LMD සඟරාව විසින් නිවේදනය කරන වාර්ෂික සන්නාම නාමාවලියේ 2025 සංස්කරණයට අනුව ශ්‍රී ලංකාවේ වඩාත් ආදරය දිනූ සාමාන්‍ය රක්ෂණ සේවා සන්නාමය බවට පත්වීමට ලැබීම පිළිබඳව සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම තම හෘදයාංගම කෘතවේදීත්වය සිය වටිනා පාරිභෝගිකයන් වෙත මෙන්ම සියලු ශ්‍රී ලාංකිකයන් වෙත පිරිනමයි.
Pepper Cube Consultants සමීක්ෂණ ආයතනය මගින් දිවයින පුරා පුළුල්ව තෝරාගත් නියැඳියන් ඔස්සේ නවීනතම සමීක්ෂණ ක්‍රමවේද සහ දත්ත විශ්ලේෂණ තාක්ෂණ ක්‍රමවේද භාවිතා කර ශ්‍රී ලාංකිකයන්ගේ වඩාත් ආදරය දිනූ සහ ඔවුන්ගේ හැඟීම්වලට වඩාත් සමීප වූ සන්නාම නාමාවලියක් ප්‍රසිද්ධ කරන ලදී. සිය නවතම සන්නාම නාමාවලිය නිවේදනය කරමින්, “සන්නාමයක් ලෙස පාරිභෝගිකයන්ගේ සිතුම් පැතුම් සමග හොඳින් සම්බන්ධවීම අතිශය වැදගත් වෙනවා. සාර්ථක සන්නාම, පාරිභෝගික අවශ්‍යතාවයන් මෙන්ම අපේක්ෂාවන් සපුරාලමින් සන්නාමය තමාගේ යැයි හැඟීමක් පාරිභෝගිකයා තුළ ඇති කර ප්‍රබල සබඳතාවයක් ගොඩනගනවා” යනුවෙන් LMD සඟරාව අවධාරණය කරයි.
මෙම සුවිශේෂ ජයග්‍රහණ පිළිබඳව සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ හිමිකාර සමාගම වන සෙලින්කෝ හෝල්ඩින්ස් පීඑල්සී හි විධායක සභාපති/ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණවර්ධන මහතා අදහස් දක්වමින්, “මේ වගේ දුෂ්කර කාල වකවානුවක අපේ ප්‍රධානම ප්‍රමුඛතාවය තමයි වැඩි වටිනාකම් සහ ඉහළ ප්‍රතිලාභ ලබාදෙමින් ජනතාවට දැනෙන මේ අමාරුකම් සඳහා සහනයක් ලබාදීම. එක් වරක් පමණක් නෙවෙයි නිරන්තරව මේ විදියට අපව පිළිගැනීමට මෙන්ම සම්මානයට පාත්‍රවීම ගැන ඇත්තට අපට තියෙන්නෙ නිහතමානී ආඩම්බරයක්. ඒ පිළිබඳව, අප සමග විශ්වාසයෙන් බැඳී සිටින අපගේ සියලු පාරිභෝගිකයන්ට, කොටස්කරුවන්ට වගේම අනෙකුත් සහකරුවන්ටත් අපගේ හෘදයාගම කෘතඥතාවය පළ කරන්න කැමතියි. නව අදහස් වර්ධනය කරමින් නව්‍ය හඳුන්වාදීම් නිරන්තරයෙන් සිදුකිරීමට අප හැමවිටම අපගේ කාර්ය මණ්ඩලය ධෛර්යමත් කරනවා. සමාගම සිය පාර්ශ්වකරුවන්ගේ අපේක්ෂාවන් හොඳින් හඳුනාගෙන නව සංවර්ධන ක්‍රමෝපායන් ඔස්සේ ඒවා සාර්ථක කරගැනීමට කැපවෙලා ඉන්නෙ පාරිභෝගිකයන්ගේ ජීවන තත්ත්වය ද උසස් කරමින්. ඒවගේම, ඉහළම මට්ටමේ සේවා විශිෂ්ටතාවයක් පවත්වාගැනීම ගැන මම සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ කාර්ය මණ්ඩලයට ස්තූති කරන්න කැමැතියි.” යනුවෙන් පැවසීය.
සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රෙක්ස් ගුණතිලක මහතා අදහස් දක්වමින්, “LMD වාර්ෂික සන්නාම නාමාවලියේදී “ශ්‍රී ලංකාවේ වඩාත් ආදරය දිනූ සාමාන්‍ය රක්ෂණ සේවා සන්නාමය” බවට පත්වීම මෙන්ම 2025 SLIM Kantar People’s Award සම්මාන උළෙලේ දී “ජනතාවගේ සාමාන්‍ය රක්ෂණ සේවා සන්නාමය” ලෙස ගෞරවයට පාත්‍රවීම මගින් ඔප්පුවන්නේ සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින ජනතාවට සමීප වී ඔවුන්ගේ ගෞරවය හා විශ්වාසය දිනා ඇති බවයි. එමෙන්ම ලබාදුන් පොරොන්දු ඉටුකරන කොටස්කරුවෙක් වී ඇති බවයි. අපගේ සියලුම සෙලින්කෝ VIP ON THE SPOT රක්ෂණ ඔප්පු මගින් පාරිභෝගිකයන්ට සුවිශේෂ ප්‍රතිලාභ රැසක් ලබාදෙන්නේ ඒවා සෙලින්කෝ ඪෂඡ වෙතින් පමණක් හිමිවන බවට ගැරන්ටි සහතිකයක්ද සමගින්. අපගේ සුවිශේෂ රක්ෂණ විසඳුම්, පාරිභෝගිකයා කේන්ද්‍රකරගත් සංස්කෘතිය මෙන්ම ආර්ථික අර්බුදය සමයේ ජනතාවට අප ලබාදුන් සහයෝගය අපගේ සාර්ථකත්වයේ පදනම ලෙස අප සලකනවා.” යනුවෙන් පැවසීය.