Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සුවසෙවන රෝහල සහ ශ්‍රී ලංකා යුද හමුදාව අත්වැල් බැඳගනී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සුවසෙවන රෝහල සහ ශ්‍රී ලංකා යුද හමුදාව අත්වැල් බැඳගනී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

සුවසෙවන රෝහල සහ ශ්‍රී ලංකා යුද හමුදාව අත්වැල් බැඳගනී

July 6, 2025
89 Views

මහනුවර ප්‍රදේශයේ ප්‍රමුඛතම පෞද්ගලික සුවසේවා සපයන්නකු වන සුවසෙවන රෝහල පසුගිය දා ශ්‍රී ලංකා යුද හමුදාව සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹුණේය. ඒ සුවසහන රක්‍ෂණ යෝජනා ක්‍රමයට දායකත්වය ලබා දෙමින් යුද හමුදා නිලධාරීන්ට සුවසෙවන රෝහල හරහා සෞඛ්‍ය සේවාවේ සහනදායී ප්‍රතිලාභ අත්කර දීමේ අරමුණෙන් යුතුවය. ජාතිය ආරක්‍ෂා කිරීම සඳහා දිවි හිමියෙන් කැපවන යුද හමුදා නිලධාරීන්ට සහන සැලසීමට සුවසෙවන රෝහල විසින් දක්වන කැපවීම මෙම ගිවිසුම හරහා තහවුරු විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් බ්‍රිගේඩියර් ප්‍රනාන්දු මහතා, මේජර් ධනුෂ්ක කුමාර මහතා සහ ලුතිනන් කර්නල් ප්‍රේමචන්ද්‍ර මහතා සහභාගි වූ අතර සුවසෙවන රෝහල වෙනුවෙන් එහි ව්‍යාපාර සංවර්ධන අංශ ප්‍රධානී ශ්‍රීමත් වැලිවිට මහතා, අලෙවි විධායක ලක්‍ෂානි පෙරේරා මෙනෙවිය සහ ව්‍යාපාර සංවර්ධන නිලධාරී අශාන් ප්‍රේමචන්ද්‍ර මහතා සහභාගි වූහ. මෙම ගිවිසුම හරහා යුද හමුදා සාමාජිකයන්ට ගුණාත්මක සුව සේවාවක් වෙත ප්‍රවේශ වීමට ඇති අවස්ථා පුළුල් කරමින් ඉහළ ප්‍රතිලාභ අත් කර දෙනු ඇත.

මෙම අවබෝධතා ගිවිසුමට අනුව සුවසහන රක්‍ෂණ හිමියන් සුවසෙවන රෝහලේ ඇතුළත් වීමේ ගාස්තුවලින් නිදහස් කරන අතර බාහිර රෝගී අංශයෙන් නොමිලේ උපදේශන සේවා ලබා ගැනීමටත් සුවිශේෂී වට්ටම් යටතේ වෙනත් විවිධ වෛද්‍ය සේවාවන් ලබා ගැනීමටත් අවස්ථාව සලසා ඇත. CT ස්කෑන්, MRI, Mammograms, X-rays සහ Ultrasounds ඇතුළු රසායනාගාර පරීක්‍ෂණ සහ විකිරණ පරීක්‍ෂණ සඳහා මෙන්ම ECHO සහ ECG පරීක්‍ෂණ සඳහා ද 20%ක වට්ටමක් හිමි වන අතර සුවසෙවන රෝහලේ නේවාසික වෛද්‍ය පහසුකම් ලබා ගැනීමේදී ද එම වට්ටම වලංගු වේ. මීට අමතරව හෘද සැත්කම් සඳහා රු. 50,000/=ක වට්ටමක් ලබා දෙන අතර රෝහලේ සිට කිලෝමීටර් 10ක දුරින් සිටින රෝගීන් සඳහා නොමිලේ ගිලන් රථ සේවාවක් ද සපයනු ඇත. සුවසහන රක්‍ෂණ යෝජනා ක්‍රමය යුද හමුදා නිලධාරීන් වෙනුවෙන් වෛද්‍ය ආධාර සහ මූල්‍යමය ආධාර සම්පාදනය කිරීම අරමුණු කර ගත්තකි. රෝහල් ගතවීම්, මාරාන්තික රෝග සහ ආබාධිත තත්ත්වයන් ආශ්‍රිත වියදම්වලදී සැළකිය යුතු මූල්‍ය ආවරණයක් ලබා දෙන මෙම රක්‍ෂණ යෝජනා ක්‍රමය රටේ සාමය ගොඩනැංවූ යුද හමුදා නිලධාරීන්ට මානසික සාමය පවත්වාගෙන යාමට මහෝපකාරී වෙයි.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025
Related News
ගණුදෙනු ලොව

AI තාක්ෂණයෙන් යුත් ස්මාර්ට් ජංගම දුරකතන අතර විප්ලවීය වෙනසකට මුල පුරමින්….සිංගර් සමාගම HONOR 400 නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙයි

ගණුදෙනු ලොව

SLT-MOBITEL ශ්‍රී ලංකාවේ විශාලතම සිංහල චිත්‍රපට හා විනෝදාස්වාද OTT e- වේදිකාව වන ‘රූපහල’ සමග අත්වැල් බැඳගනී

ගණුදෙනු ලොව

MAS Holdings AICPA සහ CIMA – JXG Pinnacle 2025 සම්මාන උළෙලේදී රන් සම්මාන තුනකින් පිදුම් ලබයි

ගණුදෙනු ලොව

සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ වඩාත් ආදරය දිනූ සාමාන්‍ය රක්ෂණ සන්නාමය බවට නැවතත් පත්වෙයි

ගණුදෙනු ලොව

AMF සමාගම 2024/25 මූල්‍ය වර්ෂය සඳහා රු. බිලියන 1.78 ක බදු පෙර ලාභයක් උපයයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok