Thursday, 5 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: රේගුවට බදු වංචා කරමින් සැප වාහන මගඩියක් කළ කෝටිපතියකු පෑලියගොඩින් අල්ලයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 5 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: රේගුවට බදු වංචා කරමින් සැප වාහන මගඩියක් කළ කෝටිපතියකු පෑලියගොඩින් අල්ලයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

රේගුවට බදු වංචා කරමින් සැප වාහන මගඩියක් කළ කෝටිපතියකු පෑලියගොඩින් අල්ලයි

4 days ago
1009 Views

ශ්‍රී ලංකා රේගුවට බරපතළ තීරු බදු වංචාවක් සිදු කළ බවට තොරතුරු අනාවරණය වූ කෝටිපති ව්‍යාපාරිකයකු බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පසුගිය 30 දා පෑලියගොඩ ප්‍රදේශයේ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.

යුරෝපයේ පදිංචි ද්විත්ව පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයන් තම නිවාඩු කාලයගත කිරීමට මව්බිමට පැමිණෙද්දී එරට ඔවුන් පාවිච්චි කළ සුඛෝපභෝගී මෝටර් රථ රේගු අවසරය මත මෙරටට රැගෙන විත් හිමිකරු නැවත විදෙස්ගත වෙද්දී ඇටෝර්නි බලපත්‍රයක් මගින් එම වාහනය පවරාගෙන කූට ලේඛන සකසා අධික මිලට විකිණීමේ ජාවාරමක නිරතවූ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි මෙම කෝටිපතියා මීට ඉහත ද මෙවැනිම වාහන ජාවාරම්වල නිරතව ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පොලිස් අත්අඩංගුවට ගත් සැකකරු 31දා කොළඹ අලුත්කඩේ අංක 5 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහැර ඇත. සැකකරුට එරෙහිව ඇති චෝදනා ගොණු කරන ලෙස පොලිසියට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා නඩුව මේ මස 18 දා යළි කැඳවීමට නියෝග කළේය.

ව්‍යාජ අංක තහඩු සහිත වාහනයක් ධාවනයට යොදවා ඇති බවට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත පසුගිය 30දා පෑලියගොඩදී අත්අඩංගුවට ගෙන ඇති රේන්ජ් රෝවර් වර්ගයේ වාහනයේ හිමිකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු සන්තකයේ තිබූ එවැනිම කූට ලේඛන සහිත මර්සඩීස් බෙන්ස් වර්ගයේ සුඛෝපභෝගී රථයක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත. මෙම සැකකරු මීට ඉහතදී ද මේ අන්දමින් රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් වංචනික ලෙස වාහන කීපයක් විකුණා ඇතැයි තොරතුරු හෙළි වී ඇත.

සැකකාර ව්‍යාපාරිකයාගේ බිරිඳ ද කෝටිපති ව්‍යාපාරිකයාද එංගලන්තයේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියන් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත. ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන් මෙරටට පැමිණෙද්දී රැගෙන එන වටිනා වාහන ඔවුන් නැවත විදේශගත වන විට සැකකරු විසින් තාවකාලික ඇටෝර්නි බලපත්‍රයක් මගින් පවරා ගෙන වසර දෙකක් පමණ ධාවනය කිරීමෙන් පසු එයට අඩු වටිනාකමක් ඉදිරිපත් කර තීරු බදු වංචාවක් කරමින් රේගුවට විශාල පාඩුවක් සිදුකර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් රුපියල් කෝටි දහසයකට අධික වටිනාකමින් යුතු දැනට පොලිසිය භාරයේ ඇති රේන්ජ්රෝවර් රථය සහ මර්සඩීස් බෙන්ස් රථය අද (02දා) රේගුවට භාරදීමට නියමිත බව වැටලීම කළ නිලධාරියෙක් පැවසීය.

බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕළුගල මහතාගේ අධීක්ෂණය මත එම අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරුන් වන ප්‍රධාන පොලිස් පරීක්ෂක පදුමසිරි, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක දොළමුල්ල යන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් උප පොලිස් පරීක්ෂක මධුශංක, පොලිස් කොස්තාපල්වරුන් වන (77930) ගයාන්, (76770) බුද්ධික, (98794) උදය කුමාර, පොලිස් සැරයන් රියැදුරු (36235) ගුණවර්ධන යන නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකර ඇත.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

2 days ago

බල්තසාර් වැඩට

5 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

5 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

5 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

4 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

මුහුණු පොතේ දැමූ ‘සීනි’ කතාවට ඇමැති අස්වෙන්න කිව්වා – මම අස්වුණා

ප්‍රාදේශීය පුවත්

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

ප්‍රාදේශීය පුවත්

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

ප්‍රාදේශීය පුවත්

ඩියුටි ෆ්‍රී සාප්පුවලින් අරක්කු අරන් ලොකු සාදවලට වැඩි මිලට විකුණලා

ප්‍රාදේශීය පුවත්

කෝවිලේ පූජාවේදී අඹ ගෙඩිය රු.460,000කට වෙන්දේසි වෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok