Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අපේ ආර්ථිකය සවිමත් විදේශ අංශයකට!
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අපේ ආර්ථිකය සවිමත් විදේශ අංශයකට!
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

අපේ ආර්ථිකය සවිමත් විදේශ අංශයකට!

19 hours ago
311 Views

2022 වසරේ ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දුන්නේ මූලික වශයෙන්ම බරපතළ විදේශ විනිමය හිඟයකට රටට මුහුණ දීමට සිදුවීම නිසාය. රට විශාල වශයෙන් ණය ගෙන තිබූ අතරම එම විදේශ ණය කලට වෙලාවට ගෙවාගත නොහැකි තත්ත්වයක් උද්ගත විය. මේ නිසා එවකට පැවති ගෝඨාභය රාජපක්ෂ රජයට තාවකාලිකව විදේශ ණය ගෙවීම අත්හිටුවීමට සිදු විය. මෙය බොහෝ දෙනෙක් රට බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමක් ලෙස හඳුන්වනු ලැබීය. මේ ප්‍රශ්නය මීට පෙර සිට අපේ ආර්ථික බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නොගෙන විසඳා ගන්නට උත්සාහ කළත් එය සාර්ථික නොවූ අතර ඒ වෙනුවට සිදු වූයේ විදේශ විනිමය අර්බුදය දිනෙන් දින උග්‍ර වීමයි. ඒ හමුවේ රටට අත්‍යවශ්‍ය ඉන්ධන හා ගෑස් ටික පවා ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය. රටේ පෝලිම් තත්ත්වයන් නිර්මාණය වීමෙන් ජනතාව අසීමිතව පීඩාවට ද පත් විය. මේ නිසා අවසානයේ බොහෝ ප්‍රමාද වී හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීමට ආණ්ඩුවට සිදුවිය. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන ණය වැඩසටහනේ වසර දෙකකට අධික කාලයක් සම්පූර්ණ කරමින් පැමිණි දුෂ්කර ගමනේ ප්‍රතිලාභ ලැබීමට රටට හැකිව ඇත.

මේ අනුව රටේ ආර්ථිකය කිසියම් දුරකට ස්ථාවර තත්ත්වයට පත් කර ගැනීමට හැකිව ඇති අතර ආර්ථිකයේ විදේශ අංශයේ සැලකිය යුතු ප්‍රගතියක් ද වාර්තා කර ඇත. එහෙත් ප්‍රතිපත්ති වෙනස් නොකරමින් මේ පැමිණි ප්‍රතිපත්ති දිශානතියේ තවත් කාලයක් ඉදිරියට ගමන් කිරීමට ද අපට සිදුවනු ඇත. නව රජයත් මේ අයිඑම්එෆ් ගමන යන්නේ ආර්ථිකය තවදුරටත් ස්ථාවර කරගැනීමේ කාර්යයට ප්‍රමුඛත්වය ලබාදියයුතු නිසාය. කෙසේ හෝ අප මුහුණ දුන් ආර්ථික අර්බුදයේ උගත යුතු පාඩම් ද අප ඉගෙන ගනිමින් ඒ අනුව ඉදිරියට වඩාත් හොඳින් රාජ්‍ය ණය කළමනාකරණය සහ විදේශ විනිමය කළමනාකරණය කළ යුතු බව අපගේ අදහසයි. මේ නිසා විදේශ විනිමය ඉපයුම් වර්ධනය කරගැනීම මෙහිදී ඉතාමත්ම වැදගත් දෙයකි. ඊට සාපේක්ෂව අපගේ ආනයන වියදම් ගළපා ගැනීම ද වැදගත්ය. මේ පසුබිම තුළ අපේ ආර්ථිකයේ විදේශ අංශයේ ක්‍රියාකාරිත්වය ගැන අපි මේ ලිපියෙන් අවධානය යොමු කරමු.

ශ්‍රී ලංකා මහ බැකුව පසුගිය දා ආර්ථිකයේ විදේශ අංශයට අදාළ නවතම තොරතුරු ඇතුළත් වාර්තාවක් නිකුත් කළ අතර එහි අපේ ආර්ථිකයේ විදේශ අංශයට අයත් විවිධ ක්ෂේත්‍රවල නවතම යාවත්කාලීන තොරතුරු රැසක් අන්තර්ගත වේ. ඒ අනුව මේ වසරේ (2025) ගෙවී ගිය පසුගිය කාලයේ ආර්ථිකයේ විදේශ අංශයේ ක්‍රියාකාරිත්වය ගැන මේ තොරතුරුවලින් අපට අවබෝධයක් ලබාගත හැකිය. මහ බැංකුව නිකුත් කළ මේ නවතම වාර්තාවේ අපේ ආර්ථිකයේ විදේශ අංශය ගැන ප්‍රධාන කරුණු අටක් සඳහන් කර තිබේ. ඒවා මෙසේය.

  • විදේශීය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව පිළිබිඹු කරමින්, 2025 වසරේ ජනවාරි මාසයේ සිට මාසික ජංගම ගිණුම අතිරික්තයක් ලෙස පවතී.
  • 2024 වසරේ අප්‍රේල් සහ 2025 වසරේ මාර්තු යන මාස දෙකටම සාපේක්ෂව 2025 වසරේ අප්‍රේල් මාසයේ දී වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය පුළුල් විය. මෙයට හේතුව වෙළෙඳ භාණ්ඩ අපනයන වර්ධනයට (10.4%)ක වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) සාපේක්ෂව වෙළෙඳ භාණ්ඩ ආනයනය ඉහළ වේගයකින් (17.5%)ක වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) වර්ධනය වීමයි. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම මෝටර් රථ ආනයනය ( ඇමරිකානු ඩොලර් මිලියන 134) හේතු විය.
  • අපනයන මිල ගණන් පහත වැටීමට වඩා වැඩි වේගයකින් ආනයන මිල ගණන් පහත වැටීම නිසා මාසය තුළ වෙළෙඳ මිල අනුපාතය ඉහළ ගියේය.
  • 2025 වසරේ අප්‍රේල් මාසයේ දී සංචාරක ඉපැයීම්, 2024 වසරේ අප්‍රේල් මාසයේ දී වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 226ට සාපේක්ෂව, ඇමරිකානු ඩොලර් මිලියන 257ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇත.
  • 2025 වසරේ අප්‍රේල් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, 2024 වසරේ අප්‍රේල් මාසයේ දී වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 544ට සාපේක්ෂව, ඇමරිකානු ඩොලර් මිලියන 646ක් ලෙස වාර්තා විය.
  • රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි විදේශීය ආයෝජන, පෙර මාසයේ දී වූ ශුද්ධ ලැබීමක සිට ඇමරිකානු ඩොලර් මිලියන 12ක සුළු ශුද්ධ ගෙවීමක් දක්වා වෙනස් වූ අතර, කොළඹ කොටස් වෙළෙඳපොළෙහි විදේශීය ආයෝජන (ප්‍රාථමික සහ ද්විතීයික වෙළෙඳපොළ ඇතුළුව) ශුද්ධ ගෙවීමක සිට ඇමරිකානු ඩොලර් මිලියන 3ක සුළු ශුද්ධ ලැබීමක් දක්වා වෙනස්වීමක් වාර්තා කළේය.
  • ණය සේවාකරණය මධ්‍යයේ වුවද, 2025 වසරේ අප්‍රේල් මාසය අවසන් වනවිට දළ නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 6.3ක් ලෙස හිතකර අගයක පැවතුණි.
  • 2024 වසර අවසානයේ සිට 2025 වසරේ මැයි මස අවසානය දක්වා වූ කාලපරිච්ඡේදය තුළ දී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි අවප්‍රමාණය වීම සියයට 2.3කි.

මේ ගැන තවත් සවිස්තරාත්මක සංඛ්‍යා ලේඛන මහ බැංකුවේ මාසික විදේශීය අංශ විවරණිකාවෙන් සහ ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ විදේශීය අංශ සංඛ්‍යා ලේඛන වෙබ් පිටුවලින් ලබාගත හැකි වේ. මූලික වශයෙන් මහ බැකුව නිකුත් කළේ, මේ වසරේ (2025) අප්‍රේල් මාසයට අදාළ විදේශ අංශයේ තොරතුරු වන අතර එසේම 2025 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලයේ විදේශ අංශයේ ක්‍රියාකාරිත්වයට අදාළ සමස්ත අගයන් ද එහි ඇතුළත් වේ. මේ නිසා අප්‍රේල් මාසයේ මෙන්ම, මෙම වසරේ (2025) පළමු මාස හතරට අදාළ විදේශ අංශයේ ක්‍රියාකාරිත්වය ගැන ද අපට අදහසක් ලබාගත හැකි වේ.

මූලික වශයෙන්ම එහි සඳහන් වන්නේ වෙළෙඳ හිඟය පුළුල් වුව ද, සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ තුළින් වූ හිතකර ලැබීම් හේතුවෙන්, ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශීය අංශය 2025 අප්‍රේල් මාසයේ දී ශක්තිමත්ව පැවතුණ බවයි. වෙළෙඳ හිඟය යනු අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරයයි. මේ අනුව වෙළෙඳ හිඟය පුළුල් වන්නේ අපනයන ආදායමට වඩා වැඩි ආනයන වියදමක් පවතිනවිටය. එසේම මේ පරතරය වැඩි වෙමින් තිබෙන නිසා වෙළෙඳ හිඟය පුළුල් වෙමින් තිබේ. මෙය හිතකර තත්ත්වයක් නොවන අතර මෙහි අදහස අපගේ ආනයන වියදම් පියවා ගැනීමට අපගේ අපනයන ආදායම ප්‍රමාණවත් නොවෙන බවයි. මේ නිසා ආනයන වියදම් දැරීම සඳහා අපනයන ආදායම මගින් උපයන විදේශ විනිමය ප්‍රමාණයට අමතරව තවත් විදේශ විනිමය ප්‍රමාණයක් සොයාගැනීමට සිදුවේ. ඒ සඳහා සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ තුළින් ලැබෙන විදේශ විනිමය දායක කරගත හැකිය.

මේ අනුව ගිය වසරේ (2024) අප්‍රේල් මාසයේ වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 557.7 ක් වූ වෙළෙඳ හිඟය මේ වසරේ (2025) අප්‍රේල් මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 717.5ක් දක්වා වර්ධය වී තිබේ. එසේම මේ වසරේ (2025) ජනවාරි සිට අප්‍රේල් දක්වා මාස හතරක කාලයේ මුළු වෙළෙඳ හිඟය ද ඇමරිකානු ඩොලර් මිලියන 2257.1ක් දක්වා වර්ධනය වී තිබේ. ගිය වසරේ (2024) ජනවාරි සිට අප්‍රේල් දක්වා මාස හතරක කාලයේ මුළු වෙළෙඳ හිඟය ඇමරිකානු ඩොලර් මිලියන 1777.1ක් විය. මේ අනුව මේ කාලයේ දී වෙළෙඳ හ`ිගය ඇමරිකානු ඩොලර් මිලියන 480කින් පමණ වැඩි වී ඇත. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ අපනයන ආදායම වර්ධනය වීමට වඩා වැඩි වේගයකින් ආනයන වියදම් වර්ධනය වීමයි.

මේ අනුව මේ වසරේ (2025) අප්‍රේල් මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 968 .4ක් වන අතර මේ අගය ගිය වසරේ (2024) අප්‍රේල් මස වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 877.6ක වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමට වඩා සියයට 10.4 ක වර්ධයකි. එසේම වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ගතහොත් මේ වසරේ (2025) අප්‍රේල් මාසයේ වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 1685.9ක් දක්වා සියයට 17.5 කින් ඉහළ වේගයකින් වර්ධනය වී තිබේ. ගිය වසරේ (2024) අප්‍රේල් මාසයේ ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 1435.2ක් විය. මේ ආනයන වියදම් වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන්ම මෝටර් රථ ආනයනය ඇමරිකානු ඩොලර් මිලියන 134ක් දක්වා වැඩි වීම ද හේතු විය.

මේ අතර මේ වසරේ (2025) පළමු මාස හතරේම වටිනාකම් ගත්විට වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම් ඇමරිකානු ඩොලර් මිලියන 6572.9ක් දක්වා සියයට 12.7 කින් වැඩි වී තිබේ. ගිය වසරේ (2024) මුල් මාස හතරේ වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම් ඇමරිකානු ඩොලර් මිලියන 5833.2 ක් විය. මේ අනුව මේ මාස හතරක කාලයේ දී වෙළෙඳ හිඟය ඇමරිකානු ඩොලර් මිලියන 739.7 කින් වර්ධනය වී තිබේ. එහෙත් මේ කාලයේ අපනයන ආදායම් වර්ධනය වී ඇත්තේ මේ ආනයන වියදම් වර්ධනය වූ වේගයට වඩා අඩු වේගයකිනි. එනම් මේ මාස හතරක කාලයේ අපනයන ආදායම් වර්ධනය වී ඇත්තේ සියයට 6.4 කින් වේ. මේ අනුව ගිය වසරේ (2024) පළමු මාස හතරේ ඇමරිකානු ඩොලර් මිලියන 4056.1ක් වූ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම, මේ වසරේ (2025) පළමු මාස හතරේ දී ඇමරිකානු ඩොලර් මිලියන 4315.8 ක් දක්වා වර්ධනය වී ඇත.

විනිමය අර්බුදය හමුවේ අපේ රටේ මෝටර් රථ වාහන සඳහා කලක් තිස්සේ පනවා තිබූ ආනයන සීමාවන් ලිහිල් කළේ, මේ මෑත කාලයේදීය. ඒ නිසා අපේ සල්ලි තියෙන බොහෝ දෙනෙක් අලුත් වාහනයක් මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටි අතර ඒ නිසාම මෝටර් රථ වාහන සඳහා ඉල්ලුමේ වර්ධනයක් සිදුවීම ස්වාභාවිකය. මේ හේතුවෙන් මෝටර් රථ වාහන ආනයන වියදමේ වර්ධනයක් ද සිදුව ඇත. මේ අනුව වෙළෙඳ භාණ්ඩ ආනයන වියදමේ වර්ධනයට, මෙසේ මෝටර් රථ වාහන ආනයන වියදම් වර්ධනය වීම ද හේතුවෙමින් තිබේ. මෙය ඉදිරි මාසවල රටේ ආනයන වියදම් වර්ධනයට ද බලපෑමක් ඇති කළ හැකිය. ඒ නිසා විදේශ විනිමය කළමනාකරණයට පීඩනයක් ඇති නොවෙන පරිදි මේ තත්ත්වයන් හසුරුවා ගැනීමට ආර්ථික බලධාරීන් සැලකිලිමත් විය යුතු වේ.

මෙසේ ආනයන වියදම් වර්ධනය වී වෙළෙඳ හිඟය වර්ධනය වී තිබුණත්, සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ආදායම් වර්ධනය වීම, මේ තත්ත්වයට හිතකර ලෙස බලපා ඇත. 2025 වසරේ අප්‍රේල් මාසයේ දී සංචාරක ඉපැයීම්, 2024 වසරේ අප්‍රේල් මාසයේ දී වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 226ට සාපේක්ෂව, ඇමරිකානු ඩොලර් මිලියන 257ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇත. මෙය සියයට 13.7 වර්ධනයකි. එසේම ගිය වසරේ (2025) පළමු මාස හතරේ දී වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 1251.6ක සංචාරක ආදායම මේ වසරේ (2025) පළමු මාස හතරේ දී ඇමරිකානු ඩොලර් මිලියන 1379ක් දක්වා සියයට 10.2 කින් වර්ධනය වී ඇත. මෙසේ සංචාරක පැමිණීම් සහ ආදායමේ සැලකියයුතු වර්ධනයක් තිබුණත්, අප විශ්වාස කරනුයේ නිසි සැලසුම් හා උපායමාර්ග ඇත්නම් සංචාරක කර්මාන්තය තවත් සැලකිය යුතු ලෙස දියුණු කර ගැනීම් විභවතාව අපට හොඳටම ඇති බවයි. එම විභවතාවයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සමත් සැලසුම් හා උපාමාර්ගයක් වෙත අප යොමු විය යුතුව තිබේ. ඒ බව වර්තමාන සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහාපති අප හිතවත් බුද්ධික හේවාවසම් මහතාට පෙන්වාදීමට අප කැමැතිය. ඒ බව ඔවුන් නොදන්නවා නොවේ. එහෙත් ප්‍රශ්නය වන්නේ අප රට සතුව ඇති ඉහළ විභවතාවයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සමත් වැඩපිළිවෙළක් (සැලසුම් හා උපායමාර්ග) ඇති කර ගැනීමට අප සමත් වන්නේ ද යන්නයි. ඒ සඳහා කර්මාන්තයේ පාර්ශ්වකරුවන් සහ රජයේ සංචාරක බලධාරීන් එක්ව නිසි ඉදිරි දැක්මක් ඇතිව එම අරමුණු ජය ගැනීමට සාමූහික ප්‍රයත්නයක් දැරිය හැකි නම් එය වඩාත් වැදගත් වනු ඇත. මෙහිදී සංචාරක ප්‍රවර්ධන ක්‍රියාකාරකම් මෙම මෙන්ම රටේ අත්‍යවශ්‍ය සංචාරක යටිතල පහසුකම් ද වැඩි දියුණු කරගත යුතුව තිබේ. මෙහිදී දැනට තරමක් අමතකව ගොස් ඇති සංචාරක සත්කාරක නිවාස (home stay) අංශයට නව පණක් දීම ද වැදගත් වනු ඇත. ඒ අංශය ගැන මේ ලියුම්කරු පසුගිය කාලයේ කළ පර්යේෂණයකට අනුව එම දත්ත දායකයන්ගෙන් දැනගත හැකි වූයේ මේ අංශය ගැන රජයේ සැලකිල්ල හොඳටම අඩු වී ඇති බවයි.

සංචාරක ව්‍යාපාරයට අමතරව අපට විදේශ විනිමය ලැබෙන තවත් ප්‍රධාන අංශයක් වන්නේ විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ආදායමයි. මේ අනුව 2025 වසරේ අප්‍රේල් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ආදායම, 2024 වසරේ අප්‍රේල් මාසයේ දී වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 544ට සාපේක්ෂව, ඇමරිකානු ඩොලර් මිලියන 646ක් දක්වා සියයට 18.8කින් වැඩි වී තිබේ. එසේම ගිය වසරේ (2024) මුල් මාස හතරේ ඇමරිකානු ඩොලර් මිලියන 2079.9 ක් වූ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ආදායම, මේ වසරේ (2025 ) මුල් මාස හතරේ දී ඇමරිකානු ඩොලර් මිලියන 2460.5ක් දක්වා සියයට 18.3කින් වර්ධනය වී ඇත. මෙසේ සංචාරක ඉපයුම් සහ විදේශ විනිමය ප්‍රේෂණ ආදායම් වර්ධනය වීම නිසා වෙළෙඳ හිඟය වර්ධනය වීමේ අවාසිය මඟ හරවා ගතහැකිව ඇත. මේ වසරේ (2025) මුල සිට මැයි මස අවසානය දක්වා වූ කාලයේ දී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 2.3කින් පිරිහීමට ද පත්ව තිබේ. ණය ගෙවීම් මධ්‍යයේත් මේ වසරේ (2025) අප්‍රේල් මාසය අවසන් වනවිට දළ නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 6.3ක් ලෙස ඉහළ අගයක පවතී. මේ පසුබිම තුළ අපේ ආර්ථිකයේ විදේශ අංශයේ ක්‍රියාකාරිත්වය අපට මෙලෙස විමසුමට ලක් කළ හැකිය. එහෙත් නව ලෝක ආර්ථික වාතාවරණය හමුවේ, මේ වසරේ (2025) ලෝක ආර්ථිකය මන්දගාමී වීම හරහා අපට ද එහි අහිතකර බලපෑම් ඇතිවෙනු ඇත. ඒ නිසා ආර්ථිකය තවදුරටත් යථා තත්ත්වයට පත්කර ගැනීමේ අභියෝගය ජයගැනීම සඳහා අපට නව අභියෝගාත්මක වාතාවරණයකට ද මුහුණදීමට සිදුව ඇති බව පැහැදිලි වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

6 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

2 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

2 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

24 hours ago
Related News
විශේෂාංග

බන්ධනාගාර රාජධානි බිඳවැටේ

විශේෂාංග

කොළඹ තීන්දුව හෙට!

විශේෂාංග සංචාරේ

සාම්පූර් සිට නිලාවැලි පරෙවි දූපතට මුහුදු සංචාරයක්…

විශේෂාංග

හරක් ගෙන්නලා කෝටි ගණන් කාපු තක්කඩි හරක්

විශේෂාංග

කෑමට වඩා ප්ලාස්ටික්වලට වියදම් කරන රටක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok