Saturday, 14 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බාලක ශූරතාව මාතලේට – බාලිකා ශූරතාව කොළඹට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 14 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බාලක ශූරතාව මාතලේට – බාලිකා ශූරතාව කොළඹට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

බාලක ශූරතාව මාතලේට – බාලිකා ශූරතාව කොළඹට

2 days ago
172 Views

58 වැනි අන්තර් දිස්ත්‍රික් ඒකාබද්ධ පාසල් හොකී තරගාවලිය

58 වැනි අන්තර් දිස්ත්‍රික් ඒකාබද්ධ පාසල් වයස අවුරුදු 20 න් පහළ හොකී තරගාවලියේ බාලක ශූරතාව මාතලේ පාසල් කණ්ඩායම තහවුරු කර ගන්නා අතර වාරයේ දී බාලිකා ශූරතාව දිනා ගැනීමට කොළඹ පාසල් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් සමත් වූහ.

බාලක අංශයේ අනු ශූරතාව කොළඹ පාසල් කණ්ඩායම තහවුරු කර ගත් අතර වාරයේ දී මාතලේ පාසල් කණ්ඩායමට බාලිකා තෙවන ස්ථානය හිමි විය.

බාලිකා අනු ශූරතාව සහ බාලක තෙවැනි ස්ථානය වයඹ පළාතට රැගෙන යෑමට පුත්තලම පාසල් කණ්ඩායම සමත් විය.

මෙම තරගාවලියේ බාලක සිව් වැනි ස්ථානය මහනුවර පාසල් පිලට ද බාලිකා සිව් වැනි තැන ගාල්ල පාසල් පිලට ද හිමි විය.

ඒ අනුව බලන විට බාලක සහ බාලිකා යන දෙඅංශයෙන්ම රන්, රිදී සහ ලෝකඩ පදක්කම් මාතලේ, කොළඹ සහ පුත්තලම දිස්ත්‍රික්ක යන ත්‍රිත්වය අතරේ බෙදී යෑම කැපී පෙනුණි.

කොළඹ පාසල් හොකී කමිටුවේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය විසින් මෙහෙයවන ලද මෙවර තරගාවලිය කණ්ඩායම් 23 ක් අතරේ කොළඹ කෘතීම ක්‍රීඩාංගණය සහ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කෙරුණි.

මෙහි බාලක අවසන් තරගය විදුලි ආලෝක ධාර මැද කෘතීම ක්‍රීඩාංගණයේ දී පැවැත් වීමට ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය පියවර ගැනීම ඉහළ අගයක් ගත්තේය. අන්තර් දිස්ත්‍රික් ඒකාබද්ධ පාසල් හොකී අවසන් තරගයක් විදුලි ආලෝක ධාර මැද ක්‍රියාත්මක කෙරුණු පළමු අවස්ථාව ද මෙය විය.

මාතලේ සහ කොළඹ අතර පැවති බාලක අවසාන තරගයේ දී ගෝල් 03 – 02 ක තියුණු ජයග්‍රහණයක මිහිර අත්විඳින්නට මාතලේ ක්‍රීඩකයෝ සමත් වූයේ පිට පිට වර්ෂ දෙකක් තම අපරාජිත බව සනාථ කර ගනිමිනි. ප්‍රබල මාතලේ පිලට එරෙහිව කොළඹ ක්‍රීඩකයන් අවසන් තරගයේ දී ප්‍රදර්ශනය කළ දක්ෂතාව ප්‍රශංසනීය මට්ටමක තිබිණි.

මෙවර බාලිකා අවසන් තරගය කොළඹ සහ පුත්තලම අතර ක්‍රියාත්මක කෙරුණු අතර එහිදී ගෝල් 02-00ක ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට සත්කාරක කොළඹ ක්‍රීඩීකාවන් හට හැකියාව ලැබිණි.

බස්නාහිර පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලි අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණු මෙවර තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම් උදෙසා තිළිණ ප්‍රදානය විෂන් කෙයා ඔෆ්ටිකල් සර්විසස් ආයතනයේ වෙළෙඳ කළමනාකාර කසුන් විජේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

සංස්කරණය – සුසිල් ජයකොඩි

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

5 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

2 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

17 hours ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

7 days ago

ඉරානය ප්‍රතිප්‍රහාර අරඹයි

1 day ago
Related News
ක්‍රී​ඩා

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ක්‍රී​ඩා

දෙවැනි දිනය අවසානයේ වැඩි වාසි ඔස්ට්‍රේලියාවට

ක්‍රී​ඩා

මහනුවර දිස්ත්‍රික් වොලිබෝල් ශූරතාවයන් මැදදුම්බර හා මිණිපේ දිනාගනී

ක්‍රී​ඩා

සමස්ත ශූරතාවය යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට

ක්‍රී​ඩා

ඔස්ට්‍රේලියාවේ පළමු ඉනිම ලකුණු 212කට සීමා වෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok