දාහත් හැවිරිදි ටික්ටොක් තරුවක් වූ සානා යුසුප් ඝාතනය පාකිස්තානය කළඹා තිබේ. ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ අතිශය ජනප්‍රිය වූ යෞවනියක වූ ඇය ඇගේ නිවසේදී ඝාතනය කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් 22 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන ඇත.
මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, සැකකරු ඇය හමුවීමට අවස්ථා ගණනාවකදී උත්සාහ දරා ඇති අතර එය අසාර්ථක වූ තැන මෙම ඝාතනය සිදු කර ඇති බවයි. සහාසිකයා ඇගේ නිවසට කඩා වැදී සානා යූසුෆ්ට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර තිබේ.
ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ අතිශය ජනප්‍රිය වූ පාකිස්තානයේ සානා යූසුෆ්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි පමණක් ලක්ෂ පහක පරිශීලකයන් පිරිසක් සිටින අතර ටික්ටොක් ගිණුමෙහි සිටින පරිශීලකයන් සංඛ්‍යාව මිලියනයකට අධිකයි.
සානා යූසුෆ්ගේ අවසන් වීඩියෝව ඇය උපන්දිනය සමරන වීඩියෝව බවද වාර්තා වේ.
චතුර පමුණුව