Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: මම ඔබේ මාලිනී… – නිළි රැජන එදා හෙළිකළ ජීවිත ගමන
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: මම ඔබේ මාලිනී… – නිළි රැජන එදා හෙළිකළ ජීවිත ගමන
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

මම ඔබේ මාලිනී… – නිළි රැජන එදා හෙළිකළ ජීවිත ගමන

2 weeks ago
57 Views


1964 සරසවි සම්මාන උළෙල ඇරඹුණ අවදියේ මම පාසල් යන දැරියක්. ඒ යුගයේම වගේ තමයි මං වේදිකාවට පිවිසුණේ. මට මුලින්ම සම්මානයක් හිමිවුණේ වේදිකා නාට්‍යයක් වෙනුවෙන්. ඒ ‘අකල් වැස්ස’ නාට්‍යය.

එදා ඒ යුගයේ පුණ්‍යා හීන්දෙණිය වැනි අපේ ප්‍රවීණ නිළියන් සරසවි සම්මාන ලබන බව පුවත්පතින් දැකලා කියවලා මං කිසියම් තෘප්තියක් ලැබුවා. එදා එවන් යුගයක ලද තෘප්තියට වඩා සිය දහස් ගුණයක තෘප්තියක් අද ලබන්නේ එවන් සම්මානයක් ලැබීමට මං හිමිකාරියක වූ නිසාම පමණක් නොවෙයි. හොඳම නිළියට හිමි සම්මානයත් සමගම ජනප්‍රියම නිළියට හිමි සම්මාන පදක්කමත් මට හිමිවීම නිසයි.

එදා මෙන් අදත් රිදී තිරයේ මගේ හැකියාවන් අගය කළ හැම විටකම මගේ හදවත උතුරා හැලෙන ප්‍රීතිය සමග හිතට නැඟෙන්නේ දයාබර රසික රසිකාවන් වන ඔබයි මා ලබන හැම අගය කිරීමක්ම හැම සම්මානයක්ම මගේ හිතාදර ඔබ වෙත පුද කිරීමට සූදානම්ව සිටින්නේ දැඩි ආත්ම විශ්වාසයකින් යුතුවයි.

නිළියක වශයෙන් රට පුරා විසිරී සිටින හිතාදර සිනමා ලෝලියන් වන ඔබෙන් ලබන අනුග්‍රහය මගේ ඉදිරි ගමනට දැඩි රුකුලක් වී ඇති බව කියන්නේ දැඩි ආදරයකින් සහ ඇල්මකින් යුතුවයි.

1976 වසරේදී ප්‍රියතම නිළිය වශයෙන් සම්මානයක් ලැබූ අවස්ථාව මෙය ලියද්දී මගේ මතකයට නැඟෙනවා. ඒ මෙයට වසර හතරකට පමණ පෙර. සිනමා ලෝලියන්ගේ කැමැත්ත එදා මෙන්ම අදත් මා වෙත රැඳී තිබීමෙන් මේ වසරේත් ඔබේ ජනප්‍රියම නිළිය වීමේ අවස්ථාව ලැබීම කිසිදිනක මගේ මතකයෙන් බැහැර වන්නේ නෑ. නමුත් මෙහිදී මගේ හදවතට කිසියම් කණගාටුවක් නැතිනම් බලාපොරොත්තු කඩකිරීම පිළිබඳ සිතුවිල්ලක් නැඟෙන බව කිවයුතුයි. ඒ සිතුවිල්ල මතු වන්නේ දයාබර ඔබ වෙනුවෙනුයි. ඔබ නිසාම ඔබ වෙනුවෙන් මා ලද ඒ සම්මානය මගේ දෑතින්ම භාර ගැනීමට මට නොහැකිවීම මා ඔබට කළ වරදක් ලෙස හැඟුණත් ඒ වරද උවමනාවෙන් කළ එකක් නොවන නිසා ඔබ මා හා උරණ නොවන බව මගේ විශ්වාසයයි.

ලංකාවේ මෙතෙක් පැවැත්වූ ආරාධනා ලද හැම චිත්‍රපට උළෙලකටම මම දැඩි ආශාවකින් යුතුව සහභාගී වුණා. ඉදිරියටත් මගේ පිළිවෙත ඒකමයි.

මගේ නිළි ජීවිතයත් සම්මානත් අතර ඇත්තේ දැඩි සම්බන්ධයක් බව මගේ හිතාදර රසික රසිකාවියන් වන ඔබ වෙත නැවතත් දැනුම් දීම මගේ යුතුකමක්.

මට මුලින්ම සම්මානයක් හිමිවුණේ ‘අකල් වැස්ස’ නාට්‍යය වෙනුවෙන්. ජාතික නාට්‍යය උත්සවයේදී එදා මට හොඳම නිළියට හිමි සම්මානය ලැබෙද්දී දෝතින්ම එය භාර ගත්තේ කෙතරම් විශාල ආශාවකින් ද ආඩම්බරයකින් ද කියා තවමත් මට මතකයි. එදා මං හිතුවේ මට රටක්, රාජ්‍යයක් ලැබුණ ලෙසයි. ඒ සම්මාන ලැබූ දින රෑ මට නින්ද ගියේ නැහැ. මම කී වරක් ඒ අපූරුතම වස්තුව දෑතින් ගෙන හදවතට තුරුළු කර ගන්නට ඇද්ද? මගේ ජීවිතයේ පෙරළියකට මුල් වූ ඒ සම්මානයට මං එදා මෙන්ම අදත් එක වගේම ආදරෙයි.

එදා ‘අකල් වැස්ස’ නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් සම්මානය ලබද්දී මම මොහොතකටවත් හිතුවේ නෑ සිනමා ක්ෂේත්‍රයට ඇවිත් කිසියම් දවසක මට මෙපමණ සම්මාන ගොඩක් ගන්න ලැබේවි කියලා. 1965 නොවැම්බර් මාසේ ඉඳලා අද දක්වා මට සම්මාන පහළොවකට වැඩිය ලැබිලා තියනවා. මං හිතන්නේ මේ සම්මාන ලැබීම ආඩම්බර වෙන්න නොවෙයි. තව තවත් නිහතමානි වෙන්න හොඳම හේතුවක් කියලා.

ඇත්ත වශයෙන්ම මගේ ජීවිතය පුදුමාකාර දෙයක්. සිනමාවට ඇවිත් මෙතරම් හරඹ කරන්න යොවුන් වියේදී මගේ කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නෑ. ඒකට ප්‍රධාන හේතුව තමයි ළදරු වියේ සිටම අපේ ජීවිතයෙන් ඒ කියන්නේ අපේ පවුලේ එදිනෙදා ජීවිතයෙන් අත නොපොවන දුරින් තිබීම. මට මතකයි පුංචි කාලේ අපට අපමණවත් අගහිඟකම් තිබුණා. අපේ පවුලේ එකොළොස් දෙනෙක්. පුංචි කාලේ මට චිත්‍රපටයක් බලන්නවත් ලැබුණේ හරිම කලාතුරකින්. අවුරුද්දකට එක සැරයක් නැත්නං දෙපාරක්. ආර්ථික වශයෙන් අපේ තාත්තට පුළුවන්කමක් තිබුණේ නැහැ අපි හැමෝම සිනමා හලකට එක්කරගෙන ගිහිල්ලා චිත්‍රපටයක් පෙන්වන්න.

චිත්‍රපට නිළියක වීමේ සංකල්පනාව මගේ ළදරු සහ යොවුන් ජීවිතයේ තරමක් ඈතක තිබුණු දෙයක්. මේ හේතු නිසා මගේ සිනමා ජීවිතය සිහිනයක් සැබෑවීමක් නොව දෛවය විසින් මා වෙත ගෙන ආ දෙයක් බව ඔබට පැහැදිලි වනු ඇත.

රාජ්‍ය චිත්‍රපට සංස්ථාව මගින් ජනාධිපති සම්මාන උළෙල ඇරැඹීමෙන් ‘බඹරු ඇවිත්’ චිත්‍රපටයේ මගේ රඟපෑම් සහ දක්ෂතම නිළියට හිමි තිළිණය පසුගිය වසරේ මට ලැබුණු අවස්ථාව ඔබට මතක ඇතැයි සිතමි. ජනාධිපති සම්මානය හිමිවීම ඉතාමත් අගය කළ යුතු වැදගත් අවස්ථාවක් වශයෙන් මම සලකමි. එය දැඩි ආත්ම වින්දනයකට හේතුවක් ද විය. නමුත් මෙහිදී ජන ජීවිතයට සම්බන්ධ සිනමා කලාකාරියක වශයෙන් ඔබ වෙත කිවයුතු දෙයක් ඇත.

සරසවි සම්මාන උළෙල සිංහල සිනමා ක්ෂේත්‍රයේ විශේෂයෙන් සටහන් කළ යුතු අවස්ථාවක් බව මම කලිනුත් සඳහන් කළෙමි. සිංහල සිනමාවට අපමණ බාධක වැටකඩොලු තිබුණු යුගයක හෙළ සිනමාව සහ එහි නියුතු කලාකරුවන්ගේ සහ ශිල්පීන්ගේ කුසලතා අගය කිරීමටයි සරසවි සම්මාන උළෙල ඇරඹුවේ. ‘ගම්පෙරළිය’ චිත්‍රපටයේ සිට ‘හඳයා’ චිත්‍රපටය දක්වා සරසවි සම්මාන ලැබූ උසස් චිත්‍රපට කලාකරුවන් සහ ශිල්පීන් ගැන සලකා බැලීමේදී ඉදිරි ගමනට එය කෙතරම් දුරට ඉවහල් වී ඇත්දැයි පෙනී යනවා.

අපේ රටේ පිළිගත් ප්‍රධාන පෙළේ චිත්‍රපට උළෙලකදී හොඳම නිළියට හිමි සම්මානය හිමිවීමෙන් මා ලද සතුට මගේ රසික රසිකාවියන් වන ඔබ වෙත පුද කරන්නට මම පරිත්‍යාගශීලී වෙමි.

එතෙක් මෙතක් මා ලැබූ සියලුම සම්මාන සහ ඇගයීම් ඔබ වෙනුවෙන් තව තවත් සාර්ථක රඟපෑම් ඉදිරිපත් කිරීමට මා ලද දිරිගැන්වීම් ලෙස මම විශ්වාස කරමි.

මගේ රසික රසිකාවියන් වන ඔබ අමතන මේ මොහොතේ මා රඟපෑ චරිත අතුරෙන් වඩාත් ම කැමැති කොයි චරිතවලට දැයි දැන ගැනීමේ ආශාවක් ඔබ තුළ ඇතිවන බව මට විශ්වාසය. එසේ නම් එයත් හෙළි කිරීම මා සතු යුතුකමක් කොට සලකමි.

මා මෙතෙක් රඟපා ඇති චිත්‍රපට දෙස බැලීමේදී විශේෂ කැමැත්තකින් සහ ආශාවකින් සිහිපත් කරන්න කැමැතියි නිධානය, සිරිපාල හා රන්මැණිකා සහ එයා දැන් ලොකු ළමයෙක් යන චිත්‍රපටවල චරිත තුන. ඇත්ත වශයෙන් මේ චිත්‍රපට තුනේ මං රඟපෑවේ එකකට එකක් හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ චරිත නේද?

අප මුලින්ම නිධානයේ ‘අයිරින්ගේ’ චරිතය අරන් බලමු. ඒ වාගේ හෝ ඊට කිට්ටු චරිතයක් මං කිසිම දිනෙක රඟපාලා නැහැ. අයිරින් මුහුණ දෙන අපූර්වතම අත්දැකීම් සහ අවස්ථාවලදී ඒ හැඟීම් ඉරියව් සාර්ථක අන්දමින් දැක්වීමට මා ගත් වෙහෙස අපමණයි. නිධානයේ රඟපෑම මගේ ජීවිතයේ සදාකාලික මතකයට එක්වී ඇති බව හෙළිකරන්නට මං කැමැතියි.

‘සිරිපාල හා රන් මැණිකා’ චිත්‍රපටයේ රන් මැණිකාගේ චරිතය රඟපෑමේදී මතකයේ තබාගත යුතු විශේෂ කරුණු කිහිපයක් තිබුණා. විශේෂයෙන් සැබෑ ලොව අදත් ජීවත් වන ගැහැණියක වූ රන් මැණිකාගේ චරිතයයි. මට රඟපෑමට තිබුණේ සමාජයේ කතාබහට නැතිනම් අනුකම්පාවට ලක්වූ එවැනි ගැහැණියකගේ චරිතය රඟපෑමෙන් මා මගේ ජීවිතයටත් කිසියම් අත්දැකීමක් ලබා ගත්තා. ඔබ රන් මැණිකා කවර තාලයේ ගැහැණියක දැයි කලින් තීන්දු කර තිබුණු නිසා ඒ චරිතය සාර්ථක අයුරින් නිරූපණය කරන්නට ආයාසකර වෙහෙසක් දරන්නට සිදුවුණා. මගේ ඒ උත්සාහය අපතේ නොගිය බව සිතා අද මට සතුටු විය හැක්කේ මගේ රඟපෑමත් ඔබේ පූර්ව නිගමනයත් එක හා සමාන බව ඔබ තීරණය කළ නිසයි.

සමාජයේ විවිධ ප්‍රශ්නවලට මුහුණදී දැඩි ගැටුම්වලට ලක්වන තරුණියකගේ චරිතය ‘මං එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටයේ සෝමාගේ චරිතයෙන් නිරූපණය කළා.

මගේ ආදරණීය රසිකාවියන් අතර අනාගතයේ සිනමාවට පිවිසීමට බලාපොරොත්තු වන අය අපමණවත් ඉන්නට පුළුවන්. ඒ වගේම අපේ නව පරපුරේ නිළියන්ටත් මං මගේ අත්දැකීම් හුරු කොටගෙන එක උපදෙසක් දෙන්නට කැමැතියි. කිසිම දවසක එකම මාදිලියේ චරිතවලට කොටුවෙන්න එපා. විවිධ චරිත රඟපාන්න උත්සාහ කරන්න. කිසියම් චරිතයක් රඟපාන්න කලින් හොඳින් හිතා බලන්න. ඒ කොටස කැමරාගත කළාට පස්සේ නැවතත් ඒ ගැන හිතලා පසුතැවිලි වෙන්න වැඩක් නැහැ. තමන් රඟපාන්න සූදානම් චරිතය කෙතෙක් දුරට සාර්ථකව තමන්ට ඉදිරිපත් කළ හැකිදැයි මුලින්ම තීන්දු කර ගන්න.

මා එතෙක් මෙතෙක් ලැබූ හැම දේශීය සම්මානයක්ම හිතාදර ඔබ වෙනුවෙනුත් එතෙරදී ලැබූ සම්මාන මුළු රට ජාතිය වෙනුවෙනුත් පුදමින් මින් නවතිමි.

ස්තූතියි,
ඔබේ දයාබර
මාලනී ෆොන්සේකා

සීතා රෝහිණී රත්වත්තේ නිෂ්පාදනය කළ සුගතපාල සෙනරත් යාපාගේ අධ්‍යක්ෂණයක් වූ පෙම්බර මධූ හි රූප රාමුවකි.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

6 days ago
Related News
විශේෂාංග

ඉන්දීය ආරක්ෂක ගිවිසුම සමග පොරබැදීම

විශේෂාංග

පුංචි ආණ්ඩු රණ්ඩු වන විට ගම් සභාවේ අගය වැටහෙයි

විශේෂාංග

ඉන්දීය ආරක්ෂක ගිවිසුම සමග පොරබැදීම

විශේෂාංග

සිනා සී මම කඳුළු සඟවා ගතිමි

විශේෂාංග

Voice Sri Lanka අවසන් මහා රාත්‍රිය ජුනි 14 වැනිදා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok