දකුණු අප්‍රිකානු මුල්පෙළ පිතිකරුවකු ලෙස නම්දරා සිටින හෙන්රිච් ක්ලාසන් ජාත්‍යන්තර එක්දින හා පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කඩුලු රකින්නෙකු ලෙස ද ක්‍රීඩාකර ඇති අතර 35 හැවිරිදි වියේ පසුවන ක්ලාසන් 2024 වසරේදී ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රීඩා පිටියෙන් ද සමුගත්තේය. ක්ලාසන් එක්දින පිටියේ ලකුණු 2141ක් ලබාගෙන ඇති අතර 2018 වසරේදී කේප්ටවුන් හිදී ඉන්දියාවට එරෙහිව එක්දින වරම් ලබාගත්තේය. එක්දින තරග 60 ක් ක්‍රීඩාකර එක්දින ශතක 04ක් සහ අර්ධ ශතක 11ක් ක්ලාසන් ලබාගෙන ඇති අතර විස්සයි – 20 තරග 58කට ක්‍රීඩාකර අර්ධ ශතක 05ක් ලබාගෙන තිබේ. සීමිත පන්දුවාර තරගවලට වඩාත් හොඳින් ක්‍රීඩාකරන ක්ලාසන් 2023 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 174ක් ලබාගැනීම ක්ලාසන්ගේ හොඳම ලකුණු සංඛ්‍යාව ලෙස දැක්විය හැකිය.