කාර්ය මණ්ඩලයේ 22ක් ජීවිතාරක්‍ෂක බෝට්ටුවලින් ඉවත් වෙති
ඇලස්කාවේ ඇලුටියන් දූපත් දාමයට ඔබ්බෙන් වූ මුහුදේ දී නෞකාවක් ගිනිගෙන තිබේ.
මෙම නෞකාව මගින් මෙක්සිකෝව වෙත විදුලි මෝටර් රථ 800ක් ඇතුළු වාහන 3000ක් රැගෙන යමින් සිට ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
නෞකාවේ ඇති ගිනි නිවීමේ පද්ධතිය යොදා ගනිමින් එහි කාර්ය මණ්ඩලය මේ හදිසි ගිනි නිවීමේ ක්‍රියා පටිපාටි ආරම්භ කළත්, ඔවුන්ට ගින්න පාලනය කිරීමට නොහැකි වී තිබේ.
ඒ හේතුවෙන් නෞකාවේ කාර්ය මණ්ඩලයේ විසි දෙදෙනකු නෞකාව අතහැර ජීවිත ආරක්‍ෂක බෝට්ටුව මගින් ඉවත් වී තිබේ.
එම කාර්ය මණ්ඩල සාමාජිකයන්ට උතුරු පැසිපික් සාගරයේ ගමන්ගත් වෙළෙඳ නෞකාවක් විසින් බේරාගෙන ඇත.
2023 වර්ෂයේදී මේ ආකාරයෙන් ජර්මනියේ සිට සිංගප්පූරුව දක්වා විද්‍යුත් මෝටර් රථ 500කට ආසන්න ප්‍රමාණයක් සමග මෝටර් රථ 3000 ක් රැගෙන යමින් තිබූ නෞකාවක් ගිනි ගැනීමට ලක්ව තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි.