ඉන්දියානු කෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිගේ සමාගම් ඉරාන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් මුන්ද්‍රා වරාය හරහා ඉන්දියාවට ආනයනය කළේද යන්න සම්බන්ධයෙන් ඇමෙරිකානු බලධාරීන් විසින් විමර්ශනය කරමින් සිටින බව ‘වෝල් ස්ටී්‍රට් ජර්නල්’ වාර්තා කර තිබේ.
කෙසේ වෙතත්, අදානි එන්ටර්ප්‍රයිසස් එම වාර්තාව ප්‍රතික්ෂේප කර ඇති අතර එය “පදනම් විරහිත” බව පවසයි.
“මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද බලධාරීන් විසින් කරන ලද කිසිදු පරීක්ෂණයක් පිළිබඳව අපි නොදනිමු,” අදානි සමූහ ප්‍රකාශකයෙක් පැවසීය.
ගුජරාටයේ මුන්ද්‍රා වරාය සහ පර්සියානු ගල්ෆ් අතර යාත්‍රා කරන සමහර භාණ්ඩ නැව්වල ක්‍රියාකාරකම් ආර්ථික සම්බාධක මගහැරීමට උත්සාහ කරන නැව් විසින් බහුලව භාවිතා කරන ක්‍රියාකාරකම්වලට සමාන බව වෝල් ස්ටී්‍රට් ජර්නල් වාර්තා කළේය. විශේෂඥයන් පවසන්නේ මේවා තහනම මඟහැරීමට භාවිතා කරන ක්‍රම බවයි.