Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වෛද්‍ය මහේෂිගේ දියණියත් රිමාන්ඩ්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වෛද්‍ය මහේෂිගේ දියණියත් රිමාන්ඩ්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

වෛද්‍ය මහේෂිගේ දියණියත් රිමාන්ඩ්

July 8, 2025
327 Views

අල්ලස් කොමිසමෙන් කෙසෙල්වත්ත පොලිසියෙන් වෙන වෙනම නඩු 2ක්
සිංහල හරි හැටි බැරි ඇය කිව්වේ ‘උඹලා මරනවා නොව මම මැරෙනවා’ කියලයි
විත්තියේ නීතිඥවරු

පසුගිය 4 වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ භූමිය තුළදීම සිය මවට එරෙහිව ගොනු කර තිබූ නඩුව මෙහෙයවූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ (නීති) සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මියට මරණීය තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ වෛiවරියක වන මහේෂි විජේරත්නගේ දියණිය වන හේමාලි අනීත්ත්‍රා විජේරත්න නමැත්තිය හෙට (09දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය ඊයේ (07දා) නියෝග කළාය.

එකී තර්ජනය සිදුකළේ යැයි කියන දිනයට අදාළව අධිකරණ පරිශ්‍රයේ සවිකර ඇති සීසීටීවී කැමරාවල දර්ශන ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමට කෙසෙල්වත්ත පොලිසය කළ ඉල්ලීමට අවසර ලබාදුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විත්තියේ නීතිඥවරුන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එම නියෝගය නිකුත් කළාය. ඇයට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අල්ලස් පනතේ 125 වගන්තියේ 2 වන උප වගන්තිය අනුව එක් නඩුවක් ගොනුකර තිබූ අතර ලැබුණු පැමිණිලි ඔස්සේ විමර්ශනය කළ කෙසෙල්වත්ත පොලිසියද වෙනම නඩුවක් පවරා තිබිණි.

21 හැවිරිදි සිය සේවාදායිකාව විදේශ රටක (ඇමරිකාවේ) උසස් අධ්‍යාපනය ලබන අයකු බවත් සිංහල භාෂාව නිසිලෙස කතා කිරීමට නොහැකි තැනැත්කියක වන ඇය පවසා ඇත්තේ “උඹලා මරනවා” කියා නොව “මම මැරෙනවා” කියා වන්නේ යැයි එම නඩු දෙක කැඳවූ අවස්ථාවේදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු නීතිඥවරු අධිකරණයට පෙන්වා දුන්හ.

කෙසේ නමුත් සීසීටීවී දර්ශන ලබාගෙන සිදුකරන විමර්ශන අවසන් වනතෙක් සැකකාරියට ඇප ලබාදීම නුසුදුසු බවට නිගමනය කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එම රක්ෂිත නියෝගය නිකුත් කළාය.

නීතිඥවරයකු මාර්ගයෙන් ඊයේ උදෑසන කෙසෙල්වත්ත පොලිසියට භාරවූ එම සැකකාරියගේ ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් කෙසෙල්වත්ත පොලිසිය ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි. ඇයට සිංහල භාෂාව නිවැරදිව කතා කිරීමට නොහැකි බව විත්තියේ නීතිඥවරුන් අධිකරණයට පැවැසීමෙන් අනතුරුව එකී නීතිඥවරුන් ඇමැතූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය උඹලා මරනවා යැයි පැවැසීමත් මම මැරෙනවා යැයි පැවැසීමත් අතර වෙනස් අර්ථයක් නොමැති දැයි විමසා සිටියේය.
ඒ.ජේ.ඒ. අබේනායක

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025
Related News
ප්‍රධාන පුවත්

ඇහැලේපොළ පරපුර මහනුවර යළි උපදී…

ප්‍රධාන පුවත්

තවත් ඝාතනයකට මීගොඩ නිවසක සැඟවී සිටියදී – කොස්ගම කුලී වෙඩික්කරු ඇතුළු 3ක් මාට්ටු

ප්‍රධාන පුවත්

උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් කලුකැලේ ගොවීන් දෙදෙනාට වන්දි ගෙවන්න අරලගංවිල හිටපු OICට නියෝග

ප්‍රධාන පුවත්

අන්තර්ජාල සේවා සඳහා ඔක්. 01 දා සිට 18% වැට් බද්දක්

ප්‍රධාන පුවත්

ඇමෙරිකානු විරෝධී බ්‍රික්ස් රටවලට ට්‍රම්ප්ගෙන් සියයට 10ක අමතර බද්දක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok