මෙරට ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නාරාතොට හේවගේ තමිල් අජිත් කුමාර හෙවත් ‘දෙවුන්දර කුඩු තමිල්’ නමැත්තා ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (04 වැනිදා) මියගොස් ඇත.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනීමැරුම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිරගත කර සිටියදී හදිසි රෝගාබාධයක් නිසා කුඩු තමිල් නමැත්තා රෝහල්ගත කර තිබිණි.
එසේ ප්‍රතිකාර ලබමින් සිටි කුඩු තමිල් ඊයේ උදෑසන මියගොස් ඇති බව රෝහල් ආරංචිමාර්ග කියා සිටියේය.
ගාල්ල, බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිරදඬුවම් විඳිමින් සිටියදී කුඩු තමිල් මෙසේ අසනීප වී තිබිණි.
ඉකුත් 2000 වර්ෂයේ නොවැම්බර් මාසයේ දිනක නඩු විභාගයකට යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයකට වෙඩි තබා පස්දෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුඩු තමිල්ට මරණ දඬුවම හිමි විය.
හේමන්ත රන්දුණු