Saturday, 5 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ නෑ: සැත්කම් කරන්න ක්‍රමයක් නෑ: ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 5 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ නෑ: සැත්කම් කරන්න ක්‍රමයක් නෑ: ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ නෑ: සැත්කම් කරන්න ක්‍රමයක් නෑ: ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි

July 5, 2025
147 Views

අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ නොමැතිව ශල්‍යකර්ම සිදුකළ නොහැකි බව දැනුම්දෙමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු ඉල්ලා අස්වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

එම ආරංචිමාර්ග සඳහන් කරන පරිදි එසේ ඉල්ලා අස්වී ඇත්තේ, විශේෂඥ වෛද්‍ය කෞශල්‍ය කරුණාරත්න (Consultant orthopedic surgeon) යි. මේ අතර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරුන් විසින් රෝගීන් සඳහා බාහිරින් ඖෂධ නියම කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ද වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බාහිරින් ඖෂධ ලබා ගැනීම සඳහා නව නිර්ණායක නිල වශයෙන් නිකුත් කරන තෙක් මෙම තීරණය ක්‍රියාත්මක වන බව එම වෛද්‍යවරු පවසති. බාහිරින් ඖෂධ නිකුත් කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට ඇතිවන නීතිමය ගැටලු හේතුවෙන් මෙලෙස බාහිරින් ඖෂධ නියම කිරීමෙන් වැළකී සිටීමට ඔවුන් තීරණය කර ඇතැයි පැවසෙයි.

මෙම තත්ත්වය හටගෙන ඇත්තේ,

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිදුවීමෙන් පසුවය. එම වෛද්‍යවරුන් කියන්නේ, තමන්ට සිරගත වීමට නොහැකි බවත්, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වගකීම භාරගෙන රෝගීන්ට සාධාරණයක් ඉටු කරන ලෙසත්ය.

මෑතකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන නිලධාරියකුගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී වෛද්‍යවරුන් සිය ස්ථාවරය පැහැදිලි කර ඇත. එහිදී, රෝගීන් සඳහා බාහිරින් ඖෂධ ලබා දීම සඳහා අනුගමනය කළ යුතු නිල නිර්ණායක කඩිනමින් නිකුත් කරන තෙක් මෙම පියවර ගන්නා බව ඔවුන් දැනුම් දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ ප්‍රධානියා මේ සඳහා කඩිනමින් මැදිහත් වී ගැටලුවට විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වී ඇති බව වාර්තා වේ.

සුජීව තත්සර

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

ගෙල බැඳි රන් මාලයත් පැහැරගෙන පාපතරයකුට බිල්ලක්වූ කුරුවිට මධුෂානි

ප්‍රාදේශීය පුවත්

මරණ දඬුවම හිමි කුඩු තමිල් ලෙඩ වී මියයයි

ප්‍රාදේශීය පුවත්

හලාවත දී බසයක් ගසක හැපී රියැදුරු ඇතුළු 21 කට තුවාල

ප්‍රාදේශීය පුවත්

ඇල්ලෙන් ත්‍රි’මලේට ගිය අධ්‍යාපන චාරිකාව: බීමත් රියැදුරුට මාස 2 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් සහ දඩ

ප්‍රාදේශීය පුවත්

කුරුවිට දොඩම්ඇල්ලේදී තරුණියගේ ගෙල කපා මරා රන්මාලය කොල්ලකයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok