සීනි අවුලේ ගැඹුර ඉදිරියේදී හෙළිවේවි
සීනි සමාගමේ පැල්වත්ත ප්‍රධාන මෙහෙයුම් නිලධාරි කියයි
ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස විෂයභාර අමාත්‍යවරයා විසින් කරන ලද ඉල්ලීම සලකා බලා තමන් ලබන 27 වැනි දින සිට සේවයෙන් ඉල්ලා අස්වන බව දන්වමින් සීමාසහිත ලංකා සීනි පුද්ගලික සමාගමේ පැල්වත්ත ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නුවන් ධර්මරත්න මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇත.
තමන් විසින් සිය මුහුණුපොතෙහි පළ කරන ලද ප්‍රකාශනයක් මූලික කරගනිමින් විෂයභාර කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා තමන්ට ඉල්ලා අස්වන ලෙස ප්‍රකාශ කළ බැවින් තමන් ඉල්ලා අස්වන බව එම ලිපියෙහි ඔහු සඳහන් කර තිබේ.
“දේශීය සීනි කර්මාන්තය දැඩි ලෙස අගාධයකට යමින් පවතින සමයක මාගේ ප්‍රකාශිතයේ ගැඹුරු හරය ඇමැතිවරයා, ජනාධිපති මෙන්ම රජයේ ඉහළ නිලධාරීන් හට නුදුරු දිනයකදීම වැටහෙනු ඇතැයි” ද ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.
අකිත පෙරේරා