Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: අගේ වූ ස්ත්‍රී රත්නෙකී, සොබාදහම් මැවූ දයා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: අගේ වූ ස්ත්‍රී රත්නෙකී, සොබාදහම් මැවූ දයා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

අගේ වූ ස්ත්‍රී රත්නෙකී, සොබාදහම් මැවූ දයා

2 weeks ago
51 Views

මාලිනී යන වචනයෙහි තේරුම “මල් මාලා ගොතන්නී” “මාලාකාරි” යනුයි. අපේ මේ මාලිනී නමැති මාලාකාරිය පන්සාළිස් වසක් තිස්සේ අපේ සිනමාව වර්ණවත් කරන්නට සුගන්ධවත් කරන්න මල්මාලා ගෙතුවාය. පසුගියදා ඇය විසින් සිය විචිත්‍රවත්ම, සුගන්ධවත්ම මල්මාලාවෙන් සිංහල සිනමා සොඳුරියගේ ගෙල සරසන ලදී. ඒ 39 වැනි වරටත් පැවැත්වුණු අන්තර්ජාතික ඉන්දීය චිත්‍රපට උළෙලේ දී “ආකාස කුසුම්” චිත්‍රපටයේ සන්ධ්‍යා රාණි නමැති නිළියගේ චරිතය නිරූපණය කිරීම උදෙසා රජත මයුර සම්මානය දිනා ගනිමින්ය.

මීට පෙර මේ අන්තර්ජාතික සම්මාන උළෙලෙහි දී ම අපේ කලාකරුවෝ කිහිපදෙනකු සම්මාන හිමි කරගත් බව ඔවුන්ට ගෞරවයක් වශයෙන් මෙහි ලා සඳහන් කළ යුතුය. 1965 දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “ගම්පෙරළිය” ඒ වසරේ හොඳම නිෂ්පාදනය වශයෙන් රණමයුර සම්මානය දිනා ගත්තේය. 1969 දී සුගතපාල සෙනරත් යාපාගේ “මිනිසා සහ කපුටා” හොඳම දෙවැනි විත්ති කතා චිත්‍රපටය ලෙස රජත මයුර සම්මානය දිනා ගත්තේය. 1987 දී අනෝජා වීරසිංහ “මල්දෙණියේ සිමියොන්” වෙනුවෙන් රජත මයුර සම්මානය දිනා ගත්තාය. මාලිනී මෙදා ශ්‍රී ලංකාවට රැගෙන ආවේ හතර වැනි මොනරාය.

එහෙත් මේ මොනර ප්‍රදානය සම්බන්ධයෙන් එදා මෙදාතුර වෙනසක් සිදුවී ඇත්තේය. එදා තිබුණේ සම්මාන ඉසව් 04කි. එනම් හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්‍ෂණය, හොඳම නළුවා, හොඳම නිළිය වශයෙනි. එහෙත්, දැන් සිවු වසරක් තිස්සේ ප්‍රදානය කෙරෙන්නේ සම්මාන 03කි. එනම් හොඳම චිත්‍රපටය, හොඳම කුළුඳුල් අධ්‍යක්‍ෂණය, හොඳම සිනමා සහභාගිත්වය හෙවත් දායකත්වය යනුවෙනි. හොඳම නළුවා හෝ නිළිය කියා සම්මානයක් නැත. නළුවකුගේ හෝ නිළියකගේ හෝ රංගනය, චිත්‍රපටයේ තිර නාටකය, සංගීතය, සංස්කරණය හෝ ඡායාරූප ශිල්පය වෙනුවෙන් හෝ පෙර කී “සිනමා සහභාගිත්වය” සඳහා වූ රජත මයුර සම්මානය ලංකාවේ මුදලින් 40 ලක්ෂයක් පමණ වූ මුදල් ද සමග පිරිනැමෙන්ට පුළුවන. මාලිනියගේ රංගනයට හිමි වූයේ මේ සම්මානය යි. මාලිනියට පෙර එම සම්මානය සිනමා තිර නාටක රචකයකුට ද හිමි වී තිබේ. 2004 දී ඉරාන නළුවකුට ද, 2007 දී මෙක්සිකානු නිළියකට ද මේ සම්මානය හිමි වූයේය.

මේ ආකාරයට බලන කල මාලිනිය දිනාගත් සම්මානයෙහි බර වැඩිය. ඇය මේ සම්මානය ලබන්නී “සිනමා සහභාගිත්වයට” ය. ඒ අනුව ඇය තරග කරන්නී හුදු රංගන ශිල්පීන් සමග පමණක් නොව, තිරනාටක රචකයන්, සංගීත අධ්‍යක්‍ෂවරුන්, ඡායාරූප ශිල්පීන්, සංස්කරණ ශිල්පීන් ආදීන් ද සමගය.

මාලිනිය මෙවර තරග කළේ ඉන්දියාව, බංග්ලාදේශය, ඉරානය, ආර්ජන්ටිනාව, මලයාසියාව, නවසීලන්තය, පිලිපීනය, කසකස්ථානය, රුසියාව වැනි රටවල් සමගය. රංගනයෙන් ඈ හා තරග කළෝ කවරාකාර නළු නිළියෝ ද? මජිද් මජිදී අධ්‍යක්‍ෂණය කළ “සෝංග් ඔෆ් ස්පැරෝස්” නමැති ඉරාන චිත්‍රපටයෙහි ප්‍රධාන නළු රිසා නජී එම චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් බර්ලින් චිත්‍රපට උළෙලේ “ගෝල්ඩන් බෙයාර්” සම්මානය දිනා ගෙන තිබුණේය.

ආර්ජන්ටිනා – ජර්මානු හවුල් නිෂ්පාදනයක් වූ “මයි මදර්ස් ටියර්ස්” චිත්‍රපටයෙහි රඟපෑ ඇලිස් ඩව්යර්ට එහි රංගනය වෙනුවෙන් ග්‍රීසියේ අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය ලැබී තිබුණි. කසකස්තානය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, රුසියාව, පෝලන්තය යන රටවල්වල හවුල් නිෂ්පාදනයක් වූ සර්ජි ඩෙවොට්සෙවොයි (මේ චිත්‍රපට උළෙලේ අනෙක් සම්මාන දෙකම දිනා ගත්තේ මේ සර්ජි ඩෙවොට්සෙවොයි ය) අධ්‍යක්‍ෂණය කළ 2009 වසරේ ඔස්කාර් සම්මාන උළෙල නියෝජනය කිරීමට නියමිත “තුල්ෆාන්” නමැති චිත්‍රපටයේ රඟ පෑ තොලෙප්බර්ජන් (උච්චාරණය වැරදි විය හැකියි) විසින් ද ප්‍රියදර්ශන්ගේ “කාඤ්ච්චරම්” නමැති ඉන්දීය චිත්‍රපටයෙහි රඟ පෑ ශ්‍රියා රෙඩ්ඩි විසින් ද විශිෂ්ට රංගන ඉදිරිපත් කරන්නට යෙදුණි. මොවුනතුරින් ද උළෙලේ තරගකාරී අංශයෙහි සෙසු චිත්‍රපටවල සකලවිධ කලා හා කාර්මික අංශ අතරින් ද මාලිනියගේ රංගනය “උපරිම සිනමා සහභාගිත්වය” ලෙස බව තීන්දු කළ ජූරි සභාවේ සාමාජිකයෝ කවරහු ද? ප්‍රකට හොංකොං චිත්‍රපට අධ්‍යක්‍ෂ පීටර් චෑං, වැනිස් චිත්‍රපට උළෙලේ අධ්‍යක්‍ෂ මාකෝ මුලර්, පිලිපීන චිත්‍රපට අධ්‍යක්‍ෂ ලෙව් ඩියාස්, ඉරාන නිළි නිකි කරීම්, ඉන්දීය නිළි තාබු ආදීහුය.

මාලිනියගේ මේ සා විශිෂ්ට වූ රංගනය එතෙර සිටින ඔවුන්ම මිස මෙතෙර සිටින අප කිසිවකුත් තවමත් දැක නැත. ඊට හේතුව චිත්‍රපටයෙහි නිෂ්පාදක එච්. ඩී. ප්‍රේමසිරි මහතා “ආකාස කුසුම්” තවම මෙරට තිරගත කර නොමැති බැවිනි. අන්තර්ජාතික ඉන්දීය චිත්‍රපට උළෙල ගැන ද මෙහි ලා යම් සඳහනක් කළ යුතුව ඇත. මේ උළෙල මීට ඉහත හැඳින්වුණේ අන්තර්ජාතික නවදිල්ලි චිත්‍රපට උළෙල කියාය. පසුව මේ උළෙල ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට ගෙන යෑමට ඉන්දීය රජය විසින් තීරණය කරන ලදී. මීට සිවු වසකට පෙර ගෝව ප්‍රාන්තයට පැමිණි මේ සිනමා උළෙල එහි ම බින්න බැස්සේය. ඊට හේතුව ලෝක ප්‍රකට කාන් චිත්‍රපට උළෙල වැනි උළෙලක් පැවැත්වීමට ගෝව වැනි වෙරළාශ්‍රිත ප්‍රදේශයක් වඩාත් උචිත යැයි බලධාරීන් තීරණය කර තිබීමයි. කලක් කප්පාදු කර තිබුණු උළෙලේ තරගකාරී අංශය යළි ඇරඹුණේත් මූල්‍යමය ත්‍යාග මුදල වැඩි කරමින් (රණමයුර) සම්මානය සඳහා වූ ත්‍යාග මුදල (ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 125ක් පමණ වේ) නව තරග ඉසව් තුන ඇරඹුණේත් ගෝවේ දීය.

මාලිනියගේ සම්මානය පිටුපස තවත් මහා පුරුෂයෙක් සිටින්නේය. ඔහු නම් නව පරපුරේ චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන් අතර විශිෂ්ටතමයා ලෙස අවිවාදයෙන් හඳුන්වා දිය හැකි ප්‍රසන්න විතානගේ ය. සිනමා නිර්මාණයක කවර අංශයක් හෝ සම්මානයට පාත්‍ර වන්නේ නම් එම ගෞරවයෙන් කොටසක් අධ්‍යක්‍ෂවරයාට හිමි වන්නේය. ඒ චිත්‍රපටයක ආධිපත්‍යය කරන්නේ ඔහු බැවිනි. ප්‍රසන්න සම්මානනීය නළු නිළියන් තනන්නෙකැයි අපට සිතෙන්නේ ඔහුගේ සෑම චිත්‍රපටයකම ප්‍රධාන චරිත රඟ පෑ සෑම නළුවකුම සෑම නිළියකම සම්මානයට පාත්‍ර වී ඇති බැවිනි. “සිසිල ගිනි ගනී” හි සනත් හා සබීතා ද “අනන්ත රාත්‍රියෙහි” රවීන්ද්‍ර සහ ස්වර්ණා ද “පවුරු වළලු” හි ටෝනි සහ නීටා ද “පුරහඳ කළුවරෙහි” ජෝ (ප්‍රධාන නිළියක් සිටියේ නැත.) ද “ඉර මැදියමෙහි” පීටර් අල්මේදා සහ නිම්මි හරස්ගම ද ඒ ඒ වර්ෂවල හොඳම නළු නිළියන් වශයෙන් සම්මාන ලදහ. 98 සිංගප්පූරුවේ පැවැති අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ දී නීටා හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තේ (පවුරු වළලු) ද 98 සිංගප්පූරුවේ පැවැති අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ දී ජෝ (මෙරට නළුවකු ලැබූ එකම අන්තර්ජාතික සම්මානය මෙයයි) හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ (පුරහඳ කළුවර) ද 2004 ස්පාඤ්ඤයේ පැවැති අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ දී නිම්මි හරස්ගම, හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තේ (ඉර මැදියම) ද ප්‍රසන්නගේ චිත්‍රපටවලිනි. මාලිනීගේ සම්මානය පූර්වෝක්ත අන්තර්ජාතික සම්මානවලින් වෙනස් වනුයේ එය ප්‍රසන්න මස්සිනා (ප්‍රසන්න විවාහ වී සිටින්නේ මාලිනීගේ සොහොයුරියක වන දමයන්ති සමගය) මාලිනී නෑනාට ලබා දුන් නෑනා මස්සිනාලගේ ගනුදෙනුවක් නිසා පමණි.

රංගනය වෙනුවෙන් දේශීය සම්මාන රැසක් හිමි කරගෙන සිටින මාලිනිය 1975 නව වැනි අන්තර්ජාතික මොස්කව් සිනමා උළෙලේදීත් (ධර්මසේන පතිරාජගේ “එයා දැන් ලොකු ළමයෙක්” වෙනුවෙන්) 1977 හයවැනි අන්තර්ජාතික නවදිල්ලි සිනමා උළෙලේදීත් (අමරනාත් ජයතිලකගේ “සිරිපාල හා රංමැණිකා” වෙනුවෙන්) ගෞරව ඩිප්ලෝමා සහතික ලැබුවාය.

මාලිනී රංග කලාව පිළිබඳ ආයතනික පුහුණුවක් නොලැබුවාය. ඇයගේ රංග ප්‍රතිභාව උද්දීප්තියට පත් වූයේ මේ ඝෝර සසරේ ඈ වින්දා වූ අප්‍රමාණ දුක් පීඩා, හෙළුෑ කඳුළු සුසුම්වලිනි. ඈ වඩාත් සිනාසී ඇත්තේ රිදී තිරයේ දී පමණක් ද විය හැකිය. එහෙත් ඈ තවත් පැත්තකින් භාග්‍යවන්තියකි. මක් නිසාද යත්, ඇය අතින් දැන හෝ නොදැන හෝ කෙරෙන වැරැදිවලට පවා සමාව දීමට තරම් රසිකයා ඇයට ආදරය කරන බැවිනි. ඔවුන් හැම දෙනාටම ඇය “මගේ මාලිනී” ය. මේ මොහොතේ දී මගේ සිහියට නැඟෙන්නේ “කැලෑ හඳ” චිත්‍රපටයේ මාලිනී නමැති චරිතය වෙනුවෙන් හර්බට් එම්. සෙනෙවිරත්න ලියූ ගීයක කොටසකි. එම ගී කොටසෙහි තුන්වැනි, හතරවැනි පද අපේ මාලිනියට ද මැනවින් ගැළපෙයි.

මගේය ප්‍රේම මාලිනී
ඔබේය මාව රාජිනී ම ප්‍රේම්
අගේ වූ ස්ත්‍රී රත්නෙකී
සොබාදහම් මැවූ දයා

මහාචාර්ය සුනිල් ආරියරත්න


(එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2008 දෙසැම්බර් 24 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වූ මාලිනී ෆොන්සේකා රංගවේදිනියට ජාතියේ උපහාරය පිරිනැමීමේ උත්සවය අමතා සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් පවත්වන ලද දේශනය)

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

6 days ago
Related News
විශේෂාංග

ඉන්දීය ආරක්ෂක ගිවිසුම සමග පොරබැදීම

විශේෂාංග

පුංචි ආණ්ඩු රණ්ඩු වන විට ගම් සභාවේ අගය වැටහෙයි

විශේෂාංග

ඉන්දීය ආරක්ෂක ගිවිසුම සමග පොරබැදීම

විශේෂාංග

සිනා සී මම කඳුළු සඟවා ගතිමි

විශේෂාංග

Voice Sri Lanka අවසන් මහා රාත්‍රිය ජුනි 14 වැනිදා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok