පැන ගිය සැකකරු සොයා විමර්ශන
තණමල්විල පොලිස් බල ප්‍රදේශයට අයත් ඌව කුඩාඔය බලහරුව ඇදකෝණය ප්‍රදේශයේ දී යකඩ පොල්ලකින් පහරදීමකින් රෝහල්ගතව සිටි පුද්ගලයකු 04 වැනිදා මියගොස් ඇත.
මෙලෙස ඝාතනය කර ඇත්තේ ඌව කුඩාඔය බලහරුව ඇදකෝණය පදිංචි විතාරණගේ ගාමිණී හෙවත් ලොකු මාමා නමින් හඳුන්වන පනස් අට හැවිරිදි පුද්ගලයෙකි.
යකඩ පොලු පහර එල්ල කර ඇත්තේ ඝාතනයට ලක්වූ අයගේ බෑණා විසින් බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.
තුවාලකරු ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කර දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී 04 වැනිදා උදෑසන 6.30ට පමණ මියගොස් තිබේ.
ප්‍රදේශය අතහැර ගොස් පොලිසිය මඟහරිමින් සිටින සැකකරු අත්අඩංගුවට ගැනීමට තණමල්විල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක