ළමා අපයෝජන සහ ඒ හා බැඳුණු පැමිණිලි 2,713ක් 2025 වසරේ පළමු මාස 4 ට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී තිබේ.
ඒ අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ජනවාරි මාසයේ දී වන අතර එම පැමිණිලි සංඛ්‍යාව 749කි.
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ත්‍්ජඑීැැනැර කණ්ඩායම කළ විමර්ශනයකින් මෙම දත්ත අනාවරණය කර ගැනුණි.
ගත වූ මාස 4 දී ළමා අපයෝජන හා ඒ හා බැඳුණු පැමිණිලි වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූ දිස්ත්‍රික්කය කොළඹ දිස්ත්‍රික්කයයි. එම සංඛ්‍යාව 418කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 344ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 235ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 218ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 214ක් වශයෙන් ලැබී ඇත. අඩුම පැමිණිලි ගණනක් ලැබී ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙනි. එම පැමිණිලි සංඛ්‍යාව 18ක් වේ. වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලින් පැමිණිලි 19 බැගින් ද මුලතිව් දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 26ක් ද, යාපනය දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 42ක් ද වාර්තා වී තිබේ.
ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි අතරින් වයස් කාණ්ඩ අනුව දත්ත පිරික්සීමේදී ඉහළම පැමිණිලි සංඛ්‍යාව වාර්තා වන්නේ වයස අවුරුදු 11-15 කාණ්ඩයේ ළමුන් සම්බන්ධයෙනි. ස්ත්‍රී-පුරුෂභාවය සැලකීමේදී වැඩිම පැමිණිලි වාර්තා වන්නේ ගැහැනු දරුවන් සම්බන්ධ සිදුවීම්ය.
පසුගිය වසර පහ තුළ ළමා අපයෝජන හා ඒ හා බැඳුණු පැමිණිලි 51,910ක් ලැබී ඇත. ඒ, 2020 දී 8,165ක්, 2021 දී 11,187ක්, 2022 දී 10,497ක්, 2023 දී 11,387ක් වශයෙනි. 2024 දී පැමිණිලි 10,674ක් වාර්තා වී ඇත.
රනිල් ධර්මසේන