සිය බිරිඳ ඝාතනය කර බිරිඳගේ හිසත් රැගෙන සැමියකු පුලියන්කුලම් පොලිසියට භාරවී තිබේ. අදාළ සැකකරු සිය බිරිඳ ඝාතනය කිරීමෙන් අනතුරුව ඇයගේ හිස සිරුරෙන් වෙන් කොට පොලිතින් උරයක බහා එයත් රැගෙන පුලියන්කුලම් පොලිසියට භාරවී තිබේ.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 32 ක් පමණ වන රජුත් ස්වර්ණලතා නමැති ප්‍රාථමික ගුරුවරියක ලෙස සේවය කළ අයෙකි.
සැකකරු හා බිරිඳ ඊයේ ( 03 දා) උදෑසන නොච්චිකුලම් ප්‍රදේශයේ සිට පුලියන්කුලම් ප්‍රදේශයට යතුරුපැදියකින් යමින් සිටියදී චින්නපුවරසන්කුලම් ප්‍රදෙසේදී සැමියා විසින් මෙම ඝාතනය සිදු කර තිබේ.
පසුව ඔහු ඝාතනයට ලක්වූ බිරිඳගේ හිස කඳින් වෙන් කර සිරුර වනාන්තරයේ දමා හිසත් රැගෙන පොලිසියට භාරවී තිබේ.
ඒ අනුව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔහුගේ පාපොච්චාරණය අනුව මියගිය කාන්තාවගේ සිරුර සොයාගෙන තිබේ. පුලියන්කුලම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මුලතිව් ප්‍රසන්න ප්‍රදීප්