ශක්ති ටීවී නාලිකාවේ ආකර්ෂණීයම සංගීතමය රියැලිටි වැඩසටහන වන ශක්ති ක්‍රවුන් හි දෙවන දිගහැරුම ඊයේ (ජුනි 07 වැනිදා) සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රි 8.30ට ශක්ති ටීවී නාළිකාව ඔස්සේ විකාශය කෙරේ.

පළමුවන දිගහැරුමෙන් ලද සාර්ථකත්වයත් සමඟින් ඇරඹෙන දෙවැනි දිගහැරුම තුළින් තරගකරුවන් හට ඕනෑම භාෂාවක ගීතයක් මගින් තමන්ගේ දක්ෂතාවන් වඩාත් පුළුල් අවස්ථා ඔස්සේ ජාත්‍යන්තර අවකාශයට රැගෙන යෑමට හැකිවනු ඇත.
පාටු පාදවා, ඉලයියා ගානම්, ශක්ති රේඩියෝ සුපර් ස්ටාර් සහ ඉසයි මහා යුද්ධය යන වැඩසටහන් වල සිට එහි නවතම රියැලිටි වැඩසටහන වූ ශක්ති ක්‍රවුන් දක්වාම වැඩසටහන් මාලාවක් ඔස්සේ මෙරට දමිළ සංගීත කුසලතා ශක්ති නාලිකාව විසින් වරින්වර හඳුනාගන්නා ලද අතර, පසුගිය වසර 25 ආසන්න කාලය තුළ ශ්‍රී ලංකාවේ දමිළ සංගීත ක්‍ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශාල දායකත්වයක් දී ඇත.

ශක්ති ක්‍රවුන් වැඩසටහනේ පළමු දිගහැරුමේදී වඩාත් කැපී පෙනුනේ එහි උපදේශකත්වය පදනම් කරගත් ආකෘතිය නිසා වන අතර එහිදී තරගකරුවන්ට විශේෂඥ උපදේශකයින්ගෙන් සෘජු මගපෙන්වීමක් ලැබිණි. එමගින් තරගකරුවන්ගේ ඉදිරිපත්කිරීම්වල ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවිණි.
මෙම දෙවන දිගහැරුමේදී ලොව පුරා විවිධ රටවල්වලින් තරගකරුවන් 144ක් මාස 06ක් පුරාවට තරගවැදීමට සූදානම්ව සිටින අතර එම කාලය තුළ වඩාත් විවිධාංගීකරණය වූ සංගීත රසයක් නරඹන්නන් හට රසවිදීමට හැකිවනු ඇත.
මෙහි උපදේශකවරුන් වශයෙන් ශ්‍රී ලංකාවේ දක්ෂ තරුණ සංගීතඥයන් තිදෙනකු වන ප්‍රගාශ්, කේ. ෂමීල් සහ මිර්තුෂා කටයුතු කරයි.
මහේෂ්