල් මාස හතර තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 121.2ක මුදලක් වැයවී තිබුණි. එය 2024 වර්ෂයේ මුල් මාස හතර හා සැසඳීමේදී සියයට 52.8 වැඩිවීමකි. කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම සඳහා රජයට වාර්ෂිකව විශාල මුදලක් වැය කිරීමට සිදුවී තිබේ.

දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා මෙරට බලයට පත්වූ රජයන් විසින් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලැබීය. එහෙත් ඇතැම් ව්‍යාපෘති ලප්තැනම ලොප්විය. ඇතැම් ව්‍යාපෘති අන්ත දූෂිත ව්‍යාපෘති බවට පත්ව තිබුණි. එකී ව්‍යාපෘතිවලින් දේශපාලනඥයින් සහ නිලධාරින් සිය මඩිය තරකර ගනු ලැබීය. මෙරට දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා උසස් තත්ත්වයේ කිරි දෙනුන් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය දූෂිත ව්‍යාපෘතියක් බවට පත්ව ඇත. කිරි දෙනුන් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය පසුගිය කාලයේ මහත් ආන්දොලනයකට ලක්වූ ව්‍යාපෘතියකි. මේ පිළිබඳ ජාතික විගණන කාර්යාලය මගින් විශේෂ විගණනයක් ද කරනු ලැබීය.

එකී විගණන වාර්තාවට අනුව උසස් තත්ත්වයේ කිරි ගවයින් මෙරට ආනයනය කිරීමේ ව්‍යාපෘතිය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කොට තිබුණි. මෙහි පළමු, දෙවැනි හා තුන්වැනි අදියරේ පළමු පියවර යටතේ (2012 වර්ෂයේ සිට 2017) මෙරටට ආනයනය කොට ඇති කිරි ගවයින් සංඛ්‍යාව 9518කි. කිරි ගවයින් ආනයනය කිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ද රජයට වාසිසහගත අයුරින් යොදාගෙන නොතිබුණි. කිරි ගවයින් ආනයනය කිරීමේ දෙවන හා තෙවන අදියරයන්වලදී ප්‍රසම්පාදන කටයුතු සිදුකොට නොතිබුණි. ඒ විතරක් නොව මෙම ආනයනික කිරි ගවයින් රාජයට අයත් ගොවිපොළවල් තබා රැක බලාගෙන දෙවැනි පරම්පරාවේ කිරි දෙනුන් ගොවීන් වෙත ලබාදීමට තීන්දුකොට තිබුණි. එහෙත් යහපාලන රජය විසින් 2017 වර්ෂයේ දී එම තීන්දු තීරණවලට අනුගත නොවී කිරි ගවයින් 5000ක් සෘජුවම කිරි ගොවීන් වෙත ලබාදීමට කටයුතු කර තිබුණි.

මෙකී ව්‍යාපෘතිය විධිමත්ව සකස් කොට තිබූ ජාතික වැඩපිළිවෙළකට අනුගත නොවී ක්‍රියාත්මක කොට තිබුණි. 2012 වර්ෂයේ සිට 2017 වර්ෂය අවසානය දක්වා මෙරටට කිරි ගවයින් ආනයනය කිරීම සඳහා රජය මගින් වැයකොට ඇති මුදල රුපියල් බිලියන 7.9කි. එහෙත් මෙම ව්‍යාපෘතියෙන් නිසි ප්‍රථිපලයක් ලබාගැනීමට නොහැකිවී තිබුණි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කොට ඇත්තේ ආර්ථික අලාභයක් සිදුවන ආකාරයෙනි. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 7.9ක මුදලක් වැයකොට තිබුණ ද දේශීය කිරි නිෂ්පාදනය වැඩි වී නොතිබුණි. තවමත් මෙරටට අවශ්‍ය කිරි නිෂ්පාදනයෙන් සපුරාගනු ලබන්නේ සියයට හතළිහකටත් වඩා අඩු ප්‍රමාණයකි. පළමු අදියර යටතේ කිරි ගවයින් ආනයනය කරීම ඵලදායි නොවන බවට අනාවරණය වී තිබිය ද විධිමත්ව අවශ්‍ය ගැළපීම් සිදුනොකර දෙවන අදියර ක්‍රියාත්මක කොට තිබුණි. කිරි ගවයින් ආනයනය කිරීමේ දෙවැනි අදියර ද ඵලදායි නොවන බව අනාවරණය වී තිබියදී එහි තෙවැනි අදියර ද ක්‍රියාත්මක කොට තිබුණි.

මෙරට දේශගුණයට වඩාත් ගැළපෙන උසස් ආරයේ කලාපීය කිරි ගවයින් ආනයනය කිරීමට ප්‍රමුඛතාවය ලබානොදී සෞම්‍ය කලාපීය කිරි ගවයින් ආනයනය කිරීමට කටයුතු කර තිබුණි. මෙසේ ආනයනය කරනු ලැබූ කිරි ගවයින්ගෙන් යම් සංඛ්‍යාවක් මරණයට පත්ව තිබුණි. ඒ නිසා රජයට සිදුවී ඇති පාඩුව රුපියල් පන්කොටි හැත්තැහත්ලක්ෂ විසිදහස්අටසිය නමයකි. (57,720,809) රජයට සිදුවී ඇති එම අලාභය ප්‍රතිපූර්ණය කරගත හැකි පරිදි රක්ෂණාවරණයක් ලබාගැනීමට වගකිවයුතු නිලධාරින් කටයුතු කර නොතිබුණි.

මෙවන් පසුබිමක් තුළ මීට පෙර කිරි ගවයින් ආනයනය කිරීමේදී පැවති විවිධ ගැටලු හා අලාභයන් හඳුනාගෙන ඒ සඳහා නිරීක්ෂණ මෙන්ම එම තත්ත්වයන් නිවැරදි කරගැනීමට ජාතික විගණන කාර්යාලය මගින් ලබා දී තිබූ නිර්දේශයන් පිළිබඳ තුට්ටුවකටවත් මායිම් නොකරමින් කිරිගවයින් ආනයනය කිරීමේ තුන්වැනි අදියරේ දෙවැනි පියවර ක්‍රියාත්මක කොට තිබුණි.

ඒ අනුව කිරි දෙනුන් 15,000ක් ආනයනය කිරීමට අදාළව මුළු කොන්ත්‍රාත් වටිනාකමින් රුපියල් එකසිය හැත්තෑහතර කෝටි, අනුහය ලක්ෂ, හැත්තැදෙදහස් හයසිය අනුහතක මුදලක් (1,749,672,697) සැපයුම්කරු වෙත ගෙවීමට කටයුතු කර තිබුණි. ඒ වෙනුවෙන් කිසිදු ප්‍රථිලාභයක් මෙම වර්ෂයේ (2025) පෙබරවාරි මස වනවිටද රජයට ලැබී නොතිබුණි. මෙම අත්තිකාරම් මුදල් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් ණය ලබාගෙන තිබූ අතර ණය මුදල් වාරික දෙකකින් නැවත මහා භාණ්ඩාගාරය වෙත ගෙවීමේ දී සිදුවී ඇති විදේශ මුදල් හුවමාරු අලාභය රුපියල් තිස්හයකෝටි හයලක්ෂ විසිනමදහස් හත්සිය තිස්නමයකි. (360,629,739) ඒ අනුව මෙකී විනිමය අලාභයත් සමග මෙකී ව්‍යාපෘතිය මගින් රජයට සිදුවී ඇති පාඩුව රුපියල් දෙසියඑකොළොස්කෝටි තුන්ලක්ෂ, දෙදහස් හාරසිය තිස්හයකි. (2,110,302,436) අත්තිකාරම් මුදල් ගෙවිම සදහා ලබාගත් ණය මුදලින් රුපියල් හතලිස්තුන්කෝටි,හැත්තැහතරලක්ෂ,දහඅටදහස් එකසියහැත්තෑහතරක මුදලක් (437,418,174) මෙම වර්ෂයේ පෙබරවාරි මස වනවිටද ගෙවිමට තිබුණි.

ඒ විතරක් නොව මෙකී අත්තිකාරම් මුදල ගෙවීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් ද ලබාගෙන නොතිබුණි. අත්තිතාරම් මුදල 2018 වර්ෂයේ මැයි මස ගෙවා තිබුණ ද ව්‍යාපෘති මෙහෙයුම් කමිටුව විසින් ඒ පිළිබඳ සාකච්ඡාකොට තීරණයක් ලබාගෙන නොතිබුණි. කෙසේ වුවද එවකට ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා විසින් කිරි ගවයින් ආනයනය කිරීමේ දෙවැනි පියවර ක්‍රියාත්මක කිරීමට එකඟවන බවට මහා භාණ්ඩාගාරයට දැනුම් දී තිබුණි.

නිසි අධ්‍යයනයකින් තොරව හා අදාළ මූලික කාර්යයන් ඉටුකිරීමට පෙර මෙම අත්තිකාරම් මුදල ගෙවා තිබූ අතර එම මුදල නැවත
අයකරගැනීමට ප්‍රමාණවත් පියවරගෙන නොතිබුණි. කිරි දෙනුන් 15000ට අදාළ මුළු කොන්ත්‍රාත් වටිනාකමින් සියයට 20ක අත්තිකාරම් මුදලක් සැපයුම්කරුවන ඔස්ට්‍රේලියාවේ වේලාර්ඩ් රූරල් එක්ස්පෝර්ට් ආයතනය වෙත ගෙවා තිබුණි. එමෙන්ම මෙකී අත්තිකාරම් මුදල වෙනුවෙන් පිළිගත හැකි කාර්යසාධන සුරක්ෂණයක් තබා ගැනීමට ග්‍රාමීය ආර්ථික අමාත්‍යංශය විසින් කටයුතු කර නොතිබුණි. කිසිදු ප්‍රතිලාභයක් නොමැතිව විදේශ සමාගමක් වෙත ගෙවනු ලැබූ මෙකී නිශ්කාර්ය වියදම කාර්යසාධන සුරක්ෂණයක් තබාගෙන තිබුණා නම් යම් ලෙසකින් එම මුදල ආවරණය කරගැනීමට ඉඩ තිබුණි. මෙකී සමාගම සමග ඇති කරගනු ලැබූ ගිවිසුමේ මුළු කොන්ත්‍රාත් වටිනාකම මත සියයට 2.5ක කාර්යසාධන සුරක්ෂණයක් ලබාගත යුතු වුවද එම කාර්යසාධන සුරක්ෂණය ලබාගැනීමට ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශය මගින් කටයුතු කර නොතිබුණි.

මිට පෙරද මෙරටට කිරි ගවයින් ආනයනය කොට ඇත්තේ මෙම සැපයුම්කරුවන ඔස්ට්‍රේලියාවේ වේලාර්ඩ් රූරල් එක්ස්පෝර්ට් ආයතනය විසිනි. මීට පෙර කිරි ගවයින් ආනයනය කිරීමේ දී පැවති විවිධ ගැටලු හා අලාභයන් හඳුනාගෙන ඒ සඳහා නිරීක්ෂණ මෙන්ම එම තත්ත්වයන් නිවැරදි කර ගැනීමට අදාළ නිර්දේශයන් විගණනය මගින් ලබාදී තිබුණි. ඒ පිළිබඳ නොසලකා කිරි ගවයින් ආනයනය කිරීමට අත්තිකාරම් මුදල් ලබාදී තිබුණි. එමෙන්ම වසර 10කට පමණ පෙර තෝරාගන්නා ලද මෙකී සැපයුම්කරුවෙත නැවත ප්‍රසම්පාදනයක් සිදුනොකර කිරි ගවයින් ආනයනය කිරීමට තෝරාගෙන තිබුණි.

මෙකී සමාගමට අත්තිකාරම් ගෙවීමේදී ඉටුකරන වැඩ කොටස් හා අත්තිකාරම් පියවිම පිළිබඳ කිසිදු කොන්දෙසියක් අදාළ සමාගම සමග එළඹෙන ලද ගිවිසුමේ ඇතුළත්කොට නොතිබුණි. ඒ විතරක් නොව කිරිදෙනුන් 2500 ක් 2018 වර්ෂයේ දී ආනයනය කිරීමට සැලසුම් කර තිබියදී එම වර්ෂයේ දීම මෙම කිරි දෙනුන් 15000 ආනයනය කිරීමට අත්තිකාරම් මුදල් ලබාදීමට කටයුතු කර තිබිම ද විශේෂත්වයකි.

මෙකී සැපයුම්කාර ආයතනය විසින් 2017 වර්ෂයේදී ආනයනය කොට තිබූ ගර්භණී කිරිදෙනුන් පේරාදෙණිය සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිරෝධායනයට ලක්කොට තිබුණි. එම ගැබිනි කිරිදෙනුන් මගින් දේශීය ගවයින් සහ මානව ප්‍රජාවට බෝවිය හැකි Bovine Viral diarrhea [BVD] Fasciola Hepatica Infestation රෝග පවතින බවට හඳුනාගෙන තිබුණි. එම රෝග පැතිරීම වැළැක්වීම සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් සතුන්ගේ වසර තුනක සායනික ඉතිහාසය පරික්ෂාකොට බලා ඒ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිර්දේශකොට තිබුණි. එහෙත් එකී නිර්දේශ පිළිබඳ අවධානය යොමුනොකොට කිරිදෙනුන් ආනයනය කිරීමට අත්තිකාරම් මුදල් ගෙවා තිබුණි. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා සහ ප්‍රාදේශීය අධ්‍යක්ෂකවරු දෙදෙනෙකු ව්‍යාපෘති මෙහෙයුම් කමිටුවේ සාමාජිකයින් වශයෙන් කටයුතු කොට තිබිම ද විශේෂත්වයකි.

මෙරටට සතෙකු ආනයනය කිරීම සඳහා ආනයන සහ අපනයන පාලකවරයා විසින් නිකුත් කරනු ලබන බලපත්‍රයක් අවශ්‍ය වේ. මේ සඳහා ඔස්ට්්‍රලියාවේ වේලාර්ඩ් රූරල් එක්ස්පෝර්ට් සමාගම විසින් ශ්‍රී ලංකා රජයෙන් අදාළ බලපත්‍රය ඉල්ලා තිබුණි. එහෙත් ශ්‍රී ලංකා රජය විසින් නිසි කාලපරිච්ඡේදය තුළදී අදාළ බලපත්‍රය ඉදිරිපත් කිරීමට කටයුතු කර නොතිබුණි. සෞඛ්‍ය පරාමිතින් පිළිබඳ සැපයුම්කාර සමාගම සහ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අතර එකඟතාවයක් ඇතිවී නොතිබුණි. මේ නිසා කිරිදෙනුන් 15000 දෙනා අතුරින් එක් කිරි ගවයෙකු හෝ මෙරටට ගෙන්වා ගැනීමට නොහැකිවී තිබුණි. අනික් කාරණය වන්නේ අදාළ සැපයුම්කාර සමාගම සමග ගිවිසුම් ගතව ඇත්තේ රජයට අවාසිසහගත වන අයුරිනි. මෙම ගිවිසුමේ කොන්දේසි අනුව සාකච්ඡා මාර්ගයෙන් එකඟතාවයක් ඇති කරගැනීමට නොහැකි කරුණු පිළිබඳ විසඳා ගැනීමට අවස්ථාව සලසා දී තිබුණි. මේ පිළිබඳ වගකිවයුතු බලධාරින් විසින් අවධානය යොමුකර නොතිබුණි.

කිරි දෙනුන් 2500ක් ආනයනය කිරිම සඳහා සූදානම් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය මගින් ලබා දුන් අත්තිකාරම් මුදල වියදම් කොට ඇති බවත් එම මුදල ද ප්‍රමාණවත් නොවූ බව වේලාර්ඩ් රූරල් එක්ස්පෝර්ට් සමාගම විසින් දැනුම් දී තිබුණි. ඒ විතරක් නොව ආනයනය කරනු ලැබූ කිරි දෙනුන්ගේ ඵලදායිත්වය පිළිබඳව ද විවිධ ගැටලු මතුවී තිබූ අතර ආනයනය කරනු ලැබූ කිරි දෙනුන් නඩත්තු කිරීමේ දී ගොවීන්ට ද විවිධ ගැටලුවලට මුහුණදීමට සිදුවිය.

ඒ විතරක් නොව කිරි ගවයින් ආනයනය කිරීමේ තුන්වැනි අදියර එක පියවර යටතේ මෙරටට කිරි දෙනුන් 5018ක් ආනයනය කොට තිබුණි. එම කිරි ගවයින්ගෙන් ගොවිපොළ 06කට ලබාදුන් සතුන් 1503 කගේ තොරතුරු පමණක් විගණනයට ඉදිරිපත් කොට තිබුණි. ඉතිරි කිරි ගවයින් 3515ට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳ ගැටලුවකි. සැබවින්ම කිරිදෙනුන් ආනයනය කිරීමේ ගනුදෙනුව ද චීන පොහොර ගනුදෙනුවට සමාන සිද්ධියකි. කිසිදු කිරි ගවයෙකු ආනයනය නොකළ ද කෝටි 174ක මුදලක් ගෙවිමට කටයුතු කර තිබුණි.

කිරිදෙනුන් ගෙන්වීම සඳහා කෝටි 174කට අධික නිශ්කාර්ය වූ අත්තිකාරම් මුදලක් ගෙවීම සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් සම්බන්ධයෙන් නීතිමය හෝ විනය ක්‍රියාමාර්ග ගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. නිශ්කාර්ය ලෙස ගෙවා ඇති මුදල සැපයුම්කරුගෙන් නැවත අයකරගැනීම කටයුතු කළ යුතු බවත් එසේ අයකරගැනීමට නොහැකි නම් මේ සඳහා නිරීක්ෂණයන්, නිර්දේශයන් සහ අනුමැතිය ලබාදුන් පාර්ශවයන්ගෙන් අය කළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට තිබුණි.

කිරි ගවයින් ආනයනය කිරීමේ දී සිදුවී ඇති මූල්‍ය වංචා පිළිබඳ පාර්ලිමේන්තුවේ දී මෙම මස 19 වැනි දින විවාදයක් පැවැත්වෙන බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සඳහන් කළේය.

චීන පොහොර නැවෙන් මෙන්ම කිරි ගවයින් ආනයනය කිරිමේ කෝටි ගණන් ගසා කෑ අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම හා පංශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ද මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුණි.

ලලිත් චාමින්ද

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

6 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

2 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

2 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

1 day ago
Related News
විශේෂාංග

අපේ ආර්ථිකය සවිමත් විදේශ අංශයකට!

විශේෂාංග

බන්ධනාගාර රාජධානි බිඳවැටේ

විශේෂාංග

කොළඹ තීන්දුව හෙට!

විශේෂාංග සංචාරේ

සාම්පූර් සිට නිලාවැලි පරෙවි දූපතට මුහුදු සංචාරයක්…

විශේෂාංග

කෑමට වඩා ප්ලාස්ටික්වලට වියදම් කරන රටක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok