Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඇහැලේපොළ පරපුර මහනුවර යළි උපදී…
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඇහැලේපොළ පරපුර මහනුවර යළි උපදී…
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ඇහැලේපොළ පරපුර මහනුවර යළි උපදී…

July 8, 2025
1312 Views

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ඇහැලේපොළ වලව්වේ ඉදිකොට ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉටි පිළි රූ කෞතුකාගාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 17දා ජනගත කෙරේ.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතාගේ මූලික සංකල්පය, නායකත්වය සහ මෙහෙයුම මත මෙම ඉටි පිළි රූ කෞතුකාගාරය ඉදිකර ඇත.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ රාජ්‍ය පාලන සමයේ මහාධිකාරම් තනතුර දැරූ ඇහැලේපොළ අධිකාරම් සහ ඇහැලේපොළ කුමාරිහාමි ඇතුළු දූ දරු පිරිස විසූ ඇහැලේපොළ වලව්වේ තොරතුරු ද සහිතව මෙම කෞතුකාගාරය ඉදිකර තිබේ. 1592 සිට 1815 දක්වා වූ කන්ද උඩරට ඉතිහාසයේ රජවරු, සියම් දේශයෙන් මෙරට උපසම්පදාව ගෙනෙන ලද ප්‍රවර උපාලි හිමියෝ, මල්වතු අස්ගිරි උභය විහාරයන්හි මහා නායක ස්වාමීන් වහන්සේලා, වැලිවිටියේ සරණංකර සංඝරාජ හිමි ඇතුළුව කන්දඋඩරට සිවිල් පරිපාලනය, ඉංග්‍රීසි පාලන සමයේ චරිත ඇතුළු ඉතිහාසය නියෝජනය කරන චරිත තිස් හයකින් සමන්විත ඉටි පිළි රූ නිර්මාණය කොට ඇති මෙම කෞතුකාගාරය මාස දාසයක් වැනි කෙටි කලකින් නිර්මාණය වූවක් බව ඇහැලේපොළ වලව්ව ඉටි පිළි රූ කෞතුකාගාරයේ ව්‍යාපෘති භාර මෙහෙයුම් ප්‍රධානී දීගායු අභයනායක මහතා පැවසීය.

දියවඩන නිළමේ නිලංග දෑල මහතාගේ මූලික සංකල්පයක් මත අදාළ ව්‍යාපෘතිය අතිරේක ජනාධිපති ලේකම් (විශ්‍රාමික) රෝහණ කීර්ති දිසානායක, හිටපු මධ්‍යම පළාත් පුරාවිද්‍යා කොමසාරිස් බී.එම්.ජේ.බී. දිසානායක යන මහත්වරුන්ගේ සහ මධ්‍යම පළාත් බෞද්ධ කොමසාරිස්වරයාගේ පූර්ණ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වූවකි. මේ සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසඥ මහාචාර්ය රෝහිත දිසානායක, සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය (විශ්‍රාමික) එච්.එම්.ඩී.ආර්. හේරත්, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය අනුර මනතුංග යන මහත්වරුන්ගේ පර්යේෂණාත්මක දත්ත සහ පාරම්පරික තොරතුරු මත මෙම කෞතුකාගාරය නිර්මාණය කොට ඇත.

මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විරාජණී කරුණාරත්න, මහාචාර්ය ගයත්‍රී රණතුංග, ආචාර්ය ප්‍රබෝධ මුණසිංහ යන මහත්ම මහත්මීන්ගේ පාරම්පරික ඇඳුම් පිළිබඳව දත්ත විශ්ලේෂණයෙන් හා ඉතිහාසය සහ පුරාවිද්‍යා ගවේශක චාමිකර පිලපිටිය මහතාගේ ගවේෂණාත්මක දත්ත සැපයීම ඔස්සේද මේ සඳහා තොරතුරු ඒකරාශී කොට ඇත. ඔවුන්ගේ අධීක්ෂණය සහ ඉපැරණි රාජකීය ජීවදත්ත තොරතුරු සැපයීම මත ඉටි පිළි රූ නිර්මාණය කොට ඇත්තේ ස්වකීය දක්ෂතා මත නිර්මාණකරණයේ නියැළී සිටින නිර්මාණකරුවකු වන ගම්පොළ අතුල හේරත් මහතා විසිනි.

කෞතුකාගාර පරිශ්‍රයේ ඉටි පිළි රු කෞතුකාගාරයට මූලිකත්වයක් හිමිවන අතර පැරණි දේශීය ආහාර සම්ප්‍රදායන් රකිමින් රජු වළඳන ලද ආහාරවලට සමාන රාජකීය භෝජන ප්‍රතිනිර්මාණය කරමින් පැරණි ආහාර වට්ටෝරු සහිත භෝජනාගාරයක් ද, දේශීය කර්මාන්තකරුවන්ගේ නිර්මාණ ප්‍රවර්ධනය සඳහා ඉදිකරන ලද අලෙවිසලක්ද, ශාස්ත්‍රීය කටයුතු ගෞරවාන්විත මට්ටමින් පවත්වාගෙන යෑම සඳහා මැද මිදුලක් ද මෙහි ඉදි කර ඇත.

පත පොතෙන් ඉස්මතු වූ ඉතිහාස දැනුමට වඩා ඒ ඔස්සේ නිර්මාණය වූ චිත්ත රූප නිර්මාණයක් ලෙස මෙම ඉටි පිළි රූ නිර්මාණය වී ඇති බවද, මෙය දළදා මාලිගාව ඔස්සේ සමාජගත විය යුතු ජාතික යුතුකමක් කොට සලකා බුදු දහමට අධ්‍යාපනයට ඉතිහාසයට හා සංස්කෘතියට ඉටු කළ අනර්ඝ සේවාවක් යුතුකමක් වගකීමක් ලෙස තමන් සලකන බව දියවඩන නිලමේ නිලංග දෑල මහතා කියා සිටියේය.
සමන්ති වීරසේකර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025
Related News
ප්‍රධාන පුවත්

තවත් ඝාතනයකට මීගොඩ නිවසක සැඟවී සිටියදී – කොස්ගම කුලී වෙඩික්කරු ඇතුළු 3ක් මාට්ටු

ප්‍රධාන පුවත්

උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් කලුකැලේ ගොවීන් දෙදෙනාට වන්දි ගෙවන්න අරලගංවිල හිටපු OICට නියෝග

ප්‍රධාන පුවත්

අන්තර්ජාල සේවා සඳහා ඔක්. 01 දා සිට 18% වැට් බද්දක්

ප්‍රධාන පුවත්

ඇමෙරිකානු විරෝධී බ්‍රික්ස් රටවලට ට්‍රම්ප්ගෙන් සියයට 10ක අමතර බද්දක්

ප්‍රධාන පුවත්

වෛද්‍ය මහේෂිගේ දියණියත් රිමාන්ඩ්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok