කොලොම්බියානු ජනාධිපති අපේක්ෂක මිගුවෙල් උරිබේ ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ . විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට බොගොටා හී පැවැති උත්සවයකදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත . හෙතෙම කොලොම්බියානු සෙනෙට් සභිකයෙකු ද වේ .
2026දී ජනාධිපති ධුරය සඳහා තරග කරන 39 හැවිරිදි මිගුවෙල් උරිබේ හිටපු කොලොම්බියානු ජනාධිපති අල්වාරෝ උරිබේ විසින් ආරම්භ කරන ලක විපක්ෂ කොන්සර්වේටිව් ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යස්ථාන පක්ෂයේ සාමාජිකයෙකි .
බොගෝටා , ප්‍රචාරක රැළියේදී මිගුවෙල් උරිබේ ට වෙඩි තබා ඇති අතර සිද්ධිය වූ ස්ථානයේදීම 15 හැවිරිදි සැකකරුවෙකු පොලිසිය
අත්අඩංගුවයට ගෙන ඇත . එරට පොලිස් සේවය විදෙස් මාධ්‍යට ප්‍රකාශ කර ඇත්තේ , වෙඩි ප්‍රහාර තුනක් එල්ල වී ඇති බවත් ඉන් දෙකක් මිගුවෙල් උරිබේ ගේ හිසට එල්ල කොට ඇති බවත් ය .ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇති උරිබේගේ තත්ත්වය පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළිව නැත.
බොගෝටා හී නගරාධිපති කාලෝස් ගැලන් පවසා ඇත්තේ ෆොන්ටිබන් දිස්ත්‍රික්කයේ ප්‍රහාරයකින් පසු උරිබේට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් බවට වාර්තා වන බවය. කෙසේ නමුත් අවශ්‍ය වුවහොත් කොලොම්බියානු අගනුවර සම්පූර්ණ රෝහල් ජාලය ඔහු වෙනුවෙන් සීරුවෙන් තබා ඇති බවත් ඔහු පවසා තිබේ.



