Sunday, 15 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කෑමට වඩා ප්ලාස්ටික්වලට වියදම් කරන රටක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 15 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කෑමට වඩා ප්ලාස්ටික්වලට වියදම් කරන රටක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

කෑමට වඩා ප්ලාස්ටික්වලට වියදම් කරන රටක්

18 hours ago
232 Views

වෙළෙඳ ගිවිසුම්වලින් පසුගිය පස් වසරට ඩොලර් බිලියන 36.88ක් පාඩුයි

චීන ප්ලාස්ටික් ආක්‍රමණයෙන් වැඩිම හානිය මෙරට කුඩා කර්මාන්තවලට

විදෙස් ජාතිකයන් ලංකාවට එන්නේ රට කෑම කන්න බොන්න නෙවෙයි

  • පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ

පසුගිය කාලයේ ආණ්ඩුව විදෙස් සංචිත ඉහළ නැංවූ බවට මහත් ඉහළින් පම්පෝරි ගැසුවා අපට මතකය. නමුත් අද අප කියන්නට යන කතාව නම් විදෙස් සංචිතවලට එතරම් සුබදායක කතාවක් නොවේ. මේ බව කියන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතාය. ඔහු කියන විදිහට මේ වන විට අපගේ වෙළෙඳ ගිණුමේ හිඟය වර්ධනය වෙමින් පවතී. එපමණක් නොව අතීතයේ පටන්ම ලංකාවට වෙළෙඳාමෙන් වැඩි වාසි අත් නොවුණු බවත් ඔහු කියයි.

2018 වන විට අපගේ භාණ්ඩ ගිණුමේ හිඟය පැවතියේ ඩොලර් බිලියන 10.34ක් වශයෙනි. 2021 වන විටත් ආනයන හා අපනයන අතර වෙනස ඩොලර් බිලියන 8.13කි. 2021 වර්ෂයේ අපනයන ආදායම ඩොලර් බිලියන 12.49ක් වන විට ආනයන වියදම ඩොලර් බිලියන 20.63ක් වශයෙන් වාර්තා විණි. මේ තත්ත්වය යම් තරමකින් හෝ අඩුවීමක් පෙන්නුම් කළේ 2023 වර්ෂයේදීය. ඒ ඒ රට තුළ ඇතිවූ දැඩි ආර්ථික අර්බුදයත් සමග ආනයනයන් සීමා කිරීම හේතුවෙනි. එම වර්ෂයේ අපගේ අපනයන ආදායම ඩොලර් බිලියන 11.91ක් වන විට ආනයන වියදම වාර්තා වන්නේ ඩොලර් බිලියන 16.81ක් වශයෙනි. ඒ අනුව එම වර්ෂයේ වෙළෙඳ හිඟය මෑත කාලයේ අඩුම අගයක් වාර්තා කරමින් ඩොලර් බිලියන 4.9 වශයෙන් සටහන් වී තිබේ. නමුත් 2024 වර්ෂයේ යළිත් වරක් මේ මේ රට පරණ පුරුදු පාරට වැටී ඇති බව නම් කිව යුතුය. 2024 වර්ෂයේ අපනයන ආදායම ඩොලර් බිලියන 12.77 දක්වා සුළු වශයෙන් වැඩිවීමක් පෙන්නුම් කළත් ආනයන වෙනුවෙන් වැය කර ඇති මුදල ඩොලර් බිලියන 18.84කි. ඒ අනුව යළිත් වරක් වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 6ක් වශයෙන් සටහන් වී ඇත. 2025 වර්ෂය තුළ දැකගන්නට ලැබෙන්නේ එවැනිම තත්ත්වයකි.

වෙළෙඳ හිඟය වර්ධනය වීමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇති කාරණය වන්නේ කිසිදු හෙවිල්ලකින් බැලිල්ලකින් තොරව භාණ්ඩ ආනයනය කිරීමයි. මෙරට තුළ පවතින, මෙරට තුළ නිෂ්පාදනය කළ හැකි සහ මෙරට තුළ වගා කළ හැකි දේවල් පවා ලෙහෙසියෙන්ම මෙන්ම කොමිස් බලාපොරොත්තුවෙන් ආනයනය කිරීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇත. රට වටේම මහ මුහුදක් තිබුණත් ලංකාවට අලුතින්ම ගෙන්වන භාණ්ඩය වන්නේ ලුණු ය. එහෙව් තත්ත්වයක් යටතේ අපට කියන්නට සිදුවන්නේ ‘සිය රට දේ සිරි සැප දේ’ වෙනුවට ‘පිටරට දේ සිරි සැප දේ’ යනුවෙනි.

ඉහළ ගිය ප්ලාස්ටික් ආනයනය

පසුගිය වසර පහක් වැනි කෙටි කාලය තුළ ප්ලාස්ටික් ද්‍රව්‍ය ආනයනය විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. එම කාලය තුළ ප්ලාස්ටික් භාණ්ඩ වෙනුවෙන් වැය කර ඇති මුදල ඩොලර් බිලියන 3.47කි. 2024 වසරේ ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 674කුත් 2023 වසරේදී ඩොලර් මිලියන 545 කුත් 2022 වසරේදී ඩොලර් මිලියන 734 කුත් 2021 වර්ෂයේදී ඩොලර් මිලියන 911 කුත් 2020 වර්ෂයේදී ඩොලර් මිලියන 612 වැය කර ඇත.

ජාතික කොඩියේ සිට සෑම දෙයක්ම දැන් ආනයනය කරන්නේ චීනයෙනි. මෙරටට ගෙනවිත් ඇති ප්ලාස්ටික් වලින් වැඩිම ප්‍රතිශතයක් හිමිකර ගෙන ඇත්තේ චීන ප්ලාස්ටික් බඩුය. ප්‍රමිතියෙන් ඉතාම අඩු ප්ලාස්ටික් භාණ්ඩ වරක් දෙවරක් භාවිත කරන විටම කැඩෙන බිඳෙන සුළුය. නමුත් මිලෙන් අඩුය. මේ නිසා තව තවත් මෙරට වෙළෙඳපළ ආක්‍රමණය කිරීමට චීන ප්ලාස්ටික් භාණ්ඩවලට හැකි වී ඇත. පසුගිය වසර පහට චීනයෙන් මෙරටට ආනයනය කර ඇති ප්ලාස්ටික් භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 783කි. චීනයට නොදෙවෙනි ප්ලාස්ටික් ප්‍රමාණයක් ඉන්දියාවෙනුත් ආනයනය කර ඇත. ඉන්දියාවෙන් මෙරටට ආනයනය කර ඇති ප්ලාස්ටික් භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 522කි.

ළමා පරපුර බිලිගත් ප්ලාස්ටික් මාරයා

මීට දශක දෙක තුනකට පෙර ළමා පරපුර අත ප්ලාස්ටික් සෙල්ලම් බඩු තිබුණේම නැත. තිබුණා නම් තිබුණේ ගෘහ සේවයේ සඳහා මැද පෙරදිග රටවලට ගිය කාන්තාවන් විසින් එම නිවෙස් වලින් ඉවත දැමූ සෙල්ලම් බඩු හෝ ධනවත්ම පවුල්වල ළමයින්ට අරන් දුන් සෙල්ලම් බඩුය. ඒවාත් ඉහළ ප්‍රමිතියෙන් යුතු ඒවා විය. අනෙක් සෑම ළමයෙක්ම සෙල්ලම් කළේ අවට පරිසරයෙන් සපයා ගන්නා ද්‍රව්‍ය ප්‍රයෝජනයට ගනිමිනි. ඒ අතර වැඩිපුරම තිබුණේ රබර් ඇට කරත්ත බට තුවක්කු, පොල්පිති හරකුන් වැනි සෙල්ලම් බඩුය. නමුත් අද ඒ තත්ත්වය හාත්පසින්ම වෙනස් වී ඇත. අද ඒ වෙනුවට සෑම ළමයෙකු අතට ම ප්‍රමිතියෙන් අඩු ප්ලාස්ටික් සෙල්ලම් බඩු ලැබී තිබේ.

මේ වන විට මෙරට සෙල්ලම් බඩු වෙළෙඳපොළ සම්පූර්ණයෙන්ම චීනය විසින් අත්පත් කරගෙන තිබේ. පසුගිය වසර පහට සෙල්ලම් බඩු ආනයනය වෙනුවෙන් චීනයට ගෙවා ඇති මුදල ඇමරිකන් ඩොලර් මිලියන 123කි. ඒ 2020 වර්ෂයේ ඩොලර් මිලියන 21ක්, 2021 වර්ෂයේ ඩොලර් මිලියන 36ක් 2022 වර්ෂයේ ඩොලර් මිලියන 18ක් 2023 වර්ෂයේ ඩොලර් මිලියන 21ක් හා 2024 වර්ෂයේ ඩොලර් මිලියන 26 ක් වශයෙනි.

මීට අමතරව මෙරට තුළ පවතින භාණ්ඩ වන තේ, කෝපි, කුළුබඩු, ලුණු, සත්ත්ව ආහාර, සබන්, ඉටිපන්දම්, එළවළු, පලතුරු වැනි ද්‍රව්‍ය ආනයනය සඳහාද විශාල මුදලක් වැය කර ඇත. එපමණක් නොව වැස්සට ඉහලාගෙන යන කුඩයත් වාරු නැති කල වාරු ලබා ගැනීමට පිහිටට එන හැරමිට්ට පවා ආනයනයට විශාල වශයෙන් මුදල් වැය කිරීම මොනතරම් කනගාටුවට කරුණක්ද.

එළවළුවලටත් වැඩි බරක්

දඬු කැබැල්ලක් විසි කළත් පැළවෙන සරුසාර පොළොවක් මෙරටට ස්වභාව ධර්මයෙන්ම ලැබී තිබේ. මෙරට වගාකළ නොහැකි දෙයක් නැති තරම්ය. සීත රටවල්වල වැවෙන මෙන්ම උෂ්ණ රටවල් වල වැවෙන ඕනෑම එළවළුවක් මෙරට පවතින දේශගුණයත් සමග වගා කළ හැකිය. එසේම වාර්ෂිකව ප්‍රයෝජනයට නොගෙන එළවළු අති විශාල ප්‍රමාණයක් ආර්ථික මධ්‍යස්ථාන අසල කුණු කූඩයට දමන පුවත් සෑම දිනකම වාර්තා වේ. එවන් තත්ත්වයක් යටතේ පසුගිය 2024 වර්ෂයේදී එළවළු ආනයනය වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 134539කි.

මීට කලකට පෙර දකුණු ආසියාවේ ලොකුම සීනි කර්මාන්ත ශාලාව පැවතියේ අපටය. ඈත අතීතයේ සිටම මෙරට රස කැවිලි සඳහා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලනු ලබයි. එහෙව් වටපිටාවක් තිබෙන රටට පසුගිය වසරේදී සීනි සහ රස කැවිලි ආනයනය වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන117515කි.

අදටත් වියළි කලාපයේ බොහෝ හේන්වල විවිධ ධාන්‍ය වර්ග වගා කරනු ලැබේ. ඊට අමතරව බොහෝ ගොවීන් අතරමැදි කන්නයේ තම කුඹුරු ඉඩම්වල පවා මුං ඇට, කව්පි බඩ ඉරිඟු වැනි ධාන්‍ය වර්ග වගා කරනු ලැබේ. නමුත් පසුගිය වසරේ මෙරටට ධාන්‍ය ආනයනය වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 49185කි.

‘රට වට කර සාගරයයි, එහි සම්පත් ආකාරයයි, පිටින් මාළු රටට ගේනවා ඕයි’ යනුවෙන් දීපාල් සිල්වා ගායනා කරන ගීතය අද සැබෑවක් වී තිබේ. ශ්‍රී ලංකාව මෙන් දෙතුන් සිය ගුණයක් විශාල මහා සාගරයක් පැවතියත් ගිය වසරේ මෙරටට මුහුදු ආහාර ආනයනය වෙනුවෙන් රුපියල් මිලියන 35827ක් වැය කර තිබේ. අඹ, අන්නාසි, නාරන් කෙසෙල්, වැල වරකා වැනි දහසකුත් එකක් පලතුරු තිබෙන රටේ පලතුරු ආනයනය වෙනුවෙන් ගිය වසරේ වැය කර ඇති මුදල රුපියල් මිලියන 17619කි. ඊට අමතරව පාන වර්ග ආනයනයට රුපියල් මිලියන 189391 …..?කුත් අනෙකුත් ආහාර හා පාන වර්ග සඳහා රුපියල් මිලියන 21978කුත් වැය කර ඇත.

පසුගිය කාලය තුළ අපි ආනයන සහ අපනයන කර ඇති රටවල් දෙස අවධානය යොමු කිරීමේදී මෙරටින් වැඩිම අපනයනයන් ප්‍රමාණයක් සිදු කර ඇති රට වන්නේ ඇමෙරිකාවයි. ඇමරිකාවට අපනයනය කර ඇති ප්‍රතිශතය 24%කි. ඊට අමතරව එක්සත් රාජධානියට 7.7% ඉන්දියාවට 7.4% ජර්මනියට 5.2% ඉතාලියට 4.9% නෙදර්ලන්තයට 3.2% වශයෙන් අපනයනයන් සිදු කර ඇත. නමුත් අප වැඩිපුරම ආනයනයන් සිදුකර ඇත්තේ චීනයෙනි. චීනයෙන් සිදුකර ඇති ආනයන ප්‍රමාණය 24%කි. එසේම ඉන්දියාවෙන් 21% සිංගප්පූරුවෙන් 6.9% මැලේසියාවෙන් 3.9%හා රුසියාවෙන් 3% වශයෙන් ආනයනයන් සිදුකර ඇත.

අහිමි උණු ඩොලර් කන්ද

මේ වන විට චීනය, ඉන්දියාව සහ සිංගප්පූරුව යන රටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ද ක්‍රියාත්මක වේ. එවන් වටපිටාවක පසුගිය වසර පහක කාලය තුළ එම රටවල් සමඟ සිදුකළ වෙළෙඳාමේදී අපට දැඩි අවාසි සහගත තත්ත්වයක් උද්ගත වුණු බව මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි. ඔහු ඒ පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

“චීනය ඉන්දියාව සහ සිංගප්පූරුව යන රටවල් සමග ලංකාව කළ වෙළෙඳ ගනුදෙනුවලදී විශාල අහිමිවීමක් දක්නට ලැබෙනවා. එය ඩොලර් බිලියන 36.88ක්. මේ මුදල අහිමි වී තිබෙන්නේ වසර පහක් වැනි කෙටි කාලයක් තුළ සිදුකළ ගනුදෙනු වලින්. අප රටේ සමස්ත විදෙස් ණය පවතින්නේ ඩොලර් බිලියන 36.68යි. සමස්ත ණය බරටත් වඩා වැඩි ප්‍රමාණයක් මේ රටවල් සමඟ සමග කළ වෙළෙඳ ගනුදෙනුවලදී අපට අහිමි වී තිබෙනවා.”

චීන ආක්‍රමණයෙන් වැනසුණු අපේ කර්මාන්ත

විශාල වශයෙන් චීනයෙන් ප්ලාස්ටික් සහ වෙනත් භාණ්ඩ ආනයනය කිරීමත් සමඟ හැම කුණු කංදල් ගොඩක්ම මෙරටට ගොඩ බැස තිබේ. මෙතුළින් වැඩිම හානිය සිදුව ඇත්තේ මෙරට කුඩා කර්මාන්ත ක්ෂේත්‍රයටයි. ප්ලාස්ටික් ඉදල් කොසු, පාපිසි, පැදුරු ලංකාව ආක්‍රමණය කිරීමත් සමඟ එක පැත්තකින් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය බිඳවැටී ඇති අතර අනෙක් පැත්තෙන් පරිසර හිතකාමී ද්‍රව්‍ය පරිසරයෙන් ඉවත් වී ඇත. මේ ආකාරයට විශාල කර්මාන්ත ප්‍රමාණයක් චීන ප්ලාස්ටික් භාණ්ඩ හා වෙනත් ද්‍රව්‍ය නිසා දැඩි තර්ජනයකට ලක්වී අවසානය. මෙම ක්‍රියාවලිය ක්‍රම දෙකකට මෙරට බලපා ඇත. ඉන් එකක් වන්නේ විශාල වශයෙන් අහිතකර ද්‍රව්‍ය රට තුළට ගලා ඒමයි. අනෙක් පැත්තෙන් රටේ විදේශ විනිමය රටින් පිටට ඇදී යයි.

මෙරට ජනතාවට අමුතුම ආකාරයේ මානසික මට්ටමක් පවතී. ඒ කොතරම් හොඳට ප්‍රමිතියෙන් යුතුව භාණ්ඩ සහ ආහාරපාන නිෂ්පාදනය කළත් රට බඩුවලට සහ ආහාර පානවලට දක්වන පුදුමාකාර කැමැත්තයි. එක් පිරිසකගේ තර්කය වන්නේ සංචාරක කර්මාන්තයට එම රටවල ආහාර සහ උපකරණ අවශ්‍යම බවයි. මේ පිළිබඳවද කරුණු දැක්වීමටද අතුකෝරළ මහතා අමතක කළේ නැත. මේ ඒ ගැන ඔහු කී කතාවයි.

“සංචාරක කර්මාන්තය දියුණු කරන්න විදෙස් රටවල ආහාරපාන සහ උපකරණම අවශ්‍ය නැහැ. විදෙස් ජාතිකයන් ලංකාවට එන්නේ එම රටවල තිබෙන කෑම ජාති කන්න බොන්න නෙවෙයි. මේ රටට ආවේණික කෑම බීම වගේම මේ රටේ දේවල්වල සුව පහසුව විඳින්න. සංචාරකයන්ට අපි පුළුවන් තරම් දෙන්න ඕන අපේ දේවල්. එහෙම නැතිව පිටරට දේවල් ආනයනය කරල දීමෙන් සංචාරක කර්මාන්තයට වගේම රටේ සංවර්ධනයටත් කිසිම වැඩක් නැහැ. ඒකෙන් වෙන්නෙ අපේ විදේශ විනිමය පිටරටට ඇදී යෑම විතරයි.

සමීර කන්නන්ගර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

6 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

2 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

2 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

23 hours ago
Related News
විශේෂාංග

අපේ ආර්ථිකය සවිමත් විදේශ අංශයකට!

විශේෂාංග

බන්ධනාගාර රාජධානි බිඳවැටේ

විශේෂාංග

කොළඹ තීන්දුව හෙට!

විශේෂාංග සංචාරේ

සාම්පූර් සිට නිලාවැලි පරෙවි දූපතට මුහුදු සංචාරයක්…

විශේෂාංග

හරක් ගෙන්නලා කෝටි ගණන් කාපු තක්කඩි හරක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok