Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: රජයටම බරක් නොවී හැඩවුණු රජයේ ආයුර්වේද රෝහලක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: රජයටම බරක් නොවී හැඩවුණු රජයේ ආයුර්වේද රෝහලක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

රජයටම බරක් නොවී හැඩවුණු රජයේ ආයුර්වේද රෝහලක්

2 days ago
1175 Views

සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟයට විසඳුමක් දෙන්න

මැදබැද්ද පියසේන ආයුර්වේද රෝහල

“මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි” යන ආප්තෝපදේශය ආසියාවේ රිදී සීනුව යන විරුදාවලිය ලත් ලංකාවේ හිටපු අග්‍රාමාත්‍ය එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ශ්‍රේෂ්ඨ කියමනකි. මෙකී උපදේශය යථාර්ථවත් වන අවස්ථා පිළිබඳව අද වන් කාලවකවානුවක වුවද දැකිය හැකිය. ඊට කදිම සාක්‍ෂි සපයන දහස් සංඛ්‍යාත දනන්ගේ දුක කඳුළ වේදනාව නිවාලන වෙද අරණක් වෙත පසුගියදා අපි ගොඩවුණෙමු.

ඒ රත්නපුර දිස්ත්‍රික්කයේ කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැදබැද්ද ගම්මානයේ පිහිටි පියසේන ආයුර්වේද රෝහලයි. වර්ෂ 2014 දී කල්තොට ප්‍රදේශයට ලොකු අඩුවක් වශයෙන් පැවති ආයුර්වේද රෝහලක අවශ්‍යතාවය අනුව මැදබැද්ද ශ්‍රී ගංගාරාමාධිපතිව වැඩවිසූ අපවත් වී වදාළ බඹරබොටුවේ සංඝරක්ඛිත නාහිමියන් ඇතුළු ප්‍රදේශවාසී ජනතාවගේ ඉල්ලීම මත සත්ගුණවත් ව්‍යාපාරික මෑතක දී මියගිය කේ. එම්. පියසේන මුදලාලි මහතාගේ ධන පරිත්‍යාගයෙන් මෙහි පළමු වාට්ටු සංකීර්ණය ඉදිවී ඇත. වාට්ටු සංකීර්ණය ඉදිවීමට ප්‍රථම මෙහි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ පැවති ඩිස්පැන්සරිය ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව බවට පත් විය.

පියසේන මුදලාලි සහ එම බිරිඳ

බළංගොඩ නගරයේ සිට කිලෝමීටර් 40ක් දුරින් පිහිටි මෙම රෝහල පිහිටා ඇත්තේ රත්නපුර මොනරාගල හා බදුල්ල යන දිස්ත්‍රික් තුනකට මායිම්වය. මෙම ප්‍රදේශවල ජනතාව මෙන්ම සූරියවැව, හම්බන්තොට, ගාල්ල, මාතර, තණමල්විල ආදී ප්‍රදේශවල ජනතාව ද දුර බැහැර ගෙවාගෙන මෙම රෝහලට එන්නේ තම රෝග පීඩාදිය සුවපත් කර ගැනීමේ අපේක්‍ෂාවෙනි. ඒ මෙම ආයුර්වේද රෝහලේ වෛද්‍යවරුන්ගේ හා කාර්ය මණ්ඩලයේ කාරුණිකත්වය හා දක්‍ෂතාවයෙන් තම ලෙඩ දුක් සුවපත් වූ නිසාය. සතියකට බාහිර රෝගීන් 1500ට වැඩි සංඛ්‍යාවක් මෙහිදී ප්‍රතිකාර ලබන අතර දෛනික නේවාසික රෝගීන් ගණන 40ට වැඩිය.

කාර්යභාර වෛද්‍ය නිලධාරි විදුර රත්නාකර මහතා

පළමුව මෙහි කාර්යභාර වෛද්‍ය නිලධාරි ලෙස කටයුතු කළ වෛද්‍ය නදීකා හේවාවිතාරණ මහත්මිය වසර හතකට වැඩි කාලයක් සේවය කරමින් දානපතියන්ගේ සහයෝගය ලබාගෙන මෙකී රෝහල සංවර්ධනය කිරීම සඳහා දැඩි කැප වීමක් කළ බව නොරහසකි. එමෙන්ම වත්මන් කාර්යභාර වෛද්‍ය නිලධාරි විදුර රත්නාකර මහතා මෙන්ම වෛද්‍ය කේ. පී. එන්. ගුණවර්ධන මහත්මිය ද එහිලා වන කැපවීම අසීමිතය. දොළොස් දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලය ද ඊට ලොකු ශක්තියක් ලබාදීම ද අගය කළ යුත්තකි.

රජයෙන්ම සියල්ල ලැබෙන තෙක් බලා නොසිට රෝහල අලංකාර කරන්නට මෙන්ම යන එන ප්‍රජාවට මෙන්ම රෝගීන්ට පහසුකම් සැලසීමත් අරමුණු කරගෙන දිනෙන් දින දියුණු වන පියසේන ආයුර්වේද රෝහලේ නේවාසික ප්‍රතිකාර සඳහා රුපියල් ලක්‍ෂ 60ක වියදමින් 2016 වර්ෂයේ දී ගැහැනු පිරිමි දෙපාර්ශ්වය සඳහා වාට්ටු සංකීර්ණය නිම වන ලද්දේ දානපති පියසේන මුදලාලි මහත්මාගේ සහ එම මැතිනියගේ ධන පරිත්‍යාගයෙනි. එමෙන්ම පිවිසුම් දොරටුවේ ආරක්‍ෂිත ගේට්ටුව හා ඒ ආසන්නයේ කුඩා බුදුමැඳුරද එතුමාගේ ධන

පරිත්‍යාගයෙන්ම ඉදි කොට ඇත. අනතුරුව 2018 වර්ෂයේ දී රු. ලක්‍ෂ 15ක් පමණ වියදම් කොට බෝගස්වැව ශ්‍රී බෝධිවර්ධනාරාම භික්‍ෂුණි ආරාමයේ ආරාමාධිපතිනි පල්ලෙවෙල අමිතා භික්‍ෂුණීන් වහන්සේගේ මැදිහත් වීමෙන් මෙහෙණින් වහන්සේලාට නේවාසික ප්‍රතිකාර ලබාගැනීම සඳහා කාමර දෙකකින් සමන්විත භික්‍ෂුණි වාට්ටුව ඉදි කෙරිණි. රෝහල් ආරක්‍ෂක නිලධාරීන්ට තම රාජකාරි මැනවින් ඉටුකිරීම සඳහා පිවිසුම් දොරටුව අබියස ආරක්‍ෂිත මුර කුටියක අවශ්‍යතාවය අනුව 2021 වර්ෂයේදී ප්‍රදේශවාසීන්ගේ ධන

පරිත්‍යාගයෙන් රුපියල් 20,000ක පමණ මුදලකින් සාදා නිම කරන්නට යෙදුණි. එමගින් ආරක්‍ෂක නිලධාරීන්ට පිරිසිදුව පිළිවෙළට සතුටින් තම රාජකාරි ඉටු කිරීමට අවස්ථාව ලැබී ඇත. තවද රෝහල් පරිශ්‍රයේ ඉදිරිපස පෞරාණික ආයුර්වේද පෞඪත්වය විදහා පාමින් ජීවක වෛද්‍යවරයාගේ මූර්තිය ඇතුළත් සමරු ස්මාරකය සහිත රෝගීන්ට ව්‍යායාම සඳහා සකස් කළ අත්වැට නිර්මාණය කිරීමද රුපියල් ලක්‍ෂ දෙකක පමණ වියදමකින් රෝහල් කාර්ය මණ්ඩලයේ සත්පුරුෂ මූල්‍යමය දායකත්වයෙන් සිදුවී ඇත.

තවද රෝහල් පරිශ්‍රයේ අභ්‍යන්තර මාර්ග පද්ධතිය හා කානු පද්ධතිය වැසි කාලයට මඩ ගොහොරුවක් නොවී පිරිසිදුව පවත්වා ගෙන යෑමට කොන්ක්‍රීට් යොදා සකස් කිරීම පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර මත සිදු කොට ඇත. එසේම රෝහලට යන එන රෝගීන්ට මෙන්ම ඔවුන් බැලීමට එන බාහිර පුද්ගලයන්ගේ පහසුව සඳහා 2022 වර්ෂයේදී ඉදිවූ ආගන්තුක විවේකාගාරය ද නිර්මාණය වූයේ පරිත්‍යාගශීලී සත්පුරුෂයන්ගේ දායකත්වයෙනි. ඒ සඳහා වැය වූ මුදල රුපියල් 120,000කි. ඒ රෝහලෙන් ප්‍රතිකාර ලබා සුවපත් වූ බොහෝ පරිත්‍යාගශීලීන් මේ අතර වන බව වර්තමාන කාර්යභාර වෛද්‍ය නිලධාරි විදුර රත්නාකර මහතා වැඩිදුරටත් පවසයි. එමෙන්ම මහා සංඝරත්නයට නේවාසික ප්‍රතිකාර ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම්වලින් යුක්තව පසුගිය වර්ෂයේ දී තන්ජන්තැන්න භද්දේකවිහාරි අරණ්‍ය සේනාසනයේ විහාරාධිපති ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් හා ප්‍රදේශවාසීන්ගේ පරිත්‍යාගයෙන් රුපියල් ලක්‍ෂ 200කට අධික වියදමකින් භික්‍ෂු වාට්ටුව, නව දර්ශනීය බුදුමැඳුර, අටවිසි බෝධීන් වහන්සේලා සහිත සක්මන් මළුව හා භාවනා අසපුව නිර්මාණය විය. එනිසා ම රෝහලට නව ආලෝකයක් මෙන්ම පින්සාර බවක් උදාවූ බව යන එන දකින සැමගේම හැඟීම විය.

මෙම රෝහලෙන් ඔබට බෝ නොවන දියවැඩියාව අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල්, හෘද රෝග, අක්මා රෝග, වකුගඩු රෝග හා පිත්තාශ ගත රෝග ආදිය සඳහා ආයුර්වේද ප්‍රතිකාර ලබාගත හැකිය. එමෙන්ම ස්ත්‍රී රෝග වන ආර්ථව චක්‍රයේ අක්‍රමිකතා, රක්ත ප්‍රදර, ශ්වේත ප්‍රදර, මද සරු බව, (කාන්තා හා පිරිමි) ආදී රෝග සඳහාත් ස්නායු රෝග වන අංශභාගය, අදරාංගඝාත, පක්ෂඝාත, සර්වාංගඝාත, පාකින්සම් යන රෝග සඳහාත් ශ්වසන පද්ධති රෝග වන චර්ම රෝග, ශීර්ෂ රෝග, වකුගඩු රෝග, මුත්‍රා රෝග, කැඩුම් බිදුම් රෝග සඳහා ද ළදරු රෝග වන ඇදුම, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, කෑම අරුචිය, පණු රෝග, පාණ්ඩුව, මාන්දම ආදී රෝග සඳහා ද ප්‍රතිකාර ලබාගත හැකිය.

මේ අයුරින් ප්‍රතිකාර කරමින් රජයට ම බරක් නොවී භෞතික සම්පත් පරිත්‍යාගශීලීන්ගෙන් ලබාගෙන රෝහල සංවර්ධනය කළ ද දැනට සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලය නම් මෙම රෝහලට කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව රෝහල් සංවර්ධන කමිටුව පවසයි. රෝහලට අවශ්‍ය ආයුර්වේද වෛද්‍යවරු ගණන හයකි. නමුත් කාර්යභාර වෛද්‍ය නිලධාරි හැරුණු කොට දැනට සිටින්නේ වෛද්‍යවරුන් තිදෙනෙකි. ඉන් දෙදෙනෙක්ම දැනට මාසයකට පමණ පෙරාතුව සේවයට වාර්තා කළ වෛද්‍යවරුන්ය. එතෙක් සිටියේ වෛද්‍යවරුන් දෙදෙනෙකි. එමෙන්ම අවශ්‍ය හෙද නිලධාරීන් ගණන තුනක් වුවද දැනට එක් හෙද නිලධාරිවරයකුවත් නැත. එසේම සම්බාහක පිරිමි හා ගැහැනු නිලධාරීන් ද ආයුර්වේද ඖෂධ සංයෝජක නිලධාරිවරයෙක්ද මෙම රෝහලට පත් වී නැත. තවද උපස්ථායක හා ආයුර්වේද කාර්ය සහයක යන තනතුරුවල ද හිඟයක් පවතී.

රජයෙන්ම සියල්ල ලැබෙන තෙක් බලා නොසිට පරිත්‍යාගශීලීන්ගෙන් දායකත්වයෙන් රෝහල් පරිසරය අලංකාර කරන්නට රාජකාරියෙන් එහාට ගිය සේවයක් ඉටු කිරීමට කැපවී සිටින වර්තමාන ස්ථාන භාර වෛද්‍ය නිලධාරි ප්‍රධාන කාර්ය මණ්ඩලයේ සේවය පිළිබඳව සලකා බලා අවශ්‍ය සේවක මණ්ඩලයෙන් හැකි ප්‍රමාණයක්වත් ලබාදීමට වගකිව යුත්තන්ගේ අවධානය යොමු වීම කාලෝචිතය. එනිසා ම දහස් සංඛ්‍යාත අසරණ රෝගීන්ට සහනයක් වන මෙකී මැදබැද්ද පියසේන ආයුර්වේද රෝහලට අවශ්‍ය පහසුකම් නඩත්තු කිරීම් හා අදාළ සේවක සංඛ්‍යාවවත් ලබාදෙන්නට අදාළ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුමය.

කල්තොට – බුදුගල

සෝමරතන හිමි

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

බල්තසාර් වැඩට

7 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

7 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

දෙමටගොඩදී එක පෙළට ත්‍රිරෝද රථ හයක් ගිනිගනී

ප්‍රාදේශීය පුවත්

විපක්‍ෂයට බහුතරය හිමි දකුණේ සභා 15ක් කැඳවන්න දින දෙයි

ප්‍රාදේශීය පුවත්

මහියංගණ පොලිසියේ උ.පො. පරීක්ෂකවරයා විවේක කාමරයක් තුළ වෙඩි තියාගෙන

ප්‍රාදේශීය පුවත්

මෙම සැකකරු හඳුනනවාද

ප්‍රාදේශීය පුවත්

සිරුරු 18ක අස්ථි හමුවෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok