ශ්‍රී ලංකා අමරපුර මහ නිකාය පිහිටුවා වදාළ බෝධිසත්ව ගුණෝපේත මහකරාවේ වැලිතර ශ්‍රී ඤාණවිමලතිස්ස මහ නාහිමියන්ගේ 191 වැනි සැමරුම් අමරපුර ආදි කර්තෘ සම්භාවනා ජාතික මහෝත්සවය ඊයේ වැලිතරදී පැවති අවස්ථාවේදී අවුරුදු 100කට වඩා ආයු වැඩ සිටින දෙවිනුවර සිරි සුනන්ද නාහිමියන් (103), රන්නුවල පුරාණ විහාරාධිපති කුඩාහීල්ලේ පඤ්ඤාසේකර නාහිමි (102) හා තවත් පිරිසකට සන්නස් පත්‍ර ප්‍රදානයක් ද සිදුවිය. අමරපුර මහ නිකායේ උත්තරීතර මහ නායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රි මූර්ති මාහිමියෝ ඇතුළු හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම මහෝත්සවය අමරපුර මූලවංශික පාර්ශ්වයේ මහ නායක අහුන්ගලේ විමලධම්ම තිස්ස මාහිමියන්ගේ මඟපෙන්වීම මත පැවැත්විණි. එහි අවස්ථාවකි මේ.

බලපිටිය – අනුර යසමිත්