Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ඇෆ්ගන් වැසියෝ ලක්ෂ 2ක් පාකිස්තානයෙන් ඉවතට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ඇෆ්ගන් වැසියෝ ලක්ෂ 2ක් පාකිස්තානයෙන් ඉවතට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

ඇෆ්ගන් වැසියෝ ලක්ෂ 2ක් පාකිස්තානයෙන් ඉවතට

2 days ago
255 Views

ඇෆ්ගනිස්තාන ජාතිකයන් ලක්ෂ 2කට අධික සංඛ්‍යාවක් පාකිස්තානයෙන් ඉවත්ව ගොස් ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.

පාකිස්තාන රජය විසින් ඉකුත් අප්‍රේල් මාසයේදී ඇෆ්ගනිස්තාන ජාතිකයන් පිටුවහල් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමත් සමග මෙලෙස ඔවුන්ට පාකිස්තානය අතහැර යෑමට සිදුව ඇත. ඉස්ලාමාබාද් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ වාර්තාවන්ට අනුව අප්‍රේල් මාසයේදී 135,000ක් හා මැයි මාසයේදී 67,000ක් ලෙස ඇෆ්ගනිස්තාන ජාතිකයන් මේ වනවිට පාකිස්තානයෙන් පිටුවහල් කර තිබේ. එමෙන්ම ජුනි මාසයේ මුල් දින දෙක තුළ 3,000කට වැඩි පිරිසක් ඇෆ්ගනිස්තානය වෙත යවා ඇත. පසුගිය දශක කිහිපය පුරා ඇෆ්ගනිස්තානයේ ඇති වූ දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් එරට වැසියන් මිලියන ගණනින් පාකිස්තානය වෙත පලා ගියේය. විශේෂයෙන් 2021 වසරේදී තලේබාන් රජය නැවත පැමිණීමෙන් පසු පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ද ඒ අතර සිටියි. ඒ අනුව තවත් ඇෆ්ගනිස්තාන ජාතිකයින් ලක්ෂ 8කට වැඩි පිරිසක් ඉවත් කිරීම සඳහා පාකිස්තාන රජය පියවර ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවන්හි දැක්වේ. මෙලෙස පලවාහරින අයගෙන් ඇතැම් අය පාකිස්තානයේ උපත ලැබූ හෝ දශක ගණනාවක් එහි ජීවත් වූ අය ද වේ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

6 days ago
Related News
විදෙස්

මෝටර් රථ 3000ක් සමග නැවක් ගිනි ගනී

විදෙස්

ටික්ටොක් තරුව ඝාතනයෙන් පාකිස්තානය කැළඹෙයි

විදෙස්

ඇමෙරිකාවෙන් අදානිට එරෙහිව තවත් විමර්ශනයක්

විදෙස්

චීන-බෙලරුසියා ජනපතිවරුන් අතර හමුවක්

විදෙස්

‘තග් ලයිෆ්’ චිත්‍රපටය හරහා කමල් හසන් සහ මනි රත්නම් සුසංයෝගය රිදී තිරයට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok