රත්නපුර වේවැල්වත්ත කනිෂ්ඨය වසා දමයි
බලන්ගොඩ, වේවැල්වත්ත සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක තද සුළං තත්ත්වය හේතුවෙන් මාර්ග කීපයක් අවහිරව, විදුලිය හා දුරකථන කණු කඩා වැටීම් වාර්තාවී ඇතැයි රත්නපුර ආපදා කළමනාකරණ ඒකකය පවසයි. බලන්ගොඩ තලන්ගම විද්‍යාලයට විශාල කෝන් ගසක් කඩා වැටීමෙන් තලංගම විදුහලේ ගොඩනැඟිල්ලකට හා ළමා උද්‍යානයට හානි සිදුව තිබේ.
පාසල ආරම්භ කිරීමට පෙර අලුයම් කාලයේදී එම විශාල ගස කඩාවැටීම නිසා පාසල් සිසුන්ට හානියක් සිදු නොවූ බව දෙමාපියෝ පවසති. මෙම ගස කඩා වැටීම නිසා ප්‍රදේශයේ විදුලි කුලුනු කීපයකට හා දුරකථන කණු කීපයකට හානි සිදුව ඇත. මේ නිසා බලන්ගොඩ තලංගම මාර්ගය අවහිර වී තිබුණි.
රත්නපුර වේවැල්වත්ත කනිෂ්ඨ විද්‍යාලයේ ගොඩනැඟිල්ලක් මතට කොට්ටම්බා අත්තක් කඩා වැටීමෙන් පසු එම පාසල එදින වසා දමා තිබේ.
කහවත්ත – සමරවීර නිරෝෂණ සහ බළන්ගොඩ – එන්. එච්. පියසේන