Saturday, 5 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ගෙල බැඳි රන් මාලයත් පැහැරගෙන පාපතරයකුට බිල්ලක්වූ කුරුවිට මධුෂානි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 5 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ගෙල බැඳි රන් මාලයත් පැහැරගෙන පාපතරයකුට බිල්ලක්වූ කුරුවිට මධුෂානි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

ගෙල බැඳි රන් මාලයත් පැහැරගෙන පාපතරයකුට බිල්ලක්වූ කුරුවිට මධුෂානි

July 5, 2025
188 Views
ඝාතනයට ලක්වූ ශාලිකා මධුෂානි

මගේ ඉල්ලීමකට කැමති නොවුණු නිසා මම මේක කළා – පාපතරයා පාපොච්චාරණය කරයි

මේ දුක කොහොම උහුලන්නද: ඇයි මගේ දුවට මේ අපරාධය කළේ – මධුෂානිගේ පියා

තරුණියගේ දුරකථනය ‘මාලය’ ගමන් බෑගය කැලයක තිබී සොයාගැනේ

“වැඩට ගිහින් එන දුවව බලන්න මම ගියා. ඒ යනකොට දුවව ගහක් ළඟ මරලා දාලා තිබුණා. දුව ගහක් ළඟ වැටිලා හිටියේ. ඇයි දෙයියනේ මගේ දුවට මේ වගේ අපරාධයක් කළේ. දුවගේ රන් මාලයයි, හෑන්ඩ් ෆෝන් එකයි, බෑග් එකයි ළඟ තිබුණේ නැහැ. පස්සේ අපි දුවව රත්නපුර රෝහලට රැගෙන ගියා. මගේ දුවට මේ අපරාධය කරපු කෙනාට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න කියලයි ඉල්ලන්නේ” යැයි කුරුවිට, දෙවිපහළ, දොඩංඇල්ල ප්‍රදේශයේ දී ඝාතනයට ලක්වූ ශාලිකා මදුෂානි නමැති 26 හැවිරිදි අවිවාහක තරුණියගේ පියා දැඩි කම්පනයෙන් යුතුව පැවසීය.

මෙලෙස ඝාතනයට ලක්වූ ශාලිකා කුරුවිට මැණික් කැපීමේ ස්ථානයක රැකියාව කළාය. කුරුවිට, දෙවිපහළ, දොඩංඇල්ල ප්‍රදේශයේ නිවාස කිසිවක් නොමැති කැලෑබද මාර්ගයකදී මෙම අපරාධය සිදුව තිබුණේ ජූලි 02 වැනිදා සවස 5.30ට පමණය.

ශාලිකා කුරුවිට රැකියාව කරන ස්ථානයට යෑමට දිනපතා නිවසින් පිටත් වනුයේ උදේ 6.00 ට පමණය. එලෙස සුපුරුදු ලෙස ජූලි 02 වැනිදා නිවසින් පිටත්වූ ඇය බස් රථයෙන් රැකියාවට ගොස් රැකියාව නිමකර නිවසට පැමිණෙන අවස්ථාවේ මෙම සිද්ධියට මුහුණපා තිබිණි.

ඇය බස් රථයෙන් නිවසට යෑමට පැමිණ දොඩංඇල්ල හන්දියෙන් බැස පාගමනින් යද්දී මෙම සිද්ධියට මුහුණපා තිබේ. සිය දියණියට අත්වූ විපතින් කම්පනයට පත් පියා, මව ප්‍රදේශවාසීහු පසුව මේ ගැන කුරුවිට පොලිස් ස්ථානය දැනුවත් කර තිබේ. ඒ අනුව පොලිසිය එම ස්ථානයට පැමිණ විමර්ශන ආරම්භ කළේය. ඒ වනවිටත් ශාලිකා මදුෂානි තරුණියව පිරිස රෝහලට රැගෙන ගොස් තිබිණි.

පොලිසිය මෙම විමර්ශනය කඩිනම් කරගැනීම සඳහා පොලිස් නිල සුනඛයකු ද රැගෙනවිත් තිබිණි. මද වේලාවකට පසු පොලිස් නිල සුනඛයා අදාළ අපරාධය සිදුකළ ස්ථානයට පැමිණ සිටි තරුණයකු අසල නතර විය. ඒ සමගම පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරන්නට වීමත් සමග සැකකටයුතු ලෙස හැසිරෙන්නට විය. ඔහු 17 හැවිරිදි තරුණයෙකි. ඔහු ඝාතනය සිදුකළ බව පිළිගෙන තිබේ. සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමග කෝපයට පත් ගම්වාසීහු ඔහුට පහර දෙන්නට උත්සාහ ගැනීමත් සමග ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් හට ගැනිණි. සැකකරුව ත්‍රිරෝද රථයට නැංවීමේදී ගම්වාසීහු කලහකාරීව හැසිරෙන්නට වීමත් සමග පොලිසිය අහසට වෙඩි තබන්නට විය.

කුරුවිට පොලිස් ස්ථානාධිපති ප්‍රසන්න වැලිකල

අනතුරුව සැකකරු පොලිසිය වෙත රැගෙනවිත් ප්‍රශ්න කරන්නට විය. එහිදී ඔහු මෙලෙස පොලිසිය වෙත පාපොච්චාරණයක් සිදුකර තිබේ.

“සර් මම මදුෂානිට කැමැත්තක් තිබුණා. මම දවස් ගාණක් එයාගේ පස්සේ ගියා. මම අවස්ථා කිහිපයකදීම එයාගෙන් කැමැත්ත ඇහුවා. මං ඔයාට කැමතියි මාව විවාහ කරගෙන ජීවත් වෙන්න කැමති ද කියලා ඇහුවා. ඒත් එයා පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඒ නිසා දෙකෙන් එකක් විසඳගන්න මට උවමනාව තිබුණා.

“මං ජූලි 02 වැනිදා කලවානේ ලොකු අම්මාගේ ගෙදර හිටියේ. ඒ ගෙදරින් බත් කාලා 3.00 ට විතර ගෙදරින් ආවා. මම රත්නපුර ටවුන් එකේ කඩේකින් ග්ලව්ස් දෙකක් හා කුරුවිටින් බ්ලේඩ් තලයක් අරගෙන ආවා. “මදුෂානි හවස 6.00 ට විතර වැඩ ඇරිලා ආවා. ඒ එනකොට මම ඇයව නතර කරගෙන කිව්වා මට කැමති වෙන්න කියලා. ඒත් එයා කැමති වුණේ නැහැ. පස්සේ මම එයාව කැලේට තල්ලු කරගත්තා. එවිට එයා මට පහර දෙන්න වුණා. ඒ අවස්ථාවේ මම බ්ලේඩ් එක අරන් එයාගේ බෙල්ල කැපුවා. එයා ළඟ තිබුණු එයාගේ හෑන්ඩ් ෆෝන් එකයි, රන් මාලයයි, හෑන්ඩ් බෑග් එකයි අරන් ගියා.” ඝාතනයට ලක්වූ තරුණියව බලහත්කාරයෙන් අපයෝජනයට ලක් කිරීමේ උත්සාහයක් සැකකරු විසින් දරන්නට ඇතැයි සැකකරන බවද පොලිසිය පවසයි. කරාටේ සටන් කලාව දන්නා තැනැත්තියක වූ බැවින් ඈ සැකකරු සමග පොරබදා ආරක්ෂාවී තම පතිවත ද රැකගැනීමට තරම් එඩිතර වී තිබිණි. සැකකරු ඇයගේ ගෙල කපා ඇත්තේ ඇය සමග සටන් කිරීම අසීරුවීම හේතුවෙන් බව සැකකරන්නේ යැයි පොලිසිය කියයි.

ඝාතනයට ලක්වූ තැරුණියගේ මුහුණ ඇතුළු සිරුරේ ගස්වල කටු ඇනී සීරී තිබූ බවත් සැකකාර තරුණයාගේ සිරුරේ ද එවැනිම ආකාරයේ කටු ඇනීම්වලින් තුවාල සිදුවී තිබූ බවත් පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු ඝාතනයට ලක්වූ තරුණියගේ නිවසේ සිට මීටර් 500ක් පමණ දුරින් පිහිටි නිවසක ව්‍යාපාරිකයකුට අයත් වත්තක සේවය කරමින් සිටි අයකු බවට හෙළිවිණැයි පොලිසිය කියයි.

සැකකරුගෙන් තවදුරටත් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහු තරුණියගෙන් කොල්ල කෑ රන්මාලය, ජංගම දුරකථනය හා අත්බෑගය දොඩංඇල්ල කැලෑවේ සඟවා තිබියදී සොයාගත් බවද පොලිසිය පවසයි. සැකකරු ඊයේ (04දා) රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අතවර කරන්නට උත්සාහ ගත් අපරාධකරු සමග සටන් වැදී තම පතිවත රැකගත් මධුෂානිගේ ඒ ඝාතනයෙන් මුළු කුරුවිටම එකම මළගමක් බවට පත්ව තිබේ.

මේ පිළිබඳව සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න හා රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මංජුල මහගිරිඇල්ල යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ කුරුවිට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න වැලිකල මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදයශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් නිශ්ශංක (42980), පොලිස් කොස්තාපල්වරුන් වන සම්පත් (83605), රජිත (86650), සුරේෂ් (27184), අරුණ ශාන්ත (78686), පොලිස් කොස්තාපල් රියැදුරු නලින්ද (85949) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ කිරිඇල්ල – ඩී. කේ. කුමාර

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

මරණ දඬුවම හිමි කුඩු තමිල් ලෙඩ වී මියයයි

ප්‍රාදේශීය පුවත්

හලාවත දී බසයක් ගසක හැපී රියැදුරු ඇතුළු 21 කට තුවාල

ප්‍රාදේශීය පුවත්

ඇල්ලෙන් ත්‍රි’මලේට ගිය අධ්‍යාපන චාරිකාව: බීමත් රියැදුරුට මාස 2 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් සහ දඩ

ප්‍රාදේශීය පුවත්

අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ නෑ: සැත්කම් කරන්න ක්‍රමයක් නෑ: ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි

ප්‍රාදේශීය පුවත්

කුරුවිට දොඩම්ඇල්ලේදී තරුණියගේ ගෙල කපා මරා රන්මාලය කොල්ලකයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok