අශෝක අධිරාජ්‍යයා විසින් ගොඩනඟන ලද ස්ථූපයකින් සොයාගත් ගෞතම බුදු හිමියන්ගේ ධාතු ප්‍රදර්ශනයක් සිදු කිරීමට ඉන්දීය රජය සැලසුම් කර තිබේ.
1898 දී උත්තර් ප්‍රදේශ්හි පිප්‍රහ්වා හි (පුරාණ කපිලවස්තු) කැණීමකදී වසර 2,300 කට වඩා පැරණි යැයි සැලකෙන ස්ඵටික කරඬුවක් සහ තවත් කරඬු හතරක් සොයා ගන්නා ලදී. සෙන්ටිමීටර් 5 ක – සෙන්ටි මීටර් 10 ක කරඬුවේ මාළු හැඩැති බොත්තමේ වටිනා මැණික් සහ රන් කොළ අඩංගු විය. අඩි 18 ක් පොළොව යට වළලනු ලැබූ ගල් කරඬුවක තිබී හමු වූ තවත් කරඬුවක බ්‍රාහ්මී අක්ෂරවලින් සෙල්ලිපියක් ඇත. එහි දළ වශයෙන් පරිවර්තනය වන්නේ ‘බුදුරජාණන් වහන්සේගේ ධාතු අඩංගු කරඬුව සුකීර්ති සහෝදරයන් සහ ශාක්‍ය වංශයට අයත් ඔවුන්ගේ සහෝදරියන්, පුතුන් සහ භාර්යාවන් විසින් පරිත්‍යාග කරන ලදී’ යනුවෙනි. මේ අනුව මෙහි ගෞතම බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේ අඩංගු බව නිසැකව තහවුරු වී තිබේ.
ක්‍රි. පූ. තුන්වන සියවසට අයත් අති පූජනීය බෞද්ධ ධාතු කිහිපයක්, කරඬු පහ, වැලිගල් කරඬුවක් සහ මැණික් හා ආභරණ 221 ක් වසර 127 කට වැඩි කාලයක් තිස්සේ කොල්කටාවේ ඉන්දියානු කෞතුකාගාරයේ ආරක්ෂිත සුරක්ෂිතාගාරවල තබා ඇත. මේවා කිසි විටෙකත් මහජනතාවට නිරාවරණය කර නැත. මෙලෙස පූජනීය ධාතුන් වහන්සේලා ප්‍රදර්ශය කරන්නේ පළමු වතාවට බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත කියයි.
චතුර පමුණුව