වාර්ෂිකව කොස් ටොන් ලක්ෂ විස්සකට ආසන්න ප්‍රමාණයක් ප්‍රයෝජනයට නොගෙන අපතේ යන බවත් කොස් ටොන් පහක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් ආහාරයට ගන්නා බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
ප්‍රෝටීන්, කැල්සියම්, මේද ඇතුළුව මිනිස් සිරුරේ පැවැත්මට අත්‍යවශ්‍ය සංඝටක 13 කින් සමන්විත කොස් පරිභෝජනයට ජනතාව ඒ තරම් කැමැත්තක් නොදැක්වීම වාර්ෂිකව කොස් ටොන් ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණයක් අපතේ යෑමට බලපා ඇත.
මෙරට වාර්ෂික ඒක පුද්ගල කොස් පරිභෝජනය කොස් මදුළු සහ ඇට ග්‍රෑම්ස් 709ක්, කොස් ඇට ග්‍රෑම්ස් 28ක්, වරකා ග්‍රෑම්ස් 28ක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන තහවුරු කරයි.
නිමල් ගුණතිලක