Thursday, 10 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඇප ඉල්ලීම විසිවෙයි: වෛද්‍ය මහේෂි යළි ඇතුළට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 10 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඇප ඉල්ලීම විසිවෙයි: වෛද්‍ය මහේෂි යළි ඇතුළට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ඇප ඉල්ලීම විසිවෙයි: වෛද්‍ය මහේෂි යළි ඇතුළට

July 9, 2025
435 Views

2-3 සැකකරුවන්ට ඇප

රු. 55,000කට ගෙන්වා ගත් ඖෂධ 1,75,000ට රෝගීන්ට විකුණලා – පොලිසිය

දියණියගේ පැමිණිල්ල ගැන කරුණු දැක්වීමට කුරුඳුවත්ත OIC ට නොතිසි

දූෂණ චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය සැකකාරිය ලබන 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ (08දා) නියෝග කළාය.

එම සැකකාරියගේ දියණිය වන අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියකට හා විමර්ශන සිදුකරන පොලිස් පරීක්ෂකවරයකුට තර්ජනය කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තරුණිය කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත නොතිසි යැවීමට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

පසුගිය 4 වැනිදා පස්වරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ භූමිය තුළදීම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මියට හා පොලිස් පරීක්ෂක දිලුම් දුෂාන් මහතාට මරණීය තර්ජන කළැයි මෙම නඩුවේ පළමු සැකකාරියගේ දියණිය වන හේමමාලි අනිත්ත්‍රා විජේරත්න නමැත්තිය සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය ඉරිදා කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කර ඇතත් එම පැමිණිල්ල සිදු කළේ සිකුරාදා පස්වරු 5.00ට ලෙස හැඟෙන පරිදි පොලිසිය දිනය හා වේලාව වෙනස් කර සටහන් තබා ඇති බවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් කළ කරුණු දැක්වීම් සම්බන්ධයෙන් විමසීමට කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා කැඳවීමට නියෝග කළාය. සැකකාරියගේ දියණියට සිංහල භාෂාව හරි හැටි කතා කිරීමට හෝ තේරුම් ගැනීමට නොහැකි බවට විත්තියේ ජනාධිපති නීතිඥවරයා පැවසුව ද ඇය කෙසෙල්වත්ත පොලිසියට භාරවීමට පෙර කුරුඳුවත්ත පොලිසියට එම පැමිණිල්ල කර ඇත්තේ ද සිංහල භාෂාවෙන් බව විමර්ශන නිලධාරීහු කියා සිටියහ.

එම නඩුවේ දෙවන හා තෙවන සැකකරුවන් ලෙස නම් කොට රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රධාන ලිපිකරුවකු ලෙස රාජකාරි කළ පුද්ගලයා හා ඖෂධ අලෙවි කළ ආයතනයක සේවය කළ පුද්ගලයා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප හා රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප බැඳුම්කර මත මුදාහැරීමට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය. එකී සැකකරුවන් විදේශගත වීම වළක්වමින් තහනම් නියෝගයක් ද නිකුත් කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය හමුවේ තැන්පත් කරන ලෙසට ද නියෝග කළාය.

සැකකාර වෛද්‍යවරියට ඇප ලබාදුනහොත් ඉදිරි විමර්ශනවලට බාධාවක් එල්ල විය හැකි බවත් දේශපාලන බලය ද හිමි බලවත් තැනැත්තියක වන ඇය පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන තමන්ට මෙන්ම විමර්ශන සිදුකරන නිලධාරීන්ට ද පාරේ බැස යා නොහැකි තරමට තර්ජන එල්ල වී ඇති බවත් එහිදී අධිකරණයට පෙන්වා දුන් සහකාර අධ්‍යක්ෂ (නීති) සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය එම සැකකාරියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටියාය. එම වෛද්‍යවරිය එමා ෆාමා ආයතනයෙන් රුපියල් 55,000කට ගෙන්වාගත් ඖෂධ රුපියල් 1,75,000කට රෝගීන්ට අලෙවි කර ඇති බවත් රෝගීන්ගේ ජීවිත උකසට තබා සිය මඩිය තර කරගෙන ඇති එම වෛද්‍යවරිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කිරීමට ඇතැයි ද විමර්ශන මෙහෙය වන පොලිස් පරීක්ෂක දිලුම් දුෂාන් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය. ඇගේ එම ජාවාරම සම්බන්ධයෙන් රෝහල් පාලනාධිකාරියට එක්තරා රෝගියකුගේ ඥාතියකු කළ පැමිණිල්ලකට අදාළ හඬ පටයක් සොයා ගැනීමට හැකි වූ බවත් එහි හඬ පරීක්ෂාවක් සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවත් විමර්ශන මෙහෙයවන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට පැවැසීය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පාරිශුද්ධ ආයතනයක් නොවන බවත් විමර්ශන නිලධාරීන් සිදුකරනුයේ විමර්ශන මුවාවෙන් අහිංසක පුද්ගලයන් දඩයම් කිරීමක් බවත් පෙන්වා දුන් දෙවන හා තෙවන සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා එකී අයුතු ක්‍රියා කලාපයට එරෙහිව නීතිය ප්‍රජාව සටන් කරනා බවද පැවසීය. සිය සේවාදායකයන් මෙම නඩුකරයට පැටලීමට විමර්ශන නිලධාරීන් කටයුතු කර ඇති බැවින් අහිංසක පුද්ගලයන් වන ඔවුන් එකී වරදට පටලවා විමර්ශනය කිරීමට ඉඩ නොදෙන ලෙසට ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කුරුඳුවත්ත පොලිසිය මෙම නඩුවේ පළමු වන සැකකාරියගේ දියණිය කළ පැමිණිල්ලේ දිනය හා වේලාව වෙනස් කර ඇති බව අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරිය පැවසූ අවස්ථාවේදී එම නිලධාරිනිය අධිකරණය නොමඟ යැවීම සඳහා අසත්‍ය කරුණු දක්වන බව පැවසූ සැකකාර වෛද්‍යවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා බොරු නොකියන ලෙස ඇයට දැඩිව පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

July 7, 2025

කතරගම එදා දඩ මස් වෙනුවට බලු මස් අද ගම් කුකුළු මස් වෙනුවට මොනර මස් ?

July 6, 2025
Related News
ප්‍රධාන පුවත්

කෙහෙල්බද්දර පද්මේ මැලේසියාවේදී කොටු?

ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරය පිල්ලෙයාන් කලින්ම දැන ඉඳලා – විමර්ශන නැවතත් අලුතින් ආරම්භ කළා

ප්‍රධාන පුවත්

පෝදා සිතුවිලි – ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඇසළ පොහොය

ප්‍රධාන පුවත්

අරගල සමයේ ජොනීගේ හෝටලයට හානි කළ 10 දෙනා වරද පිළිගනිති – බරපතළ වැඩ සහිත අත්හිටුවූ සිරදඬුවම්

ප්‍රධාන පුවත්

හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇප මත මුදාහරී

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok