Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: LOLC සමූහය ගෝලීය වර්ධනයේ ජවය ලබමින් රු. බි. 41 ක ලාභයක් වාර්තා කරයි..
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: LOLC සමූහය ගෝලීය වර්ධනයේ ජවය ලබමින් රු. බි. 41 ක ලාභයක් වාර්තා කරයි..
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

LOLC සමූහය ගෝලීය වර්ධනයේ ජවය ලබමින් රු. බි. 41 ක ලාභයක් වාර්තා කරයි..

22 hours ago
96 Views
ඉෂාර නානායක්කාර සභාපති LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී / කපිල ජයවර්ධන සමූහ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී - LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී

මුළු වත්කම් රුපියල් ට්‍රිලියන 2 ඉක්මවයි

LOLC සමූහය 2024/25 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 41 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 89% ක කැපී පෙනෙන වර්ධනයක් සලකුණු කරයි.

මූල්‍ය වර්ෂය තුළ ලද, රුපියල් බිලියන 48 ක මෙහෙයුම් ලාභය ඊට සහය වී ඇත. මූල්‍ය සේවාවන් ස්ථාවර ලෙස ව්‍යාප්ත වීම,
උපායමාර්ගිකව සිදුකළ ජාත්‍යන්තර අත්පත් කර ගැනීම් පෙළ මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය වැඩිදියුණු වීම LOLC සමූහයේ මෙම ශක්තිමත් ක්‍රියාකාරිත්වයට හේතුවී තිබේ.

දැන් ලොව රටවල් 25 කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන LOLC මූල්‍ය සේවා, කෘෂිකර්මාන්ත, වතු වැවිලි, මෝටර් රථ, නිෂ්පාදන, ඉදිකිරීම්, සමුද්‍රික, බලශක්ති උත්පාදන, ඖෂධ සහ සංචාරක යන අංශ ඔස්සේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වශයෙන් වඩාත්ම විවිධාංගීකරණය වූ ආයතනික සමූහය ලෙස එහි තත්වය තවදුරටත් තහවුරු කර ගනී.

LOLC සමූහයේ මුළු වත්කම් රුපියල් ට්‍රිලියන 2.03 දක්වා 17% කින් ඉහළ ගොස් ඇති අතර, රුපියල් බිලියන 343 ක් වූ කොටස් හිමියන්ගේ වත්කම් 15% ක වර්ධනයක් සනිටුහන් කරයි. එහි සමස්ත ණය ස්කන්ධ අනුපාතය (ණය හිමිකරු ප්‍රාග්ධන අනුපාතය) 1.2 ගුණයක සිට 1.05 ගුණයක් දක්වා වැඩි දියුණු වීම, සක්‍රිය ආයෝජන ප්‍රවාහයක් මධ්‍යයේ වුවද, එහි ශේෂ පත්‍රයේ දැවැන්ත ශක්තිය සලකුණු කරයි.

අප්‍රිකානු ව්‍යාප්තිය ගෝලීය ප්‍රවේශය ශක්තිමත් කරයි පසුගිය වසර පුරා LOLC හි ආයෝජන ක්‍රමෝපාය ප්‍රධාන වශයෙන් අප්‍රිකානු තේ අංශයේ අත්පත් කරගැනීම් වලට යොමුවිය. 2023 වසරේදී කෙන්යාවේ ෆින්ලේස් මෙහෙයුම් අත්පත් කරගත් LOLC සමූහය, කෙන්යාවේ, රුවන්ඩාවේ සහ ටැන්සානියාවේ ලිප්ටන් වතුයායන්ද අත්පත් කර ගනු ලැබීය. මෙම ආයෝජන මඟින් ඉඩම් දේපොළ අංශ කෙරෙහි LOLC හි උද්යෝගිමත් අභිලාෂයන් මෙන්ම ගෝලීය තේ සැපයුම් දාමයේ ප්‍රධාන බලවේගයක් වීමේ එහි අභිප්‍රාය නිරූපනය කරයි.

දේශීය අංශය සැලකු විට Sierra Cables හි සුළුතර කොටස්, පාලන බලය සහිත බහුතර කොටස් බවට පරිවර්තනය කළ LOLC සමූහය කාර්මික නිෂ්පාදන ක්ෂේත්‍රයේ සිය පැවැත්ම තහවුරු කළේය.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

6 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

2 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

2 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

1 day ago
Related News
ගණුදෙනු ලොව

ඩයලොග් NARA ආයතනය සමග එක්ව භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන Sayuru මොබයිල් App එක ධීවර කර්මාන්තයට හඳුන්නා දෙයි

ගණුදෙනු ලොව

සම්පත් බැංකුව, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණයෙන් බලගැන්වෙන වන ක්ෂණික පුද්ගලික ණය ලබාදීමේ විසඳුමක් හඳුන්වා දෙයි

ගණුදෙනු ලොව

DIMO, සිය DATS වෘත්තීය පුහුණු ආයතනය පෑලියගොඩට රැගෙන යයි

ගණුදෙනු ලොව

Lenovo Evolve 25 පරිගණක එළිදක්වයි

ගණුදෙනු ලොව

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok