Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: පුංචි ආණ්ඩු රණ්ඩු වන විට ගම් සභාවේ අගය වැටහෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: පුංචි ආණ්ඩු රණ්ඩු වන විට ගම් සභාවේ අගය වැටහෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

පුංචි ආණ්ඩු රණ්ඩු වන විට ගම් සභාවේ අගය වැටහෙයි

19 hours ago
205 Views

2025 පළාත් පාලන ඡන්ද විමසීමෙන් පත්කර ගන්නා ලද ප්‍රාදේශීය සභා නගර සභා සහ මහ නගර සභා සඳහා සභිකයන් පත්කර එවා ආරම්භ කිරීමට ජූනි මස 02 දිනට නියම කළ නමුත් ඇතැම් පළාත් පාලන අයතනවලට ඉදිරිපත් වුණු දේශපාලන පක්ෂවලට සියයට පනහක නියෝජනයක් නොලැබීම හේතු කොටගෙන බලවත් අර්බුදයක් හටගෙන ඇත. මෙම අර්බුදය නිර්මාණය වූයේ 2017 දී පළාත් පාලන මැතිවරණය පිළිබඳ ඇති කරන ලද ශංශෝධනයේ විකෘතිතාවය හේතුකොට ගෙනය. එම පනත නිසා සභිකයන් සංඛ්‍යාව දෙගුණයකින් වර්ධනය විය. එසේම මෙවර මහ ජනතාවට ඡන්දය භාවිතා කිරීමට සිදු වූයේ දේශපාලන පක්ෂයටයි. සභිකයාට නොවේ. මේ තත්ත්වයෙන් කියා පාන්නේ පක්ෂය විසින් නටවන ප්‍රජාතන්ත්‍රවාදය කළ එළි බැස ඇති බවයි.

ලංකාවේ පළාත් පාලනය යනු ඉතිහාසයක් පවතින ශක්තිමත්ම දේශපාලන සංස්ථාවකි. 1815 ට පෙර ගම් සභාව හෝ වරිග සභාව ප්‍රදේශ පාලනය සඳහා බිහි කර තිබූ රාජ්‍ය ක්‍රියාදාමය විය. ගම් අඩවි යුත් අටදෙනා යනුවෙන් ශිලාලේඛනවල සඳහන් වන්නේ එයයි. යටත් විජිත සමයේ දී පැරණි ගම් සභාව සම්පූර්ණයෙන්ම අක්‍රීය විය. 1818 දී ඇති වූ විමුක්ති අරගලයේ දී කැරලිකරුවන්ට සහාය දැක්වූ ගම් ප්‍රධානීන් ගේ ඉඩ කඩම් රාජසන්තක කරන ලද අතර, නිලයෙන් ද පහ කරන ලදී. අනතුරුව 1833 කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් වශයෙන් රාජකාරිය තහනම් කළහ. ගම් ප්‍රධානීන් ගේ බලය හීන කරන ලදහ. ඒ නිසා ගම්වල සිදූ වූ සියලුම කටයුතු දුර්වල විය. විශේෂයෙන්ම වාරිමාර්ග වල් බිහි විය. අනතුරුව වට මහ වැස්සෙන් බොහෝ වැව් අමුණු කැඩී බිඳී ගියේය. ජනතාව කෑමට යමක් නැතිව දුර්භික්ෂයක් ඇති විය. මේ නිසා රාජකාරිය තහනම් කිරීමේ ප්‍රතිවිපාකවලට යටත් විජිත ආණ්ඩුවට මුහුණ දීමට සිදු විය.

මේ අමිහිරි අත්දැකීම් නිසා නව යටත් විජිත ආණ්ඩුව ක්‍රමයෙන් වාරිමාර්ග ගොඩනැඟීම උදෙසා නව නීති අණ පනත් හඳුන්වා දුන්හ. 1848 මාතලේ විමුක්ති අරගලයෙන් පසුව ලංකාවේ ප්‍රධාන අග නගරය සහ පළාත් බද නගර දියුණු කිරීම සඳහා කොළඹ මහ නගර සභාව සහ මහනුවර නගර සභාව පිහිටුවනු ලැබූහ. ඒ 1865 දීය. බි්‍රතාන්‍ය පාලන සමයේ ඇති කරන ලද පළමු පළාත් පාලන ක්‍රමවේදය එයයි. ග්‍රාමීය මං මාවත් ඇති කිරීම, පාලම් ඒදඬු සකස් කිරීම, අම්බලම් ඉදිකිරීම, සුළු සිවිල් හා අපරාධ නඩු විසඳීම ඇතුළු පොදු කටයුතු රාශියක් ස්ථාපනය කරලීමට 1871 දී ගම්කාර්ය සභා පනතක් ද හඳුන්වා දෙන ලදී. ගම් සභා උසාවි සහ ග්‍රාම මණ්ඩලයකින් සමන්විත වන කාර්යයන් පිණිස ආණ්ඩුවේ ඒජන්තවරයාගේ සෘජු මැදිහත් වීම මත මෙම පනත ක්‍රියාත්මක කර ඇත. ගමේ ගම් මුලාදෑණියාද මෙම කාර්යයේ දී ප්‍රධාන කාර්ය භාරයක් උසුලන ලදී. මෙම පනත 1884 -1889 සහ 1908 දී සංශෝධනය කර ඇත. එසේම කුඩා නගරවල අවශ්‍යතාවයන් සපිරීම උදෙසා ආණ්ඩුකාරවරයා විසින් පත් කරන ලද සභිකයන් අට දෙනකුගෙන් යුත් මණ්ඩලයක් වන සනීපාරක්ෂක මණ්ඩලය පිහිටුවන ලද්දේ 1892 දී ඉදිරිපත් වූ පනතක් මගිනි.

1916 දී බස්නාහිර පළතේ ඒජන්තවරයා වූ ජේ. බී. ප්‍රෙෂ්ර් මහතාගේ මූලිකත්වයෙන් පළාත් පාලන ක්ෂේත්‍රය පිළිබඳ කරුණු සොයා බැලීමට කොමිසමක් පත් කර ඇත. මෙහි වාර්තාව 1918 දී පිට විය. මෙම වාර්තාව පදනම් කරගෙන 1920 අංක 11 දරන පළාත් පාලන ආඥා පනත සහ 1924 අංක 9 දරන ගම්කාර්ය සභා අඥා පනත් දෙක සම්මත ගරගෙන ඇත. 1924 පනතින් විශේෂ වෙනස්කම් දෙකක් මූලිකව ඇති කරන ලදී. ඒ නම් මෙතෙක් නිල බලය ලත් ගම්කාර්ය සභාවල මූලිකත්වය ගෙන කටයුතු කළ ගම් මුලාදෑනීන් ඉන් ඉවත් කිරීමයි. අනෙක නම් අතුරු ව්‍යවස්ථා සම්පාදනයට හැකි වන පරිදි ගම් කාර්ය සභාවල බලතල පුළුල් කිරීමයි. 1927 දී පත් කරනු ලැබූ ඩොනමෝර් කොමිසම මගින් ලංකාවේ පළාත් පාලනය පිළිබඳව පුළුල් අදහස් විමසා වාර්තාවක් සකස් කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1932 සහ 1933 පනත් මගින් ගම් සභිකයන් පත් කිරීමට ප්‍රතිපාදන ඇති කර ඇත. මෙහි උච්ඡතම අවස්ථාව නම් 1938 අංක 60 දරන ගම් කාර්ය සභා ආඥා පනතයි. මේ මගින් පළාත් පාලන ආයතන තව දුරටත් පුළුල් කරන ලදී. මේ යටතේ සෑම ගම් කාර්ය සභාවකම පොදු දේපළ තබා ගැනීම, පොදු මුද්‍රාවක් තබා ගැනීම, බදු අය කර ගැනීම සහ ව්‍යවස්ථා පැනවිය හැකි නීතිගත සංස්ථාවක් බවට පත් කිරීම සිදු විය.

1946 අංක 53 පනත මගින් මෙතෙක් ගම් සභා හා නගර සභා සඳහා මැතිවරණ නීතිය වෙනස් කොට සියලුම පළාත් පාලන ආයතන මැතිවරණ කොමසාරිස්වරයා යටතට පත් කරන ලදී. එසේම 1945 අංක 43 පනත මගින් සියලුම පළාත් පාලන සේවකයන් පළාත් පාලන සේවා කොමිසම යටතට පත් කර ඇත. 1955 දී රජය විසින් පත් කරන ලද චොක්සි කොමිසම මගින් පළාත් පාලන ආයතනවල ස්වයං පාලන හැකියාව විමර්ශනය කොට යෝජනා ඉදිරිපත් කර තිබේ. මේ නිසා 1971 අංක 48 දරන පනතින් ආදායම් එකතු කිරීමේ වගකීමද 1977 අංක 24 දරන පනතින් පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට අයවැය අනුමැතිය දීම සම්බන්ධයෙන් බලතල පවරා ඇත. ඒ අතින් බලන කල්හි පූර්ණ බලතල බෙදීමක් මෙම සභා හරහා සිදුව ඇති බව පැහැදිලි වෙයි. නමුත් 1980 අංක 35 දරන පනතින් දිස්ත්‍රික් සංවර්ධන සභාවක් පිහිටුවීමට රජය ගත් තීරණය නිසා ගම් සභ සුළු නගර සභා සියල්ල අහෝසි විය. 1980 ජනවාරි 30 වන විට ගම් සභා 547 ක් සහ සුළු නගර සභා 83 ක් පවත්වාගෙන පැමිණ ඇති අතර දිස්ත්‍රික් සංවර්ධන සභාවලට අමාත්‍යාංශ 11 කට අදාළ විෂයන් 15 ක් පවරණු ලැබූහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මෙම සභාවල අසුන් ගෙන සිටිනු දක්නට ලැබුණි. එහිදී ගමේ ඇති වූ නියෝජනයේ අඩුව සම්පූර්ණ කරලීමට 1981 දී ග්‍රාමෝදය මණ්ඩල පිහිටුවනු ලැබූහ. නමුත් 1948 සිට 1980 දක්වා වූ කාලයේ පළාත් පාලන ආයතනවලින් සිදු වූ සේවය මේ ආයතනවලින් දැකගත නොහැකි විය. එය තේරුම් ගත් රජය 1987 අංක 15 දරන පනතකින් එක් උප දිසාපති කොට්ඨාශයකට ගැළපෙන පරිද්දෙන් ප්‍රදේශීය සභාවක් ඇති කරන ලදහ.

දැන් ප්‍රාදේශීය සභා ක්‍රමය වර්ෂ 38 ක් පුරා ක්‍රියාත්මක වෙමින් ඇත. සභිකයා මන්ත්‍රීවරයා වී ඇති අතර පළාත් සභාවට හෝ පාර්ලිමේන්තුවට යෑමට එම පත්වීම ඉණිමගක් කරගෙන ඇත. පක්ෂය විසින් පාලනය කරනු ලබන මන්ත්‍රීවරයා විසින් පක්ෂයේ පෝස්ටර් ගැසීම, රැස්වීම්වලට සෙනඟ ඇද්දවීම සහ ගම් මට්ටමේ පක්ෂ නායකත්වය ඉටු කරනු ලබයි. 2017 දී මැතිවරණ ක්‍රමයට ගෙන ආ සංශෝධන මගින් සියයට හැටක් තේරී පත්වීමෙන්ද ලැයිස්තුවෙන් සියයට 40ක් පත් කිරීමෙන්ද විශාල අර්බුදයක් නිර්මාණය කර ඇත. මේ පනතට පැවති යහපාලන ආණ්ඩුව ද, ජනතා විමුක්ති පෙරමුණ ද කැමැත්ත පළ කරන ලද්දේය. හේතුව වූයේ පක්ෂ නඩත්තු කිරීමට අවශ්‍ය තරම් මන්ත්‍රීවරු පිරිසක් පත්කර ගන්නට හැකි වීමයි. එකල පැවති පළාත් පාලන මැතිවරණයෙන් එකදු සභිකයෙක්වත් ජයග්‍රහණය නොකර මන්ත්‍රී ධුර 445 ක් ලබා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණට හැකි විය. 2025 පැවති පළාත් පාලන මැතිවරණයේ දී යටකී පනත සංශෝධනය කර ගැනීමට හොඳටම ඉඩකඩ තිබුණි. පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක් තිබිය දී එය අතපසු කරන ලදී. එහි ප්‍රතිඵලය වූයේ සභාපතිකම්වලට නගරාධිපතිකම්වලට රණ්ඩු කරන කෙළිබිමක් බවට පළාත් පාලන ආයතන පත් වීමයි. මෙයින් මහජනතාවට වන සෙතක් නැත. ගමේ නියෝජනය සහමුලින්ම දේශපාලනීකරණය වීම නිසා ජනතාව පීඩාවට පත් වෙයි. දූෂණය නැති කර සංවර්ධන කටයුතු කිරීමට උත්සාහ දරන්නේ වුවද මෙම දේශපාලනීකරණය බරපතළ අර්බුද රැසකට මුල පුරනු ඇත.

පළාත් පාලනයට පක්ෂ ක්‍රමය අවශ්‍ය නැත. ලැයිස්තු ක්‍රමය ද අවශ්‍ය නැත. කොට්ඨාශයකටම සභිකයකු බැගින් පත් කරන පැරණි ගම් සභා ක්‍රමය ආදේශ කර ගැනීම වඩාත් ඵලදායී වේ. එසේම නූතනත්වයට ගැළපෙන පරිදි ඊ සභා ඇති කර ගැනීමෙන් (මෙය දැනට ගාල්ලේ ක්‍රියාත්මක වේ.) දත්ත සන්නිවේදනය කර ගැනීමට ද සංවර්ධනයේ කොටස්කරුවන් වීමට ද ජනතා පරමාධිපත්‍ය උපරිම වශයෙන් භුක්ති විඳීමට ද ජනතාවට හැකි වේ. වර්තමාන අර්බුදය තුළින් අප ඉගෙන ගත් පාඩම නිසා රට තවදුරටත් පස්සට යෑමට ඉඩ නොදී යථාර්ථවාදී පළාත් පාලන ක්‍රමයක් රට තුළ ස්ථාපිත කර ගැනීමට සාකච්ඡා වහා ඇරඹිය යුතුය.

මතුගම සෙනෙවිරුවන්

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

6 days ago
Related News
විශේෂාංග

ඉන්දීය ආරක්ෂක ගිවිසුම සමග පොරබැදීම

විශේෂාංග

ඉන්දීය ආරක්ෂක ගිවිසුම සමග පොරබැදීම

විශේෂාංග

සිනා සී මම කඳුළු සඟවා ගතිමි

විශේෂාංග

Voice Sri Lanka අවසන් මහා රාත්‍රිය ජුනි 14 වැනිදා

විශේෂාංග

යොවුන් හදක රැඳුණු ‘සරා සුසුම්’

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok