මෙම සතියේ නැකැත් සුබ කටයුතු සඳහා යොදා ගැනීමේදී ඔබගේ කාර්ය වඩාත් සාර්ථක කරගැනීමට නම් ඔබගේ අවශ්‍යතාවය අනුව ජ්‍යොතිෂවේදී මහතෙකුගේ උපදෙස් ලබාගැනීම වඩා සුදුසුය.
ජූනි 16 වැනි සඳුදා දවස පුරාම දෙනට නැකත පවතින අතර අටවිසි මහා යෝග අතර ශුභ යෝගය යෙදී ඇත. අද, සා, සියාවස, පුනාවස, විසා, පුවපුටුප, බෙරණ, පුවපල්, පුවසල, රෙහෙණ, හත, සුවණ, අස්ලිස, දෙට,රේවතී යන නැකැත් හිමියන්ට වගා කටයුතු, වෙළෙඳ ව්‍යාපාර කටයුතු, මූල්‍ය කටයුතු, ගිවිසුම් අත්සන් කිරීම, ආගමික කටයුතු හා කුඩා දරුවන්ගේ සියලු කටයුතු සඳහා සුබ නැකැත් මෙදින සාදා ගතහැකිය. සුබ දිශාව උතුර වේ.
ජුනි 18 බදාදා පස්වරු 1.33 දක්වා සිද්ධි යෝග බලය සහිත පංචාංග ශුද්ධ සුබ දිනයකි. පුවපුටුප නැකත පවතින මෙදින පුෂ, අනුර, උත්‍රපුටුප, අස්ලිස, දෙට,රේවතී,අද, සා, සියාවස, රෙහෙණ, හත, සුවණ, බෙරණ, පුවපල්, පුවසල යන නැකැත් හිමියන්ට ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීම් ආරම්භයට, තරග විභාග ආදියට ඉදිරිපත්වීමට, රසායනික කටයුතු සම්බන්ධ වැඩවලට, මුදල් තැන්පත් කිරීම ආදියට නැකැත් සාදා ගත හැකිය. සුබ දිශාව නැඟෙනහිර වේ. ජූනි 20 වන සිකුරාදා කේවල සිද්ධි යෝගය ඉතාම සුබ යෝගයක් සහිත නැකැත් දිනයකි. රාත්‍රී 9.43 දක්වා මෙම යෝග බලය පවතින අතර අට විසි මහා යෝග චක්‍රය අනුව ශ්‍රීවත්ස නම් යෝගයද, ශෝභන යෝගයද, සුබ කර්ණයන්ද මෙදින යෙදී ඇත. පුෂ, අනුර, උත්‍රපුටුප, අද, සා, සියාවස, රෙහෙණ, හත, සුවණ, බෙරණ, පුවපල්, පුවසල,අස්විද, මා, මුල යන නැකැත් හිමියන්ගේ සියලුම ගොවිතැන් හා වගා කටයුතු, ළිං තැනීම, වෙදකම්, වෙළහෙළඳාම් හා ව්‍යාපාර, මූල්‍ය, ලිපි ලේඛන, රැකියා, ආගමික කටයුතු හා කුඩා දරුවන්ගේ සියලුම කටයුතු මෙම දිනය ඉතා ප්‍රශස්තය.
මෙම සතියේ 17 වන අඟහරුවාදා පස්වරු 2.45 සිට 18 වන බදාදා පස්වරු 1.33 දක්වා සිංහ කරණය පවතින බැවින් මෙම දෙදින අල වර්ග සිටුවීමට ඉතා සුදුසුය. 21 වන සෙනසුරාදා පෙරවරු 7.20 සිට දිවි කරණය ද පවතින බැවින් කොළ ප්‍රයෝජනයට ගන්නා බෝග වර්ග සිටුවීමට මෙදින සුදුසුය.

ජ්‍යොතිර්වේදී,වාස්තුවිද්‍යා උපදේශක, විදුහල්පති, දේශමාන්‍ය
ආචාර්ය – කපිල ඉන්ද්‍රික ගුණදාස.
මාලිබොඩ- දැරණියගල.
076 824 8000