Friday, 6 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: මම ගත්ත තීරණ වැරදුනේ නැහැ – ගීත්මා බණ්ඩාර
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 6 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: මම ගත්ත තීරණ වැරදුනේ නැහැ – ගීත්මා බණ්ඩාර
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකඉරිදා සංග්‍රහය විශේෂාංගමීවිත

මම ගත්ත තීරණ වැරදුනේ නැහැ – ගීත්මා බණ්ඩාර

2 weeks ago
110 Views

මට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්

ගීත්මා බණ්ඩාර මුලින්ම ප්‍රේක්‍ෂකයන් හමුවට එන්නෙ සංගීතේ ටෙලි නිර්මාණයෙන්. ඇයට මේ ආරාධනය ලැබෙන්නෙ උසස් පෙළ පන්තියේ ඉගෙනගන්න කාලෙ. අද ඇය ටෙලි නාට්‍ය වගේම සිනමා රංගන ශිල්පිනියක්. ගීත්මා රංගනයෙන් දායක වන සිනමා නිර්මාණයක් ළඟදීම ඇයගේ රසිකයන්ට දැකබලාගන්න පුළුවන්. මීවිත සමග පිළිසඳරකදි ඇයගේ අලුත්ම තොරතුරු මේ විදිහට පැවසුවා.

මම ගත්ත තීරණ වැරදුනේ නැහැ - ගීත්මා බණ්ඩාර

ගීත්මා, ‘මා’ ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

‘මා’ ටෙලි නාට්‍යය පටන්ගනිද්දිම ඒ ගැන සමාජය ලොකුවට කතාකරන්න පටන්ගත්තා, හොඳ ප්‍රතිචාර ලැබෙන්න පටන්ගත්තා. එහි පිටපත, අධ්‍යක්‍ෂ වගේම රංගන ශිල්පීන් ශිල්පිනියන් ඒ හැම දේකම ලොකු- වෙනසක් වෙලා තියෙනව. ඒ වගේම අපි පෞද්ගලිකවත් දැක්කා සමාජමාධ්‍ය තුළ මේ ගැන කතා වෙනව.

ඔබට කොහොමද මේ අවස්ථාව ලැබෙන්නෙ?

මේ සඳහා සම්බන්ධ වෙන්න කියල මට ආරාධනා කරන්නෙ නිර්මාණයේ අධ්‍යක්‍ෂ ඉරේෂ් ලොකුබණ්ඩාර මහත්මයා. මම එතුමාගේ කලින් නිර්මාණයකත් වැඩකරල තියෙනව. ආරාධනය කරන මොහොතෙ එතුමා මට කිව්වා මේක මහේෂ් රත්සර මද්දුමආරච්චිගෙ වැඩක් කියල. පසුගිය කාලෙ මහේෂ් අයියගෙ හැම වැඩක්ම වගේ සුපර් හිට් එකක් වුණා. ඒකත් එක්ක හරිම ආසාවෙන් තමයි මම මේ වැඩේට සම්බන්ධ වුණේ. මහේෂ් අයිය හැම චරිතයක් ගැනම පෞද්ගලිකව හොයල බලල හදාගන්න ඕන තැන් ගැන හොඳ ගයිඩ් එකක් දෙනව.

මම ගත්ත තීරණ වැරදුනේ නැහැ - ගීත්මා බණ්ඩාර

ගීත්මා චමත්කාව දකින්නෙ මොන විදිහටද?

චමත්කා කියන්නෙ වතු නිවාස ආශ්‍රිතව හැදිල වැඩිල ඒ තුළ අසාධාරණයට ලක්වෙන තමන්ගෙම මිනිස්සු වෙනුවෙන් කතාකරන පෙරළිකාර චරිතයක්. රසිකයො ගොඩක් වෙලාවට මාව දැකල තියෙන්නෙ හුරතල්, දඟ චරිතවලින්නෙ. ඒකත් එක්ක මේ චරිතය මටත් පොඩි වෙනසක්.

ඔබ කොහොම ද මේ චරිතය වෙනුවෙන් හැඩගැහෙන්නෙ?

ඒ මිනිස්සුත් එක්කම ඔවුන්ගේ ජීවිතේට බැහැල, ඔවුන් කරන කියන දේවල් බලාගෙන, ගොඩක් දේවල් ඉගෙනගෙන තමයි නිර්මාණයේදි මම ඒ චරිතය තුළ ජීවත් වෙන්නෙ.

මම ගත්ත තීරණ වැරදුනේ නැහැ - ගීත්මා බණ්ඩාර

චරිතය ගැන ඔබට ආරාධනය කළ අධ්‍යක්‍ෂවරයාගේ ප්‍රතිචාරය?

අධ්‍යක්‍ෂවරයා මට කතාකරපු ගමන් කිව්වෙ ගීත්මා ඔයා හුරතල්, නමුත් මේ චරිතයෙදි හුරතල් වෙන්න එපා කියල වගේම ඇත්ත ජීවිතේ ඔයා සහ මේ නිර්මාණයේ ඉන්න ඔයා අතර වෙනස මිනිස්සුන්ට දැනෙන්න ඕන කියල. එයා අදටත් හැම සීන් එකකම පුංචිම දේවල් පවා මෙහෙම හදාගන්න කියල අපිට කියනව.

වෙනත් නිර්මාණ මොනවද?

අලුතින් චිත්‍රපට දෙකක රූගතකිරීම් කටයුතු සිදුකිරීමට නියමිතව තියෙනව. ඒ වගේම ‘කල්පනා’ චිත්‍රපටයේ අවසාන අදියරේ රූගතකිරීම් කටයුතු මේ දිනවල සිදුවෙනව. ඊට අමතරව ‘සංගීතේ’ ටෙලි නාට්‍යයේ රූගතකිරීම් සිදුකරනව.

‘සංගීතේ’ ඔබේ ජීවිතයට මොන වගේ වෙනසක්ද සිදුකළේ?

‘සංගීතේ’ කියන්නෙ මගේ ජීවිතය වෙනස් කරපු තැන. මගේ වටේ ගොඩක් ප්‍රේක්‍ෂකයො එකතුවෙලා මට ආදරය කරන්න පටන්ගත්තෙ සහ ගීත්මා බණ්ඩාර කියන නම කලා ක්‍ෂේත්‍රය තුළ ස්ථාපිත වුණේ ‘සංගීතේ’ නිසා. මගේ ජීවිතේ වෙනස්කරපු තැන කිව්වොත් හරි.

බොහෝ දෙනෙක් ආදරය කරන්නෙ ගීත්මාගේ රූපයට?

ඇත්තටම සතුටුයි ඒ ගැන. නමුත් මගේ පෙනුම හදාගන්න මම මුකුත් කරල නැහැ.

අසෙනිගෙ චරිතය නොලැබුණා නම් ගීත්මා අද මොනව කරයිද?

මම සංගීතේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නෙ උසස් පෙළ කරන කාලෙ. උසස් පෙළින් පස්සෙ මම කාලයක්ම ඉගෙනීම අතහැරියා. අවසානයේ විවෘත විශ්ව විද්‍යාලයේ සයිකොලොජි හදාරන්න පටන්ගත්තා. ෂූටිං කරන්න බැරි නිසා ඒකත් නවත්තනන සිදු වුණා. සංගීතේ, අසෙනිව හම්බවුණේ නැතිනම් මම ඉගෙනීම පැත්තෙන් ගොඩක් ඉස්සරහට ගිහින් තියෙයි.

මේ වන විට ඔබ වෘත්තීයමය රංගන ශිල්පිනියක්?

ඔව්, මගේ වෘත්තිය රංගනය කියන තැන හැමදාමත් මම හිටියා. ඒ නිසා රංගනයට තමයි මම මුල් තැන දීල තියෙන්නෙ. ඊට අමතරව මගේ ව්‍යාපාර කටයුතු කරගෙන ඉන්නව.

රංගනය කියන්නෙ ඔබේ හීනයක්ද?

නැහැ. මට තිබුණෙ කාලෙන් කාලෙට වෙනස්වෙන හීන. රංගන ශිල්පිනියක් වීම කියන්නෙ අහම්බයක්.

ඔබේ ජීවිතයේ තීරණ ගත්තෙ දෙමව්පියන්ද?

නැහැ, මගේ ජීවිතයේ ගොඩක් තීරණ ගත්තෙ මම මයි. කොහොම හරි මේ දේ කරනවා කියන තැන ඉඳන් තමයි මම ඒ තීරණ ගත්තෙ. මම හිතන්නෙ වාසනාවත් ඒ හැම දේකටම බලපාන්න ඇති. මේ වනතුරු මම ගත්ත තීරණ නිසා මම අද හොඳ තැනක ඉන්නව.

සිනමාවේ අත්දැකීම මොන වගේද?

මගේ පළමු වැනි සිනමා නිර්මාණය තමයි ‘කල්පනා’ කියන්නෙ. ඒ අත්දැකීම ගත්තොත් ඇත්තටම හරි සුන්දරයි.

රංගන ක්‍ෂේත්‍රය ගැන අදහස මොන වගේද?

ලංකාව කියන්නෙ හැමදාමත් දියුණු වෙන රටක් වගේම රංගන ක්‍ෂේත්‍රයත් ඒ වගේම තමයි. නමුත් මේ ක්‍ෂේත්‍රයේ මහා ලොකු වෙනස්කම් කරන්න ඕන නැහැ. තියෙන දේවල් රැකගෙන, යන දවසට තමන්ගෙන් දෙයක් කලාවට ඉතිරිකරල යනව නම් ඒක තමයි වටිනාම දේ.

ගීත්මාට චිත්‍ර අඳින්නත් පුළුවන්?

ඔව්, චිත්‍ර කලාව සම්බන්ධයෙන් යම්කිසි හැකියාවක් මට තියෙනව. ඒක උපයෝගී කරගෙන තමයි මම මගේ බතික් ව්‍යාපාරය පටන්ගත්තෙ.

මහේෂ් එදිරිසිංහ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

2 days ago

බල්තසාර් වැඩට

5 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

5 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

5 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

4 days ago
Related News
අතිරේක විශේෂාංග

පොතක පිටකවරය චිත්‍රපටයක පූර්ව ප්‍රචාරක පටයක් වගෙයි

අතිරේක විශේෂාංග

ඉසොප්ටේරා නව කතාවේ චරිත දීර්ඝ කාලයක් තිස්සේ සංයමයෙන් ගොඩනැගුවා – දිලිනි කෞෂල්‍යා ජයසූරිය

අතිරේක විශේෂාංග

මගේ ලෝකයේ හපන්කම්..

අතිරේක විශේෂාංග

කතරගම පූජා භූමියේ වැඩවිසූ කොස්ගම දෙවියෝ

අතිරේක විශේෂාංග

රුහුණේ සෑගිරිය මනරම් සිතුල්පව්ව

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok