දකුණු ආසියාතික කායවර්ධන සහ නිරූපන තරගාවලිය
2025 දකුණු ආසියාතික කායවර්ධන සහ නිරූපන ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ඉයන් ස්ටෙපඩ් ක්‍රීඩකයා ජීන් මොඩ්ල් (Jean Model) අංශයෙන් රන් පදක්කමක්, ෆිසික් මොඩ්ල් (Physique Model) අංශයෙන් රිදී පදක්කමක් සහ කායවර්ධන (Body Building) අංශයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගෙන ඊයේ (21දා) අලුයම දිවයිනට පැමිණියේය.
මෙම තරගාවලිය ඉන්දියාවේ මුම්බායි නුවර ඉකුත් 18 සහ 19 යන දිනවල දකුණු ආසියානු කළාපයේ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 97 දෙනකුගේ සහභාගිත්වයෙන් පවත්වා තිබුණි.
ඉයන් ස්ටෙපඩ් කොළඹ, මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අවිවාහක තරුණයෙකි .
මීට අමතරව මෙම තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා යෝග්‍යතා සම්මේලනයේ ලේකම් අකිල ශාමික ප්‍රනාන්දු මහතා හට ජාත්‍යන්තර විනිසුරු පදවියක් ද හිමි වී තිබේ.
කටුනායක – ටී.කේ.ජී. කපිල